Monday, April 17, 2017

2020 මැතිවරනයෙන් මේ රටේ ජනතාවගේ දෛවයත්... දේශපාලකයාගේ ඉරනමත්... තීන්දු කරනා බව සපත කරමි. - සෝභිතාවතාර

 2020 මැතිවරනයෙන් මේ රටේ ජනතාවගේ දෛවයත්...
දේශපාලකයාගේ ඉරනමත්... තීන්දු කරනා බව සපත කරමි. 

සෝභිතාවතාර 

දිගින් දිගටම නොවෙනස්ව රටේ පවතිනා පාදඩ අවස්ථාවාදී දේශපාලන ක්රමයත් විශේෂයෙන් විධිමත් නායකයෙකුටවත් රට කිරීමට ඉඩ නොදෙනා නිළධාරීවාදයෙනුත් රට මුදවා ගැනීමේ තීරනාත්මක කඩඉම සෝභිත හිමියන්ගේ 2020 අවසන් මෙහෙයුමට ඒකාබද්ධ වන්න මාපිය වැඩිහිටි සියල්ලෝම තම තමන්ගේ දරුමල්ලන් හට අාදරයක් අැත්නම්ද... තමන් නැති කලෙක ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරනු පිනිසද... දැන් සිටම සැමතින්ම කඳවුරු ලා පෙල ගැහෙන්න. යමපාලනයට තිත තැබූ (කියූ දේ කල... කල දේ කී) 2015 ජනවාරි 08 අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ නියමුවානන් අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ දර්ශනය වෙත ඒකරාශී වන්නයි නැවත නැවතත් සිහිපත් කරමින් උන්වහන්සේ තම අාතූරයා ලවා ජනගත කරවනා වගයි.

2020 මැතිවරනය මේ රටේ ජනතාවගේ දෛවයත්... දේශපාලකයාගේ ඉරනමත් තීන්දු කරනා තීරනාත්මක සාධකය බවට පත් කරන්නට සිතට ගන්න අදිටන් කර ගන්න. පෙල ගැසෙන්න. සීරුවෙන් සිටින්න. අවස්ථාව පැමිනෙන තුරු මඳක් ඉවසන්න. දෙවරක් නොසිතා ක්රියාත්මක වන්න. ලෝකයක් වෙනස් කල හැකි වූද... උඩු යටිකුරු කල හැකි වූද.. ඔබේ ඒ අද්විතීය පරමාධිපත්යය බලය නොබියව නොසැලී තීරනාත්මකව පාවිච්චි කරන්න.

හොරුන් තක්කඩියන් දූෂිතයින් රජ කල යුගයට තිත තබනා... ඔබත්
ඔබේ සැමත් මතු පරපුරත් දිනවනා නව්ය අාණ්ඩු ක්රමයක් නව්ය වූ ජන බලයක් නව්ය වූ කුළුඳුල් නායකත්වයක් සමග මෙරට දේශපාලන සංස්කෘතිය සැබවින්ම පාරිශුද්ධද වූ නවමු යුගයක් කරා ඉතිහාසය පුරාම අවස්ථාවාදී දේශපාලකයා නිසා විනාශ මුඛයට පිවිසි අප සැමගේ මේ අති උතුම් වූ මාතෘ භූමිය ඔසවා තැබීමේ පුණ්ය කර්මයට දායක් වන්න පසුතැවෙන්නට කිසිදු ඉඩක් මොහොතකට තබා නොගන්නට නම් අවසන් මොහොතේ අවස්ථාවාදීන් පැමින පුදනා තෑගි බෝග සිල් රෙදි බ්රේස්ලට් එකී නොකී දොල පිදේනි කිසිවක් තම දරු මල්ලන්ගේ නාමයෙන් පිලි නොගන්න. 

මෙම අවවාදය වත්මන් තරුණ පරම්පරාවන් හට දීමට අවශ්යය නොවන්නේ කල යුතු දේත් විය යුතු දේත් මේ වන විටත් ඔවුන් තීරනය කර අවසන්ව අැති නිසාය.

සෝභිතාවතාර නිරන්තරවම විශ්වයේ සිට මෙහෙයුම් සකස් කරමින් ඔබ සැම වෙනුවෙන්ද තම සිහිනය යථාර්තයක් වන තුරුද වැඩ වසන වගයි.

සෝභිත අාතූරයා සත්පුරවැසියා
2017/04/17


No comments:

Post a Comment