Wednesday, September 20, 2017

හදවතක් නැති පහත් මිනිසුන් හට හදවතක් අැති හරකාගෙන් වැඩ ටිකක්...

===================================================
 හදවතක් නැති පහත් මිනිසුන් හට හදවතක් අැති  හරකාගෙන් වැඩ ටිකක්...
===================================================
කවුරු කාට කොහොම නින්දා කලත්... කවුරු කාෙහොම කෙදිනක වැරදි කලත් නොකලත්... කිව යුතු ඉතා වැදගත් යමක් අැත.

සාමාන්යයෙන් අප රටේ දේශපාලන ඉතිහාසයේ විරලම සිදුවීම් තමයි... සුදුස්සාට සුදුසු තනතුර හිමි කරදී නොතිබීම.

එසේ බලනා කල යම් යම් අඩුපාඩු සහ දුර්වල කම් අැතත් වත්මන් ජනපති සහ සෞඛ්යය අමාත්යය වරයා පිලිබඳ වැදගත් යමක් සෝභිතාවතාර හට ජනතාව වෙත ප්රකාශ කල යුතුව අැත.

එනම් වත්මන් ජනාධිපති සුදුසුකම් අනුව රාජිත අමාත්යය වරයාට සෞඛ්යය අංශය බාරදී අැත. ඉතිහාසයේ සිදුවූ පරිදි පත්කල ඒ පුද්ගලයා අදාල ක්ශේත්රයට වැදගත් යමක් සිදු කරනා කල ඔහුව උස්සලා අරන් වෙනත් අමාත්යාංශයක් වෙත අත හැර නැත. ඒ අනුව සුදුස්සාට සුදුසු වගකීම් ලබා දීමේ වත්මන් ජනපතිගේ දැක්ම නිවැරදිය. අගය කල යුතුය.

එමෙන්ම වෛද්යය වරයෙකු මෙන්ම අප රටේ සෛඛ්යය ක්ශේත්රයේ විශේෂයෙන් පීඩිත දුගී දුප්පත් සහ මධ්යයම පන්තික ජනතාව හට පවතිනා දහසක් ගැටළු සහ අඩුපාඩු පිලිබඳව මැනවින් අවබෝධ කොට ගෙන අැති වත්මන් සෛඛ්යය අමාත්යය වරයා තම ජීවිතාරක්ෂාව පිලිබඳව එක තුට්ටුවක හෝ තැකීමක් නොමැතිව හිමිව අැති ඉතාමත් වගකීම් සහිත ධුරය බාරගෙන අැත.

එපමනක්ද නොව සෛඛ්යය ක්ශේත්රයේ පවතිනා රුදුරු ම්ලේච්ච සහ අති භයංකර මාෆියාව මගින් අඩි 6 ක් නොව අඩි 66 ක් පාෙලව යටට නැතහොත් මුහුදු පතුල දක්වා තමන්ට අැති ජීවිත අවධානම.. තර්ජනය ළුණු බිකක් සේ හෝ ගනන් නාෙගෙන තමාට පැවරී අැති වගකීම ජනතාව වෙනුවෙන් නොපිරිහෙලා ඉටු කරනා බවත් තමා නොකලොත් එය ඉටු කිරීමට වෙනත් අයෙකු නොවනා බවත් එඩිතරව එලිපිටම පවසා අැත. එය අප දුටිමු...

ඒ නිසා ඉතා කණගාටුවෙන් යුතුව මෙම ඉතා පහත් ෆේස් බුක් පෝස්ට් එක හදපු දීප්ත කුමාර මල්ලිට කියන්න තියෙන්නේ හෙට දින ඔබේ හදවත නවතින්නට ගියත්... දෙඅැස් අන්ධ වන්නට ගියත් වෙන කුමන තරාතිරමක ප්රබල ජීවිත අවධානමකට පත් වන්නට ගියත් එක තඹ දොයිත්තක වියදමක් නොමැතිව ලක්ෂ ගනනාවක් වටිනා ප්රතිකාර සිදුකරවාගෙන යහතින් නැවත ගෙදර එන්නට අැවැසි පරිසරය අපගේ නිදහස් සෞඛ්යය ක්ෂේත්රය තුල මේ වන විට අැති කර අවසන් බව පවසන්නේ අත්දුටු නිසා බව අවධාරනයෙන් පවසන්නෙමු.

ඊට උදාහරන ලෙස පසුගිය ඉතාමත් මෑත දිනක දැක ගන්නට ලැබුනු එක් සිද්ධියක් පමනක් විස්තර කරමි. අසල් වැසි වැඩිහිටි කාන්තාවක් හට හදිසි හෘදයාබාධයක් අැතිවී ඒ පවුලේ දරුවන් තම අාදරණීය මෑණියන් කොළඹ සෙන්ට්රල් පුද්ගලික රෝහලට ඇතුල් කර අැත්තේ වත්පොහොසත් කම් අැති අය නිසා නොව තම මෑණියන්ගේ ජීවිත අවධානමේ තත්ත්වයේ බරපතල කම නිසාය.

වෛද්යය පරීක්ෂනවලින් අනතුරුව සිදුවී අැත්තේ ගහෙන් වැටුනු මිනිහාට ගොනා අැන්නා සේ නාෙසිතූ විරූ අකරතැබ්බයකි. එනම් වෛද්යයවරයා ඔවුන් හට අතට අත දී ඉතාමත් අාදරයෙන් වාඩිකරවා පවසා අැත්තේ මෑණියන්ගේ හදවත ඉතාමත් දුර්වල තත්ත්වයක පවතිනා බවත් ඒ සඳහා වන එකම පිලියම හදවත කෘතිමව ක්රියාත්මක කරවනා යන්ත්රයක් (ෆේස්මේකරයක්) ශරීරයට සවිකල යුතු බවත්... ඒ සඳහා රු. ලක්ෂ 10 ක් වැය කල යුතු වන බවත්ය.

මෑණියන්ගේ සේම තමන්ගේද හදවත් නවතින්නට යන බවක් ඒ දරුවන්ට දැනී අැත. ලක්ෂ 10 ක් කොහෙන් හොයන්නද... ඒ වන විටත් ගොඩ ගැසී අැති එක් දිනක සුවිශාල බිල සියළුම දරුවන් එකතුවීවත් ගෙවීමට දුෂ්කර වී අැති කල.

ඒ නිසා ඔවුන් වෛද්යය වරයාට පවසා අැත්තේ තමන් සියල්ලන් හට උවත් එතරම් විශාල මුදලක් සෙවීම ඉතා අසීරු කටයුත්තක් බැවින් තම මෑණියන් අාසන්නයේ අැති ජාතික රෝහලට මාරු කර ගැනීමට පහසුකම් සපයා දෙන ලෙසය.

තම බිස්නස් එක ගොඩ දා ගන්නා තුරු මහත් සේ සැලකුම් කල එකී හදවතක් නොමැති කාලකන්නි වෛද්යය වරයා මුහුන පුළුටු කර ගනිමින් පවසා අැත්තේ ඔවුන් හා තව දුරටත් රැඳී සිටීමට තමන්ට කාලය නොමැති බවත්... තමන්ට තව බොහෝ වැඩ අැති බවත්ය.

කෙසේ හෝ පසුව වෙනත් යහගුණ අැති වෛද්යයවරයෙකුගේ මැදිහත්වීමෙන් තම මෑණියන් ජාතික රෝහලේ 61 වාට්ටුවේ හෘදරෝග ඒකකයට වහාම අැතුලත් කරගන්නට කටයුතු සිදු කෙරිනි.

රටක් ජාතියක් වෙනුවෙන් කිසියම් යහපාලනවාදී රජයක් පුරවැසියා වෙනුවෙන් වන යුතුකම් නොපැකිලව නොපසුබටව අප්රමාදව සිදු කරමින් තවත් 24 පැයක් ගතවීමට මත්තෙන් අල්ලපු ඉඩමේ පිහිටි පුද්ගලික රෝහලින් ඉල්ලූ ලක්ෂ 10 ය වෙනුවෙන් තම සන්තකය හෝ ඉඩකඩම් උගසේ තැබීමට ඉඩ නාෙතබා ඊලඟ ඉඩමේ පිහිටි කොළඹ ජාතික රෝහලේදී එක තඹ දොයිත්තක් එක ශතයක් හෝ වියදම් නොකොට සිදු කර ගැනීමට හැකි වීම කෙඹඳු සැනසිල්ලක්දැයි හදවතට දැනෙන්නට නම් වත්මන් සෞඛ්යය අමාත්යය වරයාට හරකා යැයි කියූ අයටද මෙවන් අත්දැකීමකට ලක්විය යුතුවේ.

නමුත් මෝඩයින් හට අනුකම්පා කරනා සෝභිතාවතාර හතුරෙකුටවත් මෙවන් විපත් නොපතයි.

එනිසා වත්මන් සෞඛ්යය අමාත්යය වරයාට කෙතරම් අභියෝග හා ජීවිත තර්ජන අැතත් මෙවන් වූ කුසලයන්ගේ අනුභාවයෙන් සොභාදහම් මාතාවගේ අාශිර්වාදය සහ රැකවරනය ඔහුට නියතය. එමෙන්ම දුගී දුප්පත් සහ රටේ මධ්යයම පන්තික ජනතාව වෙනුවෙන් තව දුරටත් තව තවත් ඉහල සෞඛ්යය සේවාවක් සැපයීමට හැකි ශක්තිය ධෙෙර්යය හා කල්පනාව නොඅඩුව ලැබේවායි සමස්ත ජාතියේ නාමයෙන් අාශිර්වාද කොට සිටිමු.

තුණුරුවන් සරනයි. තිස්තුන් කෝටියක් සියළු දෙවි රැකවරනයි.
සෝභිතාවතාර විශ්වයේ සිට අවධියෙන්...
2017/09/21

===============
මීහරකාගේ පිටුවට.... Dreepthi Kumara.... Buffalo >>>>>>>>>>>>>>>>>>




Sunday, September 10, 2017

මේ ඉතිහාසය කොහොම අමතක කරන්නද?


https://www.facebook.com/chaminda.wijesekara.948/posts/462943904104463

=================================================
මේ ඉතිහාසය කොහොම අමතක කරන්නද? 

https://www.facebook.com/sathpurawasiya/posts/462325234147460
=================================================
සෝභිතාවතාර 

Sunday, August 27, 2017

නිදහස් අධ්යාපනය දියකර හරින්නට අකිල විරාජ්ගෙන් ජිල්මාට් බ්ලූටූත් ගේම්....

===================================================================================
කෙමිස්ට්‍රි සර්ගේ පත්‍රිකා නිසා හෙළිවූ
රාජකීය සිසුවාගේ
බ්ලූටූත් - බොත්තම් -මාපටැඟිලි ගැජට් වංචාව

http://www.gossiplankanews.com/2017/08/royal-student-exam-scam.html#more
===================================================================================

නිදහස් අධ්යාපනයෙන් පෝෂනය වී අවිහිංසක ජනතාවගේ කරමතින්ම රටේ සෑම ඉහලම තලයන් වෙත පත්වී නමුත් ඉන්පසු රට ජාතිය ගැන නොසිතා දිගින් දිගටම සිදුවෙමින් පවතිනා අවස්ථාවාදීන් පිරිසක් විසින් රටේ සේසත එලිපිටම හොරකම් කරමින්ද... තවත් පිරිසත් බැඳුම්කර මගඩි වැනි අතිනවීන ජිල්මාට් ගේම්වලින් සොරකම් කරමින්ද... තවත් පිරිසක් වරප්රසාද නමින් තමන්ලා විසින්ම තම පන්තියේ සුඛවිවරනය වෙනුවෙන් සම්මත කරවා ගත් අනපනත් මගින් ජනතා මුදල් කාබාසිනියා කරමින්ද වැජඹෙනා අතරම රටේ අනාගතය මතු පරපුර වෙනුවෙන් පැවතිය යුතු නිදහස් අධ්යාපනය සූක්ෂ්ම ලෙස දියාරු කරමින් හිටපු අයත් පවතින අයත් හීන් නූලෙන් වැඩේ ගෙන යනු ලබනා බව පෙනෙන්නට අැත.

සම්මුතිවාදි යැයි කියනා යහපාලනයේ අඛිල විරාජ්ද සූට්එක ගහගෙන ටයි ගැටයෙන් තමන්ව බලයට ගෙන අා රටේ මාපියන්ගේ අදහස් නොවිමසා අසරන දරුදැරියන්ගේ නිදහස් අධ්යාපනයේ ගෙල සිර කරවීමේ දියයට ගේම හීනියට ක්රියාත්මක කරවමින් පවතී...

ඉදිරියේදී පාසල් නිල අැඳුම පවතිනා ජාත්යන්තර (ඉස්කෝල කඩ) පාසල්වල අාකාරයෙන් විවිධ වර්න ගන්වා දිය කරවීම ප්රධාන උපාය මාර්ගයකි. ටික කාලයක් යන විට ඉතිහාසයේ සිට පැවති ඒ සබ්යත්වය සහ චාම් බව ගිලිහී යයි. වෙනත් අසංස්කෘතික රටවල් වල සේ අළුයම අවධි උනු පිජාමා පිටින්ම හෝ උන්නු විදියටම හෝ පාසලට පැමිනෙනා විකෘත්ති අපේ ජාතික පාසල කරාද පැමිනේවි. එදා පාදයේ අාබාධයක් නම් අදාල පාදයට පමනක් අබාධය සුව වන තුරු වලංගු උනු රබර් සෙරප්පුව සදාතනික වේවි.

විවෘත අාර්ථික ශාපය නිසා පාලනයකින් තොරව රටට ගලා අා සංඛරත්වය හමුවේ අපගේ ජාතික පාසලට අනන්ය වූ චාම්බව කාලානුරූපව බාෙඳ වී යාමට අඛිල විරාජ් තමන්ගේ පැවැත්ම උදෙසා කිසිදු අනුකම්පාවකින් සහ හැඟීමකින් තොරව මාපියන්වත් දරුදැරියන්වත් ගාෙනාට අන්දවමින් ක්රියා කරමින් සිටිනු ලබයි. 

මෙහි තවත් සූක්ෂ්ම පියවරක් ලෙස ප්රමුඛ විභාගයන් ක්රමානුකූලව ඉතාමත් අසීරු කරවීමත් හීනියට දැක්විය හැක.

සමස්ථයක් ලෙස මෙවර 2017/අ.පො.ස (උ.පෙල) පෙර කලට වඩා අසීරු බව එහි පෙනී සිටි සමස්ථ දරුදැරියන්ගෙන් සහ ඒ මාපියන්ගෙන් අදහස් පලවීම තවත් පැති කඩක් විය හැක. අවශ්යයනම් විමර්ෂනයක් සිදුකර එහි සත්යය අසත්යයතාව ඒ දරුදැරියන්ගෙන්ම තහවුරු කරගත හැකිවනු අැත. 

ලන්ඩන් ඒලෙවල් කරානම් හරි යැයි සිසු දරුවන් හට අද වන විට පැවසීමට සිදුව අැත්තේ මෙවන් සූක්ෂ්ම තත්ත්වයන් සියුම් ලෙස ක්රියාත්මක වන වටපිටාවක් යටතේය...

දරුදැරියන් දිවාරෑ මහත් සේ කැපවී වී ලමා කාලයම අධ්යාපන කටයුතු වෙනුවෙන් කැප කොට අවසානයේ විභාගයට පෙනී සිටි පසු එය මාපියන් සහ ඒ දරුවන් මහත් කම්පනයකට පත්කරවන්නක් නම් ඒ රටේ පාලකයින් තමන්ගේ මුල අමතක කොට කටයුතු කරනා අසමජ්ජාතික පිරිසක් වන්නේය.

කොතෙක් කටමැත දෙඩුවත් තවමත් මේ රටේ යහපාලකයින් බිහි වී නොමැත.

නමුත්....    සත්යය වශයෙන්ම.... නියත වශයෙන්ම......                

සෝභිත හිමියන්ගේ 2020 අවසන් මෙහෙයුමේදී රටේ ජනතාවගේ දෛවයත්.... මෙම තක්කඩි දේශපාලනයේ ඉරනමත්.... තීන්දු කරනා බවට සෝභිත හිමිපානන්ගේ අාත්මය සපත කරනා අතරම...

ඒ වෙනුවෙන් රටේම දූදරු මාපියන් සෝභිතාවතාර හා අත්වැල් බැඳ කඳවුරු ලා සිටිනා ලෙසත් අායාචනය කර සිටිමු.

සෝභිතාවතාර විශ්වයේ සැරිසරමින් ජනතාව සමග සාධාරන සමාජයක් බිහිකරලීමේ තම නොනිමි සිහිනය යථාර්තයක් වන තුරා... නිවනටවත් නොපිවිසෙන බව වදාරයි... 
2017/08/27

කෙසේ වෙතත් ඒවා එසේ සිදුවෙමින් පවතිත්දී ඉතාමත් දූෂිත චංචනික ලෙස අධිතාක්ෂනික මෙවලම්වල පිටුවහලෙන් විභාග ලියා පහත් මෝඩයින් උපාධිධරයන් වී රටේ ඉහලම තලයන් වෙත පත්වී අනාගතයෙහිදීද සොරුන් දූෂිතයන්ගෙන් පිරුනු රටක විසුමට මතු පරපුරටද සිදු උවහොත් රටේ දරුවන්ගේ අසරන මාපියන් හට (හිටපු යමපාලකයාගේ සමයේදී සේ  සහ  හිටපු අධර්මිෂ්ඨර් උතුමානන්ගේ 17  ත් වසර ශාපය වකවානුවේ සේ) සැනසිල්ලේ මියෑදෙන්නටවත් සිතට නිවනක් නොමැති වනු අැත.

එසේ හෙයින් වත්මන් යහපාලකයින් යැයි කියා ගන්නා නායකකාරකාදීන් සහ ටයිගැටයා නොහොත් වත්මන් අධ්යාපන අමාත්යය වරයාගෙන් අපේක්ෂා කෙරෙනුයේ නූල් සූත්තර පසෙකලා එජාපයේ ධනවාදී මූලධර්මද පසෙකලා සම්මුතිවාදී ලෙස ක්රියා කරනු අැතැයි යන්නය.

මේ වන විට විදෙස් ණය බර කිසිවක් නාෙමැතිව දියුණු වෙමින් පවතිනා නොව දියුණු වූ ජාතියක් ලෙස අභිමානවත් ලෙස පැවතීමට තිබුනු රටක් බල තන්හාව සහ ද්වේශය හමුවේ අැට අටේ 77/මගඩියෙන් රටේ සිටි බඩගෝස්තරවාදී ජනතාව මුලා කොට හයෙන් පහක බලයක් ලබා හිස් කොලවලට අත්සන් ලබාගෙන අාණ්ඩුව දඬුකඳේ ගසා අදටත් ගැලවීමක් නොමැති කාලකන්නි ඒකාධිපති ව්යවස්ථාවක් සම්මත කොටගෙන එදා ඔබලාගේ උතුමානෝ නටපු නෙයියාඩගම් රටේ උගත් වැදගත් බුද්ධිමත් ප්රජාවට අමතක නැත.

එම නිසා ඒ ශාපය වෙනුවෙන් දශක දෙකකට අාසන්න කාලයක් බලය ගිලිහී සිටි එජාපයේ ඔබ තුමන්ලා මේ වන විට අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ දියයට ගිනි නාෙමැති අවිහිංසාවාදී දේදුනු සංග්රාමයේ අානුභාවයෙන් සම්මුතිවාදී ජාතික රජයේ මැතිඅැමතිකම් හෙබවීමට වාසනාව ලබා සිටියී.

එනිසා ඔබ තුමන්ලා දැන් තවදුරටත් ධනවාදී යූඑන්පී සංඛල්ප සියුම් ලෙස සක්රීය කරවනා අනුගාමිකයින් සේ නොමවිය යුතුය.

ජාති අාගම් කුලමල පාට පක්ෂ සියල්ල සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයත් සමග කසල ලෙස බැහැර කොට අැත. එමනිසා ඔබ තුමන්ලා වර්තමානයේදීත් ඉදිරියේදීත් කිසි ලෙසකින් හෝ පැරනි හන මිටි දේශපාලනයේ යූඑන්පී කාරයන් නොවිය යුතුය.

රජය තුල සිටිනා සියළු පක්ෂ සමගත් රජයෙන් පරිභාහිර අනෙකුත් පක්ෂ සමගත් ඔබලාගේ නායකයා සැමදාම ප්රකාශ කරනා සාමයෙන් රැස්වී, සාමයෙන් සාකඡ්චා කොට, සාමයෙන් විසිර යන සංඛල්පය කට වදනක් පමනක් නොකොට එය යථාර්තයක් කොට රටේ ජාතික වශයෙන් (විශේෂයෙන් අධ්යාපනය වැනි) සුවිශේෂී කාරනා හමුවේ ක්රියා කරනා ලෙස සෝභිත හිමිපානෝ විශ්වයේ සිට අපේක්ෂාවෙන් පසුවේ.

ඒ බැව් ඔබ සැම වෙත සහ ජනගත කරනා ලෙස අාතූරයා වෙත උන්වහන්සේ ටෙලිපති කල වගයි.

එමෙන්ම සමහර ධනවත් තක්කඩි මාපියන් හට ඉදිරියේදී මෙවන් තාක්ෂණික වංචාවන් විභාග අවස්ථාවලදී නොකල හැක වන පරිදි එවන් මෙවලම් වලට වඩා දියුණු තාක්ෂනික මෙවලම් විභාග මධ්යස්ථාන කරා අැතුවීම් දාෙරටුවල සවිකොට චංචනිකයින් නීතියේ රැහැනට හසුකර සමස්ථ දරුවන් හට වඩා යහපතක් සහ සාධාරනයක් ඉටු කරනා ලෙස ජාතියේ නාමයෙන් විශ්වයේ සැරිසරමින් දූදරුමාපියන් සමග එකතුව අයැද සිටිමු.නිදහස් අධ්යාපනය දියකර හරින්නට අකිල විරාජ්ගෙන් ජිල්මාට් බ්ලූටූත් ගේම්....

ස්තුතියී.
සෝභිතාවතාර.
2017/08/27
=====================================================================
පිවිසෙන්න අඩවියට....
====================================                                     
සෝභිත හිමියන්ගේ 75 වැනි ජන්ම දින පනිවිඩය -                                   
සෝභිත හිමියන්ගේ දේශපාලනික න්යාය සහ මූලධර්මය වන්නේ....    
http://sobithawathara.blogspot.com/2017/06/75.html                    
සෝභිතාවතාර.                                                                                            
===========                                                                                             

Wednesday, August 23, 2017

ජේ.වී.පි.යේ නිරවද්යය නායකයා විය යුත්තේ කවුද...

====================================
ජේ.වී.පි.යේ නිරවද්යය නායකයා විය යුත්තේ කවුද...

සත්යය වශයෙන්ම ජේ.වී.පි.යේ සැබෑ නිරවද්යය නායකයා විය යුත්තේ කවුරුන්ද යන්න පාක්ෂිකයින් සහ පාක්ෂික වීමට සූදානම් වන සබුද්ධික ජනාතාව අවබෝධ කොටගෙන ඒ වෙනුවෙන් පෙනී සිට බලපෑම් කර නිවැරදි නායකයා තෝරා පත්කරගෙන 2020 මීලඟ පරිඡ්චේදය කරා රට ගෙන යායුතුය.

වත්මන් ජේ.වී.පි.යේ නායකයා අත්දැකීම් අඩු පරිනත බවින් හීන වක්කඩ කැඩුවා වගේ බ්රේක්(තිරිංග) නාෙමැති හිච්චි කොලුවෙකි.


ඒ බව ඔහු වරින් වර රට හමුවේ ප්රදර්ශනය කර සහතික කොට අැත. එවැනි අපරිනත රටකට නායකත්වයක් මීට පෙර ලබා දී නාෙමැති මර්වියා සහ පාදඩවංශයා වැනි නොසන්ඩාලයින් තත්ත්වයෙන් යම් යම් අවස්ථාවලදී කටයුතු කරනා අය 2020 වැනි රටේ මුළු මහත් අනාගතයම තීරනය කරනා මැතිවරනයක් වෙනුවෙන් නායකත්වයෙහි ලා තැබීම මහත් අවධානම් කාරී ක්රියාවක් මෙන්ම ජේ.වී.පි.යද පසුබෑමට ලක්වනා අනාවැකියකි මේ. මෙවැනි අත්හදාබැලීමක් රටක තීරනාත්මක අවධියකදී කිසිසේත් නොමසිදුකලයුතුය.

එසේ හෙයින් 2020 සෝභිත හිමියන්ගේ අවසන් මෙහෙයුම වෙනුවෙන් සුවිශේෂි කඳවුරක් සේ ජේ.වී.පි.යට පැවරී අැති කාර්යය භාරය යුග මෙහෙවර හමුවේ අනුර කුමාරගේ නායකත්වය අපොහොසත් බව දිගින් දිගටම දකින්නට පෙනෙන්නට අැත.

සත්යය වශයෙන්ම මොහුට වඩා ලක්ෂ ගුණයක් හඳුන්නෙත්ති එකී නායකත්වය සඳහා සුදුසුකම් ලබයි.

නමුත් ජේ.වී.පි.ය කල යුතු වන්නේ මේ කිසිවක් නොව තම පක්ෂයේ නැතහොත් ව්යාපාරයේ අාරම්භයේ සිටම දිවි හිමියෙන් අැප කැපව 71/88/89 විප්ලව දෙකකට මුහුනදී තවමත් ජීවතුන් අතර සිටිනා මේ වන විට ලෝකයේ සිටිනා  එකම එක පරිනත වැඩිහිටි විප්ලවවාදියා වන ටිල්වින් සිල්වා නායකත්වයෙහි පිහිටුවීමය.

නොඑසේව දිගින් දිගටම අසමත් අපරිනතික අඳබාල වනචර කඩප්පුලියකු තව දුරටත් නායකත්වයේ හිඳුවාගෙන යන ගමනින් ජේ.වී.පි.යටවත් රටටවත් කිසිදාකත් කිසිවක් අත්නාෙවනු නියතය.

අනුර කුමාරලාට දියුණු වීමට අවශ්යය නම්.... අවබෝධකොට ගත යුතු තව බොහෝ ගුණදම් සදාචාරය තුල පවතී. කඩප්පුලියන්ගේ කටකැඩිච්ච අසංවර වාග් ප්රහාර වලින් ඒකාබද්ධයේ නොසන්ඩාලයින් සහ රටේ අවිදිමත් ප්රජාව උන්මාදයට පත්කොට අනුරට අාතල් ගත හැකි උවත් රටේ බහුතරයක් වන උගත් වැදගත් සබුද්ධික ප්රජාවගේ ඒක් රෝම කූපයක් හෝ කෙලින් කරවනු බොරුය. 

සෝභිත හිමියන්ගේ සබුද්ධික දේදුනු ප්රජාව කිසිකලෙකත් කිසිවෙකුගේ නැහැදිච්ච කම් වීරකම් සේ නොසලකයි.

වත්මන් ජනපති සහ අගමැතිඳුන් 2015 ජනවාරි 8 දේදුනු විප්ලවයේ නායකත්වයට අැති සුදුසුකම් ලෙස සලකා බැලූ සහ ඔවුන් සමත්කම ලැබූ අංක එකේ සුදුසුකම වූයේ කෙතරම් අමිහිරි වුවත් ප්රතිවාදියා හමුවේ වුවද ඔවුන් පසක් කල හැදිච්ච කමය. සංවරකමය.

ඉදින් අනුර කුමාර වැනි පඟර නැට්ටන් හට රටක් කල හැකිද කොලනියක් මිස වනචර.... මේ ගොනාවත් දැන්නම් ඒකාබද්ධයට නම් නියමෙට සුදුසුය. ඒකත් ඩීල්ද මන්ද.... කියන්න බෑ පාදඩවංශයාගේ යුගයේ බිහි උනු  උන්දැලා නොවැ....

යකෝ අසරනයින්ගේ දුප්පත් ජේවීපිය. විනාශ නොකර දීපන් ඔය තනතුර ටිල්වින් සහෝදරයට උගත් වැදගත් නිවුනු... නමුත්.... රැඩිකල්...

(ඒකත් ඩීල් එකක්ද මන්ද. සාමාජිකයිනි කල්පනාවෙන් සිටින්න මොහු ගැන)

සෝභිතාවතාර ප්රකෝපයෙන් අවධානාත්මකව විශ්වයේ සිට අාතූරයා වෙත ටෙලිපති කල ස්වප්නය....

2017/08/24 - දින අාතූරයා විසින් ජනගත කල වගයි.










Monday, August 21, 2017

ඕස්ට්‍රේලියාව බුර්කාවට වැට බඳී..

========================
අල්ලා දෙවියන්වත් වදාරා නොමැති කුරානය තමන්ගේ මනදොල පිනවනා ලෙස වෙනස් කොට සතුන් මරා බුදිමින්ද.... පුරුෂාධිපත්යයේ අගතැන් ගත් මුස්ලිම් පිරිමින් නොදරුවන් අැතුළු අඹුවන් (7) හතක් ගත්තද අවුලක් නොමැති මුත්... ඒ අඹුවන් හට නිදහසේ ලොව දකින්නට අැස් දෙකටවත් සැනසිල්ලක් නොදුන් මුස්ලිම් ගැහැනියට කරුමයක් වුනු බුර්කාව ලොවින්ම අතුගා දැමීමෙන් ඉතිහාසය පුරා දුක්විඳි මුස්ලිම් කාන්තාවන් හට සිදුකර දෙනු ලබනා මහාර්ඝ මානව හිමිකමක් වනු අැත.

ලත් අවස්ථාව උපයෝගී කරගෙන හෝ සියළු ජාතීන් ඒකරාශීව එකී යුග මෙහෙවර ඉටු කර කිසිවකුගේ හෝ කිසිදු හවු හරනක් නොමැතිව සිටිනා අසරන අවිහිංසක නිහඬ ප්රංජාවකට තම වර්ගයාගෙන්ම පැවති සදාතනික පීඩාවකින් ගැලවීමක් අත්කර දීම ජාති අාගම් කුලමල බේද කිසිත් නොතකා සිදුකල යුතු පුණ්යය කර්මයකි.
සෝභිතාවතාර
2017/08/22
================================= සබැදි ලිපිය......
ඕස්ට්‍රේලියාව බුර්කාවට වැට බදී..
http://www.videos.gossiplankanews.com/…/an-australian-senat…



Thursday, June 8, 2017

සෝභිත හිමියන්ගේ 75 වැනි ජන්ම දින පනිවිඩය - සෝභිත හිමියන්ගේ දේශපාලනික න්යාය සහ මූලධර්මය වන්නේ......

 සෝභිත හිමියන්ගේ 75 වැනි ජන්ම දින පනිවිඩය 
සෝභිත හිමියන්ගේ දේශපාලනික න්යාය සහ මූලධර්මය වන්නේ....

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති යුධ ජයග්රහනයෙන් පසු කාලීනව රට තුල සිදු කරනා ලද වැරදි පාලන ක්රමය නිසා පෙර කියූ පරිදිම එතුමානන් ගෙදර යැවීමේ 2015 ජනවාරි 08 දේදුනු විප්ලවයේ නියමුවානන් වූ ජාති අාගම් කුලමල භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ නොනිමි සිහිනය තුල නිවන් මගටවත් නොපිවිස විශ්වයේ සැරිසරනා අපවත් වී වදාල සෝභිත හිමියන්ගේ අාත්මීය අවශ්යයතාවය මත බිහි කරන්නට යෙදුනු සෝභිත අවතාරය....

එනම් එදා මහින්ද යුගයේදී සත්පුරවැසියා මහින්දට කොපමන අාදරය කලාදැයි කියන්නේ නම් තම බාහුව පලා ගැලූ ඒ උනු උනු රුධිරය පෑන් තුඩට ගෙන එතුමානන් හට අාත්මාරක්ෂාව සලසා ගැනීමට අවවාද කොට ලියූ ලිපිය අත්සන් කරනා විටත් කැටි ගැසී තිබූ බැවින් අැඟිලි සලකුන ඒ ලේ කැටිය මත තබා තද කර පසුව පෑන් තුඩින් අත්සන තබා යවන්නට කටයුතු කල....

නමුත් අද එතුමානන් හිටපු ප්භාශ්වර විධායක ජනපතිවරයෙකුට කිසිසේත් නොගැලපෙනා ක්රියා කලාපය නිසා පලමුව රට දෙවනුව ජාතිය යන පදනමේ සිට හැඟීම්වලට වහල් නාෙවී කටයුතු කරනා සත්පුරවැසියාව සෝභිත අාත්මය තම අාතූරයා ලෙස පත්කොට සත්පුරවැසියා තුල අවතාර ගතව සිටින්නේ යම්කිසි විශ්වාසයක් අැතිවය. 

ඒ නිසා ප්රතිපත්ති සහගත ජීවන රටාවක් පවත්වාගෙන යනු ලබනා සත්පුරවැසියා හැඟීම් වලට වහල් වෙලා රට සහ ජාතිය වෙනුවෙන් ගන්නා තීන්දු තීරන වෙනස් කර සෝභිත හිමියන්ගේ අාත්මය තමා කෙරෙහි තබා අැති විශ්වාසය කිසිදා කඩ කරන්නේ නැත.

උන්වහන්සේගේ ඒ උදාර පැතුම යථාර්තයක් වන තුරු සත්පුරවැසියා සෝභිතාවතාරයේ අාතූරයායි.

ඒ නිසා හිටපු ජනපති තුමන් හට අවබෝධ කර දිය යුතුව අැති යථාර්තය මෙයයි.

ලොවේ එකෙක් එක් දෙයකට වෙයි සමත යන පිරුල සනාත කරමින් එතුමා ත්රිවිද හමුදාවන්ගේත් සියළු දේශපාලන අධිකාරීන්ගේත් සහ විශේෂයෙන් පොදු මහත් රටේ ජනතාවගේ දුක දරාගෙන සිටීමේ (පටිතද කරගෙන) සහයෝගයෙන් යුද්ධය ජයග්රහනය කරවූයේය.

ඒ එතුමානන්ගේ නායකත්ව අවධියට යුගයට ගැලපුනු ක්රියාදාමයයි. නමුත් එකී දක්ෂතාවයෙන් කිසිකලෙකත් කිසිවෙකු උපකල්පනය කල යුතු නැහැ මහින්ද ඕනම දෙයක් කල හැකි ජගතෙකියී කියා.

මහින්ද රාජපක්ෂ යනු මේ වන විට රටේ බහුතර සබුද්ධික ජනතාව ඉතිහාසයට එකතු කර අැති සාධකයක් නිසා.... හැඟීම් බර නිසාද සංවේදී බවින් අසරන නිසාද 58 ලක්ෂයක් වූ හිටපු ජනපතිගේ ප්රජාව මේ වන විට අවබෝධ කොටගෙන අැතැයි විශ්වාස කරනවා මහින්ද දක්ෂ මොනවාටද අදක්ෂ මොනවාටද කියා.

ඒ නිසා සෝභිතාවතාර ඒ ගැන විස්තර කියන්න කාලය කා දමන්නේ නැහැ.

නමුත් කිව යුතු වැදගත් කාරනාවක් අැත. එනම් පසුගිය 2015 ජනවාරි 08 සෝභිත හිමියන්ගේ දේදුනු ජයග්රහනයට හේතුපාදක උනු 62ලක්ෂයක් සබුද්ධික ප්රජාවවත්... මහින්දගේ 58ලක්ෂයක හැඟීම් බර සංවේදී  ප්රජාවවත් කිසිසේත් විශ්වාස කිරීම හෝ නොකිරීම නාෙකල යුතුයි මහින්දගේ යමපාලන යුගය පරදා උදාකාෙටගත් මෙම යහපාලන යුගයෙන් රටට ජනතාවට දශක ගනනාවක සිට පැවති දේශපාලනික අාර්ථික සියළු ගැටළු නිරාකරනය වූවා කියා.

එහෙම හිතුවොත් ඒකත් මහ මුලාවක් බව යහපාලන රජයේ ගතවූ දෙවසරක ඉතිහාසය මේ වන විට රට ජනතාව හමුවේ ඔප්පු කොට හමාරය.

නමුත් සෝභිත හිමියන්ගේ සැලසුම් අද්විතීය වන්නේ අන්න එවන් වූ සුවිශේෂී උපක්රම හමුවේයි. දේශපාලකයා යනු ජනතාව විසින් තමන්ගේ සහ රටේ කටයුතු කාරනා සම්බන්ධයෙන් තම  රුහිරුවලින් සුරසැප පුද කොට පත්කර යවනු ලබනා ජනතා සේවකයින් වේ. විශ්රාම වැටුප් සහ වරප්රසාද සමගින් දිවි අැති තෙක් සුරසැප හිමිකොට දී රටේ ජනතාව විසින් ඔවුන් හට බලය පවරා යවනු ලබනා කටයුත්ත කෙතරම් බාරදූර වුවත් දේශපාලකයාද රටේ අනිකුත් රාජ්යය සේවකයින් සේද ත්රිවිද හමුදාව සේද ඉටු කිරීමට බැඳී සිටිනවා. එකී කාර්යය භාරය ඉටු කරන්නට බැරිනම් හෝ අකමැතිනම් හෝ ඔහු එකී නිලය බාර නොගත යුතු හෝ (දේශ - පාලනයට) අවතීර්න නාෙවිය යුතු වෙනවා. අවතීර්න වූවානම් අදාල වගකීම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඉටු කිරීමද අනිවාර්යය වෙනවා. 

රට ජනතාව වෙනුවෙන් හදවතින්ම අැපකැප වෙනවානම් ඔහුගේ හෝ අැයගේ අධ්යාපනය ජාතිය අාගම කුලය යන මේ කිසිවක් ඉතිහාසය පුරා අත්යාවශ්යය සාධක ලෙස සලකා නොමැත්තේ ඒ නිසයි.

වර්තමානය වන විට පාවාදුන් පාදඩවංශයා වැනි නූගත් කාලකන්නි දේශපාලනයට පැමින රට කැලඹුවාට ඉතිහාසයේ මෙවැනි බහුභූත සිදුඋනේ නැහැ මොන නූගතාගෙන්වත්. ඒ නූගත් වුවත් ඔවුන්ගේ ජන්මය උසස් නිසා වන්නට අැති. දැන් කාලයේ දේශපාලනයට පැමිනෙනා උන්ට නිර්මල වූ ජාතියක් ජන්මයක් නැති නිසා වන්නට අැති මුන් දූෂන අපරාධ මැර ජඩ පාදඩ වනචර අසික්කිත වැඩ හිරිඔතප් නැතිව (කිසිදු ලැජ්ජාවක් සහ බයක් නැතිකම) සිදු කරන්නේ.

ඒ නිසා සෝභිත හිමියන්ගේ දේශපාලනික න්යාය සහ මූලධර්මය වන්නේ ඒ ඒ කටයුත්තට දක්ෂයින් ඒ ඒ අවස්ථාවට අනුව තෝරා පත්කර රටේ සහ ජනතාවගේ දේශපාලනික සහ අාර්ථික කටයුතු අඛණ්ඩව ඉදිරියටත් නොනැවතී මතු පරපුරයන්හි පැවැත්ම උදෙසා රැගෙන යායුතු බවයි.

එකී මූලධර්මය හමුවේ සෝභිතාවතාරට ජනතාව වෙනුවෙන් පත්කර යවනා ජනතා සේවකයින් හෝ ඔවුන්ගේ තරාතිරම වැදගත් වන්නේ නැහැ.

අදාල කටයුත්ත ඉෂ්ඨ කර ගන්නවා ඒ සඳහා අදාල වන ගරු බුහුමන් පුද සත්කාර සියල්ල නොඅඩුව ලබා දෙනවා. අවශ්යය යැයි හැඟුනොත් ඊලඟ කර්තව්යයත් පවරා බලනවා. අසාර්ථක බවක් පෙන්නුම් කලහොත් පලමු වරටත් දෙවන වරටත් තෙවන වරටත් අවවාද කරනවා අනුශාසනා ලබා දෙනවා. ඉන්පසු කිසිදු සමාවක් අනුකම්පාවක් නැහැ.... ඔහු ගෙදර යවා ඒ සඳහා ඊලඟට සුදුසු යැයි සිතෙනා කෙනා අන් සැමගේද කැමැත්ත අැතිව තෝරා පත්කර බහුතර ජනතාවගේ අනුමැතියෙන් ඊලඟ ජනතා සේවකයා බවට පත්කොට සේවයෙහි පිහිටුවනවා.

අනවබෝධයෙන් යුතු අවිහිංසක හැඟීම් බර (තීන්දු තීරන ගැනීමට අසමත් සංවේදී) මිනිසුන් රටකට අවශ්යය කරනා මෙම මූලධර්මයන් තවමත් පිලි නොගත්තාට අැත්තටම මේවා හරිම සරල න්යායන් බව සෝභිතාවතාර මේ දැන් ඔප්පු කර පෙන්වනවා.

මේ වෙනුවෙන් උන්වහන්සේ තෝරා ගන්නේ ඔබගේම නිවස සහ පවුලයි.

පව්ලේ අම්මා තාත්තා දුව පුතා සීයා අාච්චී කවුරු හෝ කුමන හෝ වරදක් හිතා මතා හෝ නාෙදැන හෝ සිදු කරනු ලැබුවහොත් ඊට සාපේක්ෂව ඕනෑම පවුල් අභ්යන්තරයක් තුල යම් යම් තීන්දු තීරන ගනු ලබනවා. 

තාත්තා බීම සූදුව සල්ලාලකම් කරනවානම් හෝ අම්මා දුරාචාරයේ යනවානම් හෝ පියා දුක් මහන්සියෙන් හරි හම්බ කරගෙනෙනා මිල මුදල් විකාරූපී කටයුතු වෙනුවෙන් වියපැහැදම් කරනවානම් හෝ ගෙදර දොර කටයුතුවලට ප්රමුඛත්වය නොදී ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ නම් හෝ අාච්චී පවුලේ නම්බුව හෑල්ලු වන ලෙස පාරතාෙටේ සිඟමන් යදිනවානම් හෝ සීයා අහල පහල ගෙවල්වල දරුවන් අපහරනය කරනවා නම් හෝ දුව අධ්යාපන කටයුතු පසෙකලා කොපමනවත් ෆේස්බුක් ලගිනවානම් හෝ පවුලට නාෙගැලපෙනා කොල්ලෙක් හා පැටලැවිල්ලක් අැතිකරගෙන නම් හෝ පුතා කුඩු ගංජා ගහනවානම් හෝ මැර කොල්ලන් හා එකතුවෙලා ගෙවල් බිඳින්නට අපරාධ සිදු කරන්නට පටලැවිලිලානම් හෝ බිරියට නැන්දම්මා අසාධාරන ලෙස කෙනහිලිකම් සිදු කරනවානම් හාේ ලේලිය පුතා නැති විටදී හාෙර මිනිසුන් හා සබඳකම් පවත්වනවානම් හෝ තම මවට පියාට භාර්යාව හෝ සැමියා වෙනස්කම් නාෙසැලකිලිමත් කම් සිදු කරනවානම් හෝ මේ අාදී වශයෙන් මිනිසුන්ගේ පවුල් අභ්යන්තරයන් තුල කුමන අාකාරයේ ගැටළු අැති වුවත් ඒ සඳහා ගත යුතු වන තීන්දු තීරන ගැනීමේ ශක්තිය ඕනෑම පවුලක් හෝ පුද්ගලයෙක් තුල සහජයෙන්ම පවතිනු ලබනවා. අව්ශ්යය කරනා ඒ තීන්දු තීරන මාෙන තරම් අසීරු වුවත් පවුලේ හෝ තමන්ගේ හෝ අන් සැමගේ හෝ යහපත උදෙසා ඕනෑම පවුල් සාමාජිකයෙක් හෝ සාමාජිකාවක් ගනු ලබනවා.

ඒ අන් කිසිවක් නිසා නොව තම පවුල් සංස්ථාවේ යහපත සහ අනාගතය උදෙසායි.

නමුත් රටේ අභාග්යයත් තක්කඩි දේශපාලකයාගේ භාග්යයත් උදාවී ඉතිහාසයේ සිට වර්තමානය දක්වාම දේශපාලනික වශයෙන් විශේෂයෙන් අප රට ඉදිරියට නොයාමට අැති ප්රබලතම හේතුව වී අැත්තේ රටේ සහ තම මතු පරපුරේ අනාගත අභිවෘද්ධිය හමුවේ මිනිසුන් තම පවුල් අභ්යන්තර සුවිශේෂී කාරනා හමුවේ ගනු ලබනා තීන්දු තීරන දේශපාලනික සාධකයන්හිදී නාෙගැනීමයි.

සත්යය වශයෙන්ම මෙය මහා අභාග්යයකි අවාසනාවකි. නමුත් ඒ අභාග්ය සම්පන්න අවාසනාව බලපා අැත්තේ තම පවුල් සහ ජීවිත වෙනුවෙන් යන බව මෙම තීන්දු ගැනීමට අපොහොසත් හැඟීම් බර මිනිසුන් හට නොවැටහීම තක්කඩි දේශපාලකයින් අනාගතයේදීත් බිහි වීමට කදිම තෝතැන්නක් අැති කරයි. මෙය සියළු ජනතාවට මැනවින් අවබෝධ වන තාක් මෙවන් පරිසරයක් අැති ලෝකයේ කිසිදු රටකට අනාගතයක් නැත. එය ස්ථිරය.

එබැවින් අපචත් වී වදාල සෝභිත මාහිමිපානන් රටේ ජනතාවට අද පොසොන් පොහොය දින අනුශාසනාව ලෙසද 75 වැනි ජන්ම දින පනිවිඩය ලෙසද තම අාතූරයා ලවා දන්වා සිටිනුයේ නිවසේ පවුලේ කටයුතු සහ ක්රියා වෙනුවෙන් නිවැරදි තීන්දු තීරන අපූරුවට ගන්නට සමත් ඔබ දේශපාලකයා හමුවේදී බොලඳ වන්නේ සංවේදී වන්නේ මන්ද යන්නයි...

සටකපට දේශපාලකයා අප සැමගේ මව්රට සහ ඔබේ පවුලේ සාමාජිකයින් සහ දරු දැරියන්ගේ අනාගතය වෙනුවෙන් කටයුතු කිරීමට වඩා තමන් සහ තම පරපුරේ අනාගතය වෙනුවෙන් ඔබව කෙතරම් දැඩි ග්රහනයකට මෝහනයකට පත්කර අැත්ද යන්න අවබෝධ කර ගන්නට උත්සාහ කරන්න. ඒ කරුමක්කාර අන්ධකාරයෙන් ඔබ අද සිට අත්මිදෙන්න.

ඔබේ අාසන්නතම අාදරවන්තයින් වෙනුවෙන් අැවැසි අවස්ථාවලදී නිසි තීන්දු තීරන ගැනීමට නාෙපසුබට නොවනා ඔබ අදින් පසු ඒ න්යාය ක්රමවේදය රටේ ජනතාවගේ ඔබේ සහ දරුවන්ගේ යහපත උදෙසා ඔබේ සේවකයා (දේශපාලකයා) හමුවේදීත් ගන්නට තීරනය කර ගන්න. 

අප සැවොම ඒ සාර්ථකත්වය ලැබූ දිනට අප රට අප සැමටමත් අපේ දරු පැටවුන්ටත් භේදයකින් තොරව සුර පුරයක් වන්නට ගත වන්නේ හෝරා කිහිපයක් පමනි.

ඉතිහාසය පුරාම සැමදා පැවති තක්කඩි දේශපාලනයට තිත තැබෙන්නේද එදිනටය.

එනිසා රටේ සියළු ජනතාවනි... අවධි වන්න... මහින්දට වඩා මෛත්රී හොඳයි හෝ අාපහු මහින්ද අාවානම් හොඳයි හෝ කිසිවක් අප සිතිය යුතු නැත. ගොඨා බැසිල් චමල් රනිල් සජිත් ජේවීපී/කුමාර පාදඩයෝ කටහැකරයෝ වට්ටක්කයෝ ණයට කහින්නෝ එකී නොකී මෙකී මාෙකෙක්වත් අපට දැන් අවශ්යය නැහැ. මේ සේරමල්ල ජනතාවගේ පරීක්ෂනයෙන් අසමත් වූ සහ අසමත් වෙමින් පවතින අයයි.

මේවා තේරුම් ගන්නට මොලේ කලඳක් හරි අැත්නම් පමනක් තව පුංචි ඉඩක් වත්මන් නායකයාට තිබෙනවා රට වෙනුවෙන් සිදු කරල නම්බුකාර විදියට නමස්කාර පූර්වකව 2020 දී විශ්රාම ගත වන්නට.

ඔහුට කරන්නට අැත්තේ පුංචි දෙයක් පමනයි. නමුත් ඒක රටට මහා මෙරක්. කිනම් අාකාරයේ හෝ දානයකින් සීලයකින් අත් කර නොගත හැකි මහා පුණ්යය කර්මයක්. ඒ දේ එතුමන් ඉටු කරාවි කියල සෝභිතාවතාර තුල කිසියම් විශ්වාසයක් නැතිවම නොවනා බවත් පැවසිය යුතුය.

එතුමන් ඒ දේ කලත් නොකලත් සෝභිත හිමියන් තම න්යාය අනුව රටේ අනාගතය වෙනුවෙන් ගත යුතු මීලඟ තීන්දුව ගෙන හමාරයි මේ වන විටත්... 

ඒ මෙසේයි. 2020 මීලඟ මහ මැතිවරනයේදී රටේ සියළුම දේශපාලනික බලවේගයන් හා පක්ෂවල සිටිනා අදූෂිත සුපිරිසුඳු අවංක ක්රියාශූර සියල්ලෝම එක කඳවුරකට ගාල්කොට මහා ජන බලයක් ගොඩ නංවා තුන් කුළුඳුල් වූ (නව බලවේගයක්, නව නායකත්වයක්, නව දේශපාලනික දර්ශනයක්) සමගින් රටේ ඉදිරි ක්රියා මාර්ග වෙනුවෙන් සුදුසු මීලඟ සේවකයා පත්කර රට ස්ථාවර වූ යුක්තිය සාධාරනය සැමට එකසේ ඉටුවනා අවසන් මෙහෙයුම දියත් කිරීමට තීරනය කර අවසන්ය.

ඒ වෙනුවෙන් රටේ සංවේදී මිනිසුන්ගේ දෙනෙත් විවර කරලීම උදෙසා අද උතුම් පාෙසොන් පොහොය දින... පසුගිය දිනවල රටතුල සිදුඋනු ස්වභාවික ව්යසනය හේතුවෙන් සැලසුම් කල පරිදි එලි දක්වන්නට නාෙහැකි උනු සෝභිත හිමියන්ගේ 75 වැනි ජන්ම දින පනිවිඩය ලෙස මෙම අනුශාසනාව සිදුකර තම අාතූරයා සත්පුරවැසියා ලවා ජනගත කරලීමට කටයුතු සම්පාදනය කරන ලදී.

සෝභිතාවතාර 
2017/06/08 පාෙසොන් පොහොය දින