
Monday, January 1, 2018
Thursday, November 16, 2017
ලෙච්ඡවී නි/ර/ල් - උනුවන තෙක් දිය සැලියේ.... කකුළුව රඟදෙයි එම දිය සැලියේ...
සම්මුතිය බිඳිමින් ජනපති අපහසුතාවයට පත්කරවනා එජාප නායක කැස්බෑවාගේ දහම්ගැට සබුද්ධික ජනයාට එකපුලියේ...
අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ මෙහෙයැවීමෙන් 2015 ජනවාරි 08 වැනි දින සිදු කෙරුනු අවිහිංසාවාදී දේදුනු විප්ලවය මගින් රටේ සබුද්ධික ජනතාව වැරදි පූර්වාදර්ශ දෙමින් දූෂනය සහ භීෂනය නමැති කැලෑ නීතිය රජ කරවමින් රට වැරදි දිශාන්තයකට රැගෙන ගිය රාජපක්ෂවාදී දුර්දාන්ත පාලනය නෙරපා හැර පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මැතිතුමන් ජනපති ලෙස අභිෂේක කරවන ලදී.
ඉන් අනතුරුව පැවති මැතිවරනයෙන්ද පොදු අපේක්ෂක වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිතුමන්ගේ ජයග්රහනය තව තවත් තහවුරු වූයෙන් එතුමානන්ගේ නායකත්වයෙන් සම්මුතිවාදී ජාතික අාණ්ඩුවක් බිහි කෙරිනි.
නමුත් ඒ සියල්ලටම පෙර ජනපති අගමැති දෙපැත්තෙන් ජෝඩු දමා කැළණිය වඳින්නටද ගිය හැටිත් කොයි කාටත් හොඳට මතකය.
කෙසේ වෙතත් ජනපති අගමැති කාෙතෙකුත් පාරම් බෑවේනම් අපි ජනප්රිය වන්නට හෝ ඡන්ද බලාගෙන හෝ නොව ජාති අාගම් කුල මල භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරණ සමාජයක් බිහිකරලීමේ සෝභිත හිමියන්ගේ සිහිනය යථාර්තයක් කිරීමට හැකි සියළු දේ ඉටු කරනා වගයි. නිසල දේහය අභියස සපත කලේද එයමැයි....!
නමුත් යහපාලනය නමැති නාමිකව පමනක් වන මෙම රජය පිහිටුවා වසර 3 ක් ගතවෙමින් පැවතියද සෝභිත හිමියන් අැතුළු 62 ලක්ෂයක් වූ දේදුනු ජනතාව අපේක්ෂා කල තරම් කෙරුවාවක් පිලිබිඹු කරවීමට වත්මන් නායක දෙපල අසමත්ව අැත්තේ දූෂිත ගජමිතුරන් අාරක්ෂා කරලීමේ දෙපිටකාට්ටු සහ දෙදෙනාතර තනි අතට නොව දෙපැත්තට කඹ අැදීමේ ප්රතිපත්තීන් අනුගමනය කරමින් පවතිනා බව දැන් දැන් පෙනෙන්නට අැති නිසාය.
එකිනෙකා තම පාට පක්ෂ නියායේ කඳවුරු බලය රැක ගැනීමේ බල අරගලය හමුවේ මුල සහ අරමුන අමතක කොට සෝභිත මාහිමිපානන්ගේ විරෝධය නොතකා ජනමත විචාරනය පසෙකලා පැවැත්වීමට යෝජිත එලෑඹෙන පලාත් පාලන මැතිවරනය ඉලක්ක කර සිදු කරනා දහම් ගැටදැයි මේවා යන්න විටෙක සැක පහලවේ.
කෙසේ වෙතත් කවුරු මොනවා කීවත් ජනපතිට පවතිනා තරම්වත් උවමනාවක් යහපාලනවාදී ප්රජාවගේ සහ සෝභිත හිමියන්ගේ අභිලාෂයන් ඉෂ්ඨ සිද්ධ කරලීමේ කිසිදු උවමනාවක් අවශ්යයතාවයක් අගමැති තුල නොමැති බව දැන් ඉතා පැහැදිලිය.
ඔහුට අවශ්යව අැත්තේ මේ කිසිවක් නාෙව දුසිම් ගනනින් රට හමුවේ පරාජය වී නායකත්වය පවා අභියෝගයට ලක්ව පක්ෂය තුල අසරනව කොටුවී සිටි පසුගිය වකවානුව තුල සරන ගිය මහින්ද සරනං ගඡ්චාමී අාරක්ෂා කරලීම සහ ලොක්කා සහ කෙරුමා වගේ වරෙක හිටපු ජනපතිනිය චනද්රිකාගේ වකවානුවක කෙටි කලක් අගමැතිව හිතුවක්කාර ලෙස අාණ්ඩු කල අාකාරයට දැනුදු වත්මන් ජනපතිගේ රුචි අරුචිකම් කිසිත් නොතකා අයෑම්ද මෑන් වගේ අාණ්ඩු කරමින් වැඩ පෙන්වීමට පමනි.
මොහුගේ බලකොටුවට අයත් කෘත්යාධිකාරී මණ්ඩලය පමනක් හැර ජනපති, ජනතාව සහ තම පක්ෂ සාමාජිකයින් කිසිවෙක් කොපමන දරදිය අැද තිබුනත් මොහුට වගේ වගක් හෝ කෘතගුණ ශීලීත්වයක්වත් අහලකවත් නැත.
සිතා සිටින්නේ දැන් තමන් අමරනීය අගමැති සහ අනාගතයේදී අමරනීය විධායක අගමැති කියාය. (උනුවන තෙක් දිය සැලියේ.... කකුළුව රඟදෙයි එම දිය සැලියේ...)
නමුත් විශ්වයේ හිඳිමින් මේ සියල්ල දෙස ඉතා සීරුවෙන් යුතුව බැලුම් හෙලමින් සිටිනා සෝභිත හිමියන්ගේ අාත්මයට කල හැකි දෑ පිලිබඳ මොහුට අවබෝධයක් නොතිබීම මොහුගේ සතර කේන්රය පාලු වුනු අවාසනාවයි.
======================================
කෙසේ වෙතත් රන්ජන් රාමනායක අසරනයා නිකුත් කර අැති (https://twitter.com/RamanayakeR/status/930865779972571136) ට්වීටර් පනිවිඩයේ සඳහන් 2017/11/15 එනම් අද දින එජාපයේ කෘත්යාධිකාරී මණ්ඩලයේ යෝජනා සම්මතය කාටවත් වැඩක් නැත. මේවා නුදුරු පලාත් පාලන මැතිවරනය ඉලක්ක කර එජාපවාදී ඡන්ද දායකයා රැවටීමට ප්රකාශිත සිරිකොත විහිළුය.
සම්මුතිවාදී රජයක් යැයි පවසන්නේ නම්... සාමයෙන් රැස්ව සාමයෙන් සාකඡ්චා කොට සාමයෙන් විසිර යන අගමැතිගේ ලෙච්ඡවී සංඛල්පය වචනවලට පමනක් සීමාවුනු පච බව මෙම ක්රියාවෙන්ද මොනවට පිලිබිඹු වේ.
මෙවන් වූ සුවිශේෂී තීන්දු තීරන පක්ෂක්ග්රාශීව ගත යුතු නොවේ. ජාතික අාණ්ඩුවේ සියළු පාර්ශව ඒකරාශීව ගත යුතු වැදගත් තීරන ඒක පාක්ෂිකව ගැනීමෙන් අන්යයන් කලකිරීමටත් අපහසුතාවයටත් පත්වනා බව මෙම මැටි අගමැතිටත් ගොබ්බයන් සපිරි කෘත්යාධිකාරයටත් නාෙවැටහුනේ මුන්ගේ සැමදාමත් පවතිනා උද්දච්ච කම නිසා බව දන්නෝ දනිති.
කෙසේ වෙතත් වසර තුනකට අාසන්න කාලයක් කල් මර මරා සිටි ගජ මිතුරන් රකිනා නීතිය නවනා ප්රෝඩාව යලිත් පලාත් පාලන මැතිවරනය ඉලක්ක කොට ජනගත කරනා මෙවන් වූ වංචනික මාධ්යය සංදර්ශනවලට සබුද්ධික ජනයානම් නොරැවටේ.
සෝභිතාවතාර විශ්වයේ සිට සබුද්ධික ජනතාව සමග අවධානයෙන්
2017/11/17
======================================
Wednesday, November 8, 2017
සෝභිත හිමියන්ගේ දෙවැනි ගුණ සමරුවේදී (ජයග්රාහී පොදු අපේක්ෂකයා) අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන් සිදුකල විප්ලවීය කථාව
විශ්වයේ වැඩ වසනා අපවත් වී වදාල මාදුළුවාවේ
සෝභිත මාහිමිපානන් ප්රීති ප්රමෝදයට පත්කරවූ සෝභිත හිමියන්ගේ දෙවැනි ගුණ සමරුවේදී (ජයග්රාහී පොදු අපේක්ෂකයා) අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන් සිදුකල විප්ලවීය කථාව
නිර්දේශපාලනීය වූ සබුද්ධික සියළු ජනතාවනි සමහර හිතාගන්නට බැරි ලෙස මෑතක සිට දේශපාලනීය කරනය වෙමින් පවතිනවාදෝ යන සැකයට භාජනයව පවතිනා එක්තරා කීර්තිමත් සමාජ මාධ්යය ජාලයක් බොරුවට බඩ රිදෙනවා යැයි කියා ඉස්කෝලේ නොයනා පොඩි එකෙකුගේ තත්ත්වයට වැටෙමින්....
තම වෙබ් අඩවිය තුල බොරු දෝෂයක් මවා පෙන්වමින් තවමත් අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ දෙවන ගුණ සමරුවේදී එනම් ඊයේ 2015 ජනාධිපතිවරනයේදී පොදු අපේක්ෂකයාවී දේදුනු විප්ලවය ජයගත් වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන් සිදුකල විප්ලවීය වූ පක්ෂ භේදයෙන් තොර අපක්ෂපාතී කථාව තවමත් ජනගත නොකොට කල් මරමින් සිටිනා බව පෙනේ....!
එනිසා සබුද්ධික ජනතාවනි මේ සියල්ල අවබෝධ කොටගෙන තම දූ දරුවන්ගේ සාධාරන වූ යහපත් සුරක්ෂිත අනාගතය උදෙසා 2020 සෝභිත හිමියන්ගේ අවසන් මෙහෙයුම වෙනුවෙන් සියල්ලෝම එකාමෙන් අත්වැල් බැඳගෙන සූදානම් වන්න.
සෝභිත හිමියන් විශ්වයේ සිට ඉතිරි හරිය වග බලාගනු අැත.
========================================
විශ්වයේ වැඩ වසනා අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් ප්රීති ප්රමෝදයට පත්කරවූ සෝභිත හිමියන්ගේ දෙවැනි ගුණ සමරුවේදී (ජයග්රාහී පොදු අපේක්ෂකයා) අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන් සිදුකල විප්ලවීය කථාව ඔබ සැමට දැන් පහලින් ක්ලික් කර ශ්රවනය කල හැක...
සෝභිතාවතාර
2017/11/09
Monday, November 6, 2017
අාණ්ඩුවට සෝභිතාවතාරයෙන් දැඩි අවවාදයක්
අාණ්ඩුවට සෝභිතාවතාරයෙන් දැඩි අවවාදයක්
====================================
‘පෙට්‍රල් හිඟයට අපි වග කිව යුතු නෑ: චෝදනා බොරු‘: ඉන්දීය තෙල් සමාගම අර්ජුනගේ රෙදි ගලවයි: කෘතිම තෙල් හිඟයට හේතුව සිරිසේනලාගේ කළු සල්ලි බිස්නස් වල යොදවන ගෑස් වෑගපිටිය තෙල් ව්‍යාපාරයටත් ඇතුළු කිරීමද?
(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.07, පෙ.ව.5.45)
Thursday, November 2, 2017
පාට පක්ෂ පාදඩ දේශපාලනයේ යථා ස්වභාවය මෙයයි...
-----------------------------------------
ගම්පහ දිස්ත්රික් තමන්ගේ නැන්දනිය සමග පවා විරසක කොට දේශපාලනික වශයෙන් අසීරු තත්ත්වයකට පත්කොට සියුම් ලෙස පල නොකියා පලා බෙදීමේ එජාප නායක තියරියේ තවත් එක් උප්පරවැට්ටියක් බව පෙනේ...ශ්ලනිපයේ ශ්රීපති සූරියාරච්චි වැනි දිවි හිමියෙන් කැප වී පක්ෂය ගොඩ ගත් නිර්භීත් මිනිසුන්ට උනේත් මෙවැනිම වූ සන්තෑසියකි.
පාට පක්ෂ පාදඩ දේශපාලනයේ යථා ස්වභාවය එයයි. පාට පක්ෂ පාදඩ දේශපාලනයේ යථා ස්වභාවය එයයි. එකම කාසියක දෙපැත්තයි...!
ඒ නිසා නහයට උඩින් ගියාට පසු තව කොපමන ගියත් ප්රශ්නයක් නැති නිසා මෙම සන්දර්භය තුලම සිට උපක්රමශීලී ප්රති ප්රහාරාත්මකව අසවලාට ගනන් බේරමින් හෝ බලයට කෑදරව අසූචි බුදිනා අසික්කිත දේශපාලන සංස්කෘතියේ තව දුරටත් නොරැඳී රන්ජන් කල යුතු වන්නේ අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ 2020 අවසන් මෙහෙයුම වෙනුවෙන් කඳවුර බැඳ ඒ තුලට තම සේනා බලමුළු ගැන්වීමය.
සෝභිතාවතාර විශ්වයේ සිට සබුද්ධික ජනතාව සමග අවධානයෙන්
2017/11/03
http://www.lankaenews.com/news/6587#comment
Tuesday, October 31, 2017
සෝභිතාවතාර 62/ලක්ෂයක් සබුද්ධික ජනතාව සමග ජාත්‍යයන්තර ට්‍රාන්ස්පේරන්සි ආයතනය යොමු කරනා පෙත්සම.
======================================================================================
බැඳුම්කර සිද්ධියේ සිට වසර 10 ක් අාපස්සට ශ්රී ලංකාවේ පසුගිය දූෂිත ඉතිහාසය සම්බන්ධයෙන් පූර්න සොයා බැලීමක් සිදු කර අවිහිංසක රටවැසියන් හට වාර්තාවක් ලබා දෙන ලෙස ජාත්‍යයන්තර ට්‍රාන්ස්පේරන්සි ආයතනය වෙත පැමිනිල්ලක් ලෙස මෙය ඉදිරිපත් කරමින් යෝජනා කර ඉල්ලා සිටිමු.
සෝභිතාවතාර 62/ලක්ෂයක් සබුද්ධික ජනතාව සමග ජාත්‍යයන්තර ට්‍රාන්ස්පේරන්සි ආයතනය වෙත යොමු කරනා පෙත්සම.
2017/11/01
https://www.facebook.com/sathpurawasiya/posts/481605838886066
https://t.co/La4zUxNyu0
http://www.lankaenews.com/news/6586/si
Sobithawathara - Sri Lanka
Saturday, October 14, 2017
විගඩමේ නොදුටු පැතිකඩ උපේක්ෂාවෙන් දකිමු...
චන්ද්‍රිකා අත්තනගල්ල ආසන සංවිධායක ධූරයට පත් කිරීම විගඩමක්..!
(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.15, පෙ.ව.2.00)
පුවතට අටුවාටිකාවක්... සෝභිතාවතාරයෙන්.
=================================================
මෙතුන්ලොව පහල වුනු කිසිදු ජනාධිපතිවරයෙකු සිදු නොකල සුවිශාලතම දේශපාලනික විහිළුව සහ පහත් ඝනයේ මිනිසුන් පමනක් සිදුකරනා කුහකකම සිදුකල ශ්රීලංකාද්වීපයේ හිටපු මුද්ධ ජනපති වම්බොටු මහින්ද සිදුකල විගඩම/අලකලංචිය හේතුවෙන් අවිහිංසක ශ්රීලංකා වාසීන් හට යහපාලනයක් දැකීමට පැවති දේදුනු සිහිනය සැබෑවටම දේදුන්නක් බවට පත්කරවනා තත්ත්වයක් වාතාවරනයක් රට තුල නිර්මානයව පවතී.
හිටපු ජනාධිපතිවරයා කෙතරම් වටිනා කාර්යය භාරයක් තම දේශපාලනික ඉතිහාසය තුල සිදු කර අැතත් සිදුකල මෙකී පාප කර්මය හමුවේ සබුද්ධික ජනතාවගේ ශාපයෙන් ඔහුට කිසිදා අත්මිදිය නොහැකි වීම නියතයෙකි.
කෙසේ වෙතත් සමස්ථ සබුද්ධික ජනතාවට යහපාලනය මිරිඟුවක් කල හිටපු ජනාධිපතිවරයාගේ කාලකන්නි බල තන්හාව හේතුවෙන් වත්මන් ජනාධිපතිවරයා පත්ව සිටිනා බරපතල දේශපාලනික අසරන භාවයන් සබුද්ධික කොයි කවුරුත් ඉතාමත් යථාවබෝධයෙන් යුතුව තේරුම් බේරුම් කර ගත යුතුව අැත.
ඒ නිසා අඩුපාඩු පෙන්වා දෙන අතරම භේදයකින් තොරව සමස්ථ ජනතාවගේත් සියළුම දේශපාලකයින්ගේත්, හිටපු සියළුම ජනපතිවරු/වරියන්ගේත් ප්රජාතන්ත්රවාදී අයිතීන් හට මේ වනතුරු කිසිදු බලපෑමක් සිදුනොකල යහපාලන ජනාධිපතිවරයා අනවබෝධකම් සහ නොයිවසීම් හමුවේ අසරන භාවයට පත් කාෙට යක්ෂයාගේ අභිප්රායයන් ඉටු කරලීමේ අනුවන කම් සිදුකොට දිවි පරදුවට තබා දිනාගත් සෝභිත හිමියන්ගේ අවිහිංසාවාදී දේදුනු විප්ලවය අාපස්සට හැරවීමට කිසිදු හිඩැසක් නොතැබීමට ඉතාමත් සංයමයෙන් යුතුව කොයි කවුරුත් එකාසේ වගබලා ගත යුතුය.
වර්තමානයේ සිදුවෙමින් පවතිනා යම් යම් සුදුසු/නුසුදුසු ක්රියාකාරකම් සියල්ල මහින්ද ගොයියාගේ අඵයට ගිනිද, දිය යටින් ගෙන යන ගින්දර සහ දියරෙද්දෙන් බෙලි කපනා රටක හිටපු නායකයෙකුගේ අසික්කිත අවිචාරවත් කම් වෙනුවෙන් වන සාපෙක්ෂතාවාදී උපාය මාර්ග මිස නියම යහපාලනයවත් පැවති යමපාලනයේ දෙවන පරිඡ්චේදයවත් නාෙවනා බව සෝභිතාවතාර විශ්වයේ හිඳිමින් දිවැසින් දකිනා සත්යයයි.
කෙසේ වෙතත් සියළු රට වැස්සන් හට අවධාරනය කල යුතුව අැත්තේ 77දී බිහිවූ කාලකන්නි විධායක ව්යවස්ථාවෙන් පසු බිහිවුනු සියළු ජනාධිපතිවරුන් හට අඩුවැඩි වශයෙන් ලබා දුන් කාල පරාසයන් හමුවේ වත්මන් ජනාධිපතිවරයා හටද සාධාරන කාලයක් ලබා දීමට තරම් සියල්ලෝම සාධාරන විය යුතු බවය.
සෝභිතාවතාර මෙසේ වදාරා සිටිනුයේ වත්මන් ජනාධිපතිවරයාට තරම් තමාගේම ජාතිය විශේෂයෙන් (සිංහල/බෞද්ධ) හිංසා පීඩා බාධා අපහාස උපහාස කෙනහිලිකම් සිදුකල තවත් අයෙක් මෙතෙක් පහල නොවූ නිසාය.
කෙසේ වෙතත් අක්ඥාණවන්ත ශ්රීලංකා කාරයින් ගොනාට අන්දවා අත පොහොට්ටුව බවට පරිනාමය කර ගැනීමට නූල් සූත්තර දමනා තමා තවමත් ශ්රීලංකානිදහස් පක්ෂ වාදියෙකැයි කියමින් පක්ෂය තුල නාමිකව හිඳිමින් සැඟවී පහර දෙන නිවට නියාලු හිටපු නායකයාගේ සටකපටනම් වෙනුවෙන් ප්රතිචාර දැක්වීමටත් අදෘශ්යමාන අභියෝගයට ශක්තිමත්ව මුහුන දීමටත් උපාය මාර්ගික වීමටත් නිසා හිටපු ජනපතිනියද.. කිසිදින සිදු නාෙකිරීමට සිතා සිටි දේවල් පවා සිදු කරමින් පරස්පර විරෝදී විගඩම් නටන්නට සිදුවීම අසාධාරන නැත.
කුමක් කෙසේ වෙතත් 2020 දී තම නිල කාලය අවසන් වන විට සෝභිත හිමියන්ගේ නිසල දේහය අභියස සපත කල පොරොන්දු යහපාලනයෙන් හෝ යමපාලනයෙන් හෝ ඉටු කිරීමට වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන වගබලා නොගතහොත් මහින්දට සිදුකල සන්තෑසියෙන්ම කියූ දේ කරනා... කරනා දේ කියනා.... සෝභිත හිමියන්ගේ අවසන් මෙහෙයුම සක්රීය වීම වලක්වනු යක්ෂයාටවත් නොහැකි වනු අැත.
සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව සමගින්
2017/10/15
Subscribe to:
Posts (Atom)








