Monday, January 18, 2016

නව ව්‍යවස්ථාව සඳහා සෝභිත මාහිමිපානෝ තම අදහස් දක්වයි..



නව ව්‍යවස්ථාව සඳහා සෝභිත මාහිමිපානෝ තම අදහස් දක්වයි..


සෝභිත හිමියන්ගේ ආදාහන උත්සවය දා ජනාධිපතිතුමා ද ඒ පිළිබඳව ප්‍රකාශයක් කළා. සෝභිත හිමියන්ට අප විසින් දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා අප දැන් ක්‍රියාත්මක වී සිටිනවා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම පිළිබඳව අද(2017/01/17) අරලියගහ මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
--------------------------------------------------------------------------------------------
නව ව්‍යවස්ථාව සඳහා සෝභිත මාහිමිපානෝ තම අදහස් දක්වයි..
--------------------------------------------------------------------------------------------
සියළු ජාතීන් සියළු අාගම් වෙනුවෙන් සාධාරන සමාජයක් බිහිකිරීමෙහිලා දිවි හිමියෙන් කැපවූ යථිවරයානෝ අපවත් වී වදාල අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත මාහිපානන් පැවසූ පරිදිම අවශ්‍ය අවස්ථාවන්හිදී අවතාරයක් වී හෝ පැමින තමන් වහන්සේගේ අභිප්‍රායය මුදුන් පත් කරවනු සඳහා වන මැදිහත් වීම් දිගින් දිගටම සිදු කරනා බව, සත්පුරවැසියාගේ අාත්මය තුලට පිවිස අගමැති තුමාගේ ඉහත ප්‍රකාශයෙන් පසුව සඳහන් කරන්නට යෙදුනි.
තමන් වහන්සේගේ මෙහි පහත දක්වක ව්‍යවස්ථාපිත යෝජනාව මාධ්‍ය ගත කරනා ලෙස මා හට දැනුම් දුන් අතර ඒ වෙනුවෙන් සිදුකල යුතු බලපෑම් තමන් වහන්සේ ජනාධිපති, අගමැති අැතුළු සමස්ථ ව්‍යවස්ථාපිත මණ්ඩලයේම අාත්ම තුලට පිවිස සිදුකරනා බවත් පසක් කෙරිනි.
---------------------------------------------------------------
උන් වහන්සේගේ සංහිදියාවේ යෝජනාව පහත පරිදි වේ..
--------------------------------------------------------------------------------------------
එය ජනතා පරමාධිපත්‍යයේ මහ ගෙදරින්ම අැරඹිය යුතු බව පවසා සිටිනා උන් වහන්සේ මෙම යෝජනාවට ව්‍යවස්ථා කෙටුම් පතේ ප්‍රමුඛස්ථානයක් හිමිවිය යුතු බව අවධාරනය කරයි.

එසේ හෙයින් උන් වහන්සේ දන්වනු ලබනවා විවිධ ජාතීන්,විවිධ අාගම්,විවිධ කුලයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව තුල උතුම් මනුශ්‍යයින් ලෙස, ශ්‍රී ලාංකිකයින් ලෙස සැවොම කිසිදු භේදයකින් තොරව සංහිඳියාව ප්‍රමුඛව ස්ථාන ගත කල යුතු බව. 

තාවකාලික චිත්ත පීඩාවන් හේතුවෙන් ඉතාමත් සුළු පිරිසක් වර්තමානයේ යම් යම් විරසක කම් පෑවත් දශක ගනනාවකට පසුව අැතිවී පවතින්නා වූ මෙම සර්ව සුභවාදී වාතාවරනය තුල සෑම ජනතා නියෝජිතයෙකුම නොවැරදීම තම ප්‍රජාවගේ අනාගතය තීරනය කරනා මෙම පූජනීය ලියවිල්ල වෙනුවෙන් තම නිර්ව්‍යාජ දායකත්වය ලබාදෙන බව උන්වහන්සේ තුල නොමද විශ්වාසයක් පවතී.

ජනතා පරමාධිපත්‍යයේ මහ ගෙදර වූ පාර්ලිමේන්තුව තුල සිටිනා ජනතා නියෝජිතයාට ඒ පරමාධිපත්‍ය බලය සත්‍ය වශයෙන්ම අහිමිනම් ජනතාවට සාධාරනයක් ඉටුවීම සිහිනයකි...

එසේනම් සිදුවිය හැක්කේ ෆයිල් වග්ගය කරපින්නාගෙන හිටපු යම පාලනයෙන් ලැබුනෙත් නැති, අර දෙකක් පමනක් හැර ඕනම දෙයක් කල හැකි මන්ත්‍රීන්ලාගෙන් හිස් කොලවලට අත්සන් අරගෙන හිටපු අැට අටේ ව්‍යවස්ථාවෙන් ලැබුනෙත් නැති. සාධාරනය යහපාලනයෙන් ලැබෙන්නේත් නැති බව පසක් කර ගැනීම පමනි..

ප්‍රථමයෙන් පාර්ලිමේන්තුව තුල සංහිඳියාව පරමාදර්ශී කොට පසුව එය පහලට ගලාගෙන යාමට සැලැස්විය හැක.

ඒ වෙනුවෙන් පලමු කොට දියුනු ජාතීන් පිලිගන්නා ජාතිය, අාගම, ව්‍යවස්ථාවෙන් ඉවත් කොට ශ්‍රී ලාංකික ලෙස සංශෝධනය විය යුතු වේ.

නමුත් සෝභිත හිමිපානන් තමන්ගේම අනන්‍යය වූ යෝජනාවක් ලෙස පහත කාරනය අවධාරනය කරයි..

එනම් පරමාධිපත්‍යයේ මහ ගෙදර වූ පාර්ලිමේන්තුව තුලින් ව්‍යවස්ථා ප්‍රතිපාදනයක් මගින්ම ජනතා නියෝජිතයින් නොහොත් මන්ත්‍රීන්ලා ගේ පරමාධිපත්‍යය බලය බැඳ සිරකර අැති නිදහස් අදහස් පලකිරීම හමුවේ වැට කඩොල්ලක් වී අැති පක්ෂ විනය, පක්ෂ න්‍යාය පත්‍ර වැනි දෑ විද්වත් මණ්ඩල හමුවේ සාකඡ්චාවට බඳුන් කොට නිර්මානාත්මකව ගෝලීය දේශපාලනයටද පරමාදර්ශීත්වය සපයමින් ප්‍රතිව්‍යුහගත විය යුතු වේ. 

එසේ වූ කල්හි කිසිවෙකුට පක්ෂ මාරු කිරීම්, හිතට විරුද්ධව කටයුතු කිරීම් වලින් තොරව විශාල අාත්ම තෘප්තියකින් යුතුව තමන් දේශපාලනය කිරීමට තීරනය කල අවධියේ පැවති අධිෂ්ඨානයෙන්ම ගමනාත්තය කරා සපැමිනිය හැකි වනු අැත. ඒ ඒ පක්ෂවල අධිකාරී බලය මගින් පසු පෙල නියෝජිතයින් බැඳ සිර කර තබනවානම්... ඔවුන්ගේ නිර්මානශීලී අදහස් ඉස්මතු කරවා කවදා රටක් ගොඩ ගන්නද...
එසේ වූ කල්හි රට ජාතිය වෙනුවෙන් කිසිවක් නොකර යන කලට ගෙනියන්න දෙයක් රැස්කරන තක්කඩිකම් කවදාවත් නැති වෙන එකක් නැහැ බහුතරයකගේ...

ඒ නිසා රටේ ජනතාව මැතිවරනයකින් කිසියම් කාල පරිචේදයක් සඳහා අාණ්ඩුවක් පත්කල පසු ඒ නියම පරමාධිපත්‍ය බලය පාර්ලිමේන්තුව තුල අැති ඔළුගෙඩි මගින් පෙරලවීමට ඉඩ නොලැබෙන රාමුවක් තුල ඕනම පක්ෂයක ඕනම මන්ත්‍රී,මැති, අැමති කෙනෙකුට රට ජාතිය වෙනුවෙන් කිසිදු බාධාවකින් තොරව නිදහස්ව කටයුතු කිරීමේ සංහිඳියාව ජනිත කිරීමේ කටයුත්තෙන් මෙම උත්තරීතර කටයුත්තේ ප්‍රාරම්භය ගත යුතුය. 

මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාපිත මණ්ඩලයක්ව අැති ජගතුන්, බලවතුන්,ප්‍රතිවාදීන් කිසිවකු නොමැති මේ මොහොතේ සියල්ලෝම ව්‍යවස්ථා සංපාදිතයින් පමනි. එසේනම් රිසිසේ අැප කැපව විද්වත් උපදේශනද ලබා සියල්ලටම පෙර ඔබ සැමට නිදහස්ව රට, ජාතිය, පාක්ෂිකයා වෙනුවෙන් කටයුතු කල හැකි වටපිටාව ව්‍යවස්ථාපිතවම සකස් කර ගන්න. තවදුරටත් තම අාත්ම ගෞරවය කිලිටි වන, පෞර්ශයට නිගා දෙන හිස් කොලවලට අත්සන් තබපු. ෆයිල් වග්ගයට යට උණු, පක්ෂ න්‍යායයට යට උනු ඒ අඳුරු යුග අවසන් කරන්න සැවොම පෙරට එන්න. ලැබුනු අවස්ථාව ගිලිහි යා නොදී රැක ගන්න. පලමුව ඔබලාගේ පරමාධිපත්‍ය බලය රැකගෙන සංහිඳියාව තහවුරු කර ගන්න. එවිට ඉබේම සත්‍යය වශයෙන්ම ජනතාවාදී වූද, ගෝලීය දේශපාලනයේ විශිෂ්ඨතම ව්‍යවස්ථාව ඔබ සැමගේත් ජනතා අප සැමගේත් මව් රටින් බිහිවී ඊට උර දුන් ඔබ සැම ඉතිහාසයට එක්වනු නියතය.
      ස්තුතියී.

සෝභිත මාහිමිපානන්ගේ අපේක්ෂාව සෝභිතාවතාර අඩවිය මගින් මාධ්‍යගත කල මා කවුරුවත් තොරතුරු සෙවීමට උත්සාහ නොගත යුතු ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා කිසිවක් නොපතන මා රටේ සොරකම් නොකොට ගරු ගාම්භීර ලෙස හිඳිමින් මරිය කඩෙන් වඩයක් කාල තංගයියගෙ කඩෙන් රසම් පාරක් දාල අපේ එකාගෙන් විටක් දාගෙන චූන් එකේ ඕන වෙලාවක පාරේ යා හැකි නිදහස් සත්පුරවැසියෙක් වෙමි. ස්තුතියී. අා අමතක වෙන්නයි ගියේ තව පොඩ්ඩෙන්. සෝභිත හාමුදුරුවෝ ඔයාල ඔක්කොටම සාධාරනය රජයන හෙට දිනක් උදාවේවා කියල සියළු දෙවි රැකවරනය ප්‍රාර්ථනා කලා. නැවතත් ස්තුතියී. මම සෝභිතාවතාර වෙමි. 

--------------------------------------------------------------------------------------------

අවසන් සටහන - සියළු පීඩා විඳ දරා ගනිමින් රටේ නිහඬවම වෙසෙනා මෙන්ම ඉතිරිව සිටිනා සත්පුරවැසියන් හට සන්තකය විකුණා දමා මව් රට අත්හැරදා දුරු රටකට යන්න සිදු නොවේවායි සත්පුරවැසියන්ගේ ඒකායන පැතුමයි. වැරදීමකින් හෝ එසේ උවහොත්.. මේ රට කොලනියක් වීම නවත්වනු බොරුය.. ඒ වගේම අවධාරනය කල යුතුයි රට ගැන මෙන්ම සාධාරන සමාජයක සිහින පිලිබඳ සබුද්ධික නිර්පාක්ෂික මෙන්ම තීරක සත්පුරවැසියන් විශ්වාසය තබා ගන්නා අවසන් අවස්ථාවත් මෙයම පමනක් බව!

Sunday, January 17, 2016

ඔබාමා නිතර රැගෙන යන තෑගි භාණ්ඩ අතර බුදු රුවක්....


පුවත්.... (2016/01/18)

--------------------------------------------------------------------------------------------------


ඔබාමා නිතර රැගෙන යන තෑගි භාණ්ඩ අතර බුදු රුවක්
^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&

http://www.lunudehi.gossiplankanews.com/2016/01/obama-buddhist.html
ඉන් පසු සත්පුරවැසියාගේ කමෙන්ටුව බලන්න
---------------------------------------------------------------------------------------------------------


ඔබාමා නිතර රැගෙන යන තෑගි භාණ්ඩ අතර බුදු රුවක්

ප්‍රථමයෙන් පෙන්වා දිය යුතු වන්නේ...

ඉහත සුවිශේෂී පුවතෙහි තත්සිරස (ඔබාමා නිතර රැගෙන යන තෑගි භාණ්ඩ අතර අාගම් කත්‍රෘ වරුන්ගේ කුඩා ප්‍රතිමා) යනුවෙන් වූවානම් සංහිඳියාව අපගේ මාධ්‍ය කෙතරම් අගයනවාදැයි පෙරලා පනිවිඩයක් ලොවට කියා පෑමට ලැබුනු අවස්ථාව ගිලිහී ගොස් අැත.

ඒ කෙසේ වතුදු අදාල පුවත සම්බන්ධයෙන් සත්පුරවැසියාගේ සටහන වන්නේ....

අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ සියළු ජාතීන්, සියළු අාගම් අතර සංහිඳියාව අැති කරලීමේ දර්ශනය අගයන මෙන්ම පූර්වාදර්ශ සපයන මෙවන් ලෝක නායකයින් පැසසුමට ලක් කල යුතුය යන්නය. 

මෙවැනි කථිකාවත් මගින් හිටපු නායකයින් සහ පවතින නායකයින් පාඩම් උගත යුතුයි..! 

ස්තුතියී.

සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර 

අැඹිලිපිටියේ සුමිත්ව පොලිසිය තල්ලු කරපු හැටි බිරිය නැවත විස්තර කරයි...


පුවත්.... (2016/01/17)

--------------------------------------------------------------------------------------------------


අැඹිලිපිටියේ සුමිත්ව පොලිසිය තල්ලු කරපු හැටි බිරිය නැවත විස්තර

කරයි

^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&

http://www.gossiplankanews.com/2016/01/embilipitiya-sumiths-death-wife.html


ඉන් පසු සත්පුරවැසියාගේ කමෙන්ටුව බලන්න
---------------------------------------------------------------------------------------------------------
ගැබ්බරව සිටිනා මේ තරුණ මවට සිදුඋනු කම්පනය පාඩුව දැන් ඉතින් මොනවා කලත් පියවිය නොහැකියී. නමුත් මා මින් පෙර කී සේම නුසුදුස්සන් (නිසි පෙලපතකින් පැවත නොඑන්නන්) වගකිවයුතු සේවාවන් තුල පැවතීමේ අති භයානක කම මෙයයි. නීති අාධිපත්‍යයේ මුවාවෙන්, නිල අැඳුමේ මුවාවෙන්, නිල බලයේ මුවාවෙන්, දේශපාලනික හස්තයන්ගේ මුවාවෙන් මෙවැනි බොහෝ දේ යුග ගනනක ඉතිහාසය පුරාම සිදුඋනා. නමුත් ඕනම අඳුරු පරිච්චේදයක් ජනතා ශාපයෙන්, සෝසුසුම් ගින්නෙන් දැවී අළුවී යනවා කෙදිනක හෝ... ඒවාට ඉතිහාසය පුරාම ඕන තරම් සාක්ෂි තියෙනවා. ඒක සොබා දහමේත් මූලධර්මයක්. විශ්ව නීතියක්. කෙසේ වෙතත් යහපාලන අාණ්ඩුව පරීක්ෂාවට ලක් කරන්න කදිම අභියෝගයක් දැන් රට හමුවේ තියෙනවා...අපි බලමු.. විශ්වාසය තබා ගනිමු. යහපාලනාධිකාරීන් හටත් හොඳ අවස්ථාවක් තිබෙනවා විශේෂයෙන් ප්‍රතිවාදීන්ගේ ප්‍රසාදය දිනා ගන්නටත්.. ස්තුතියී. මම සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර. ජනතාව සමග...
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Saturday, January 16, 2016

සෝභිත මාහිමිපානෝ අප අතර සැමදාමත් ජීවමානයි

සෝභිත මාහිමිපානෝ අප අතර සැමදාමත් ජීවමානයි
උන්වහන්සේගේ අාත්මීය අාශිර්වාදය අැතිව උන්වහන්සේගේ චිත්ත අභිප්‍රායයේ නාමයෙන් උන්වහන්සේගේ තෝරාගැනීමේ ගෞරවයට පත් සත්පුරවැසියා විසින් උන්වහන්සේට නිවන් සුව පිනිස  සෝභිතාවතාර බ්ලොඩ් අඩවිය නාමයෙන් යහපාලනයට වසරක් සපිරෙන අතිඋතුම් අද (2016/01/08) දිනයේ සිට පවත්වාගෙන යනු ලබයි.

එහෙයින් අවශ්‍ය තන්හිදී සත්පුරවැසියා සෝභිතාවතාරද වේ...


ජාති, අාගම්, කුලමල භේදයෙන් තොරව සැමගේම ඉමහත් ගෞරවාදරයට පාත්‍රව සිට ශාරීරික වශයෙන් අප අතරින් වෙන්ව ගියේ අන් කිසිවක් නිසා නොව බාධාවලින් තොරව වඩාත් හොඳින් තම අරමුන කරා පිවිසීමට බවයි උන්වහන්සේ සිහිනෙන් පැමින සත්පුරවැසියාට පවසා සිටියේ...

යහපාලන නායකකාරකාදීන් හමුවීමට, අදහස් පල කිරීමට අවශ්‍ය උපදෙස් සහ මාර්ගෝපදේශ ලබා දීමට වෙනදා පැවති බාධා කිසිවක් දැන් නොමැති බවයි උන්වහන්සේගේ නවතම අදහස. තමන්වහන්සේ හට සිත් පහල වුනු ඕනෑම මොහොතක අාත්මිකව ඔවුන්ගේ නිදි යහන කරා පිවිස හෝ දැන්විය යුතුදේත් උපදේශනයත් නිසි ලෙස සිදුකර අරමුන සාක්ෂාත් වන තුරු උත්සාහය අත්නොහලන බවත්.. 

යම් ලෙසකින් සැමට සාධාරන සමාජයක් බිහිකිරීම වෙනුවෙන් යන්නාවූ මේ ගමන් මග හරස් කිරීමට හෝ එය කඩාකප්පල් කිරීමට උත්සාහ දරන්නන් හට නිසි දඞූවම් පැමිනවීමට පසුබට නොවන බවත් පවසා සිටියී. 
ස්තුතියී.

සත්පුරවැසියා 

Friday, January 15, 2016

අැඹිලිපිටිය තරුණයාගේ මරනය, පොලිසිය කියූ බොරු...

පුවත්.... (2016/01/15)

--------------------------------------------------------------------------------------------------

අැඹිලිපිටිය තරුණයාගේ මරනය, පොලිසිය කියූ බොරු
mÍlaIKj,ska wkdjrKh fjhs



oeßúhla jeäúhg m;aùfï m%S;sh iurñka weô,smsáfha ksjil meje;s m%sh idohlg fmd,Sish .sfha tys wêl f>daIdjla kef.k njg m%foaYjdiSkaf.ka weô,smsáh fmd,Sisfha ÿrl:khg yd 119 yÈis weu;=ï wxYhg ,o weue;=ulg wkqj nj fmd,Sish ks, jYfhka i|yka l< o úu¾Ykj,ska oeka wkdjrKh ù we;af;a tu weue;=ï fmd,sia ks,Odßfhl=f.a

cx.u ÿrl:khlska ,nd § we;s njh'

^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&

http://www.gossiplankanews.com/2016/01/investigation-of-embilipitiya-sumiths.html


ඉන් පසු සත්පුරවැසියාගේ කමෙන්ටුව බලන්න

දශක ගනනාවක් පුරා කලින් කලට සිදුවන්නා වූ මෙවන් විවිධාකාරයේ සෝචනීය සිදුවීම් සියල්ල එකට කැටිකොට නූතන පරම්පරාවන් මෙලොව එලිය දැකීමට පෙර ඉතිහාසයට පියමංකර ගැඹූරින් මුත් කෙටි සමාලෝචනයක් ගෙන හැර දක්වන්නේ නම් සටහන් කල යුතු වන්නේ අාවේගයට පත්ව අප විසින් පොලිසියට හිටපු රාජ්‍ය නායකයින් හට හෝ වත්මන් පාලනයටවත් අන් කිසිවකුටවත් දොස් පැවරීමෙන් පලක් නොවන බවයි මන්ද යත් අපි අමතක නොකල යුතුයි පැවති රුදුරු යුධ සමය ඒ අවශ්‍යතාවය වෙනුවෙන් පැටිකිරිය ^pedigree) ගැඹුරින් නොසොයා නොබලා සියළු අාරක්ෂක අංශ වෙත බඳවා ගැනීම් කරන්න සිදු උනා අැතිවූ ඒ හිඩස තුල නුසුදුස්සෝ රංචු පිටින් පාලනාධිකාරියේ සුවිශේෂී අංශ කරා ගාල් උනා නමුත් පෙර කල මෙවන් අංශ වෙත බඳවා ගැනීම් කල අාකාරය විග්‍රහ කරන්න මට මෙහි ඉඩ මදි ^වැඩිහිටියන්ගෙන් විමසා දැනගන්න&

මෙහිදී මා හට රාජ්‍ය පාලකයින් හට මතක් කර දීමට අවශ්‍යව අැත්තේ පස්චාත් යුධ සමයක සිටිනා අප රට දැන් නැවත මෙවන් සියළු අංශ පිලිබඳ පූර්න පසු විපරමක් කොට පුනරුත්තාපනයකට ලක්කල යුතු බවයි
අැඹිලිපිටිය තරුණයාගේ මරනය - පොලිසිය කියූ බොරු
ස්තුතියී
සත්පුරවැසියා

http://www.gossiplankanews.com/2016/01/investigation-of-embilipitiya-sumiths.html

මීට වසර දෙකකට පෙර සත් පුරවැසියා ප්‍රකාශයට පත් කර අැති තමාම ලියූ තවත් වදන් වැකියක්...



මීට වසර දෙකකට පෙර සත් පුරවැසියා ප්‍රකාශයට පත් කර අැති  තමාම ලියූ තවත් වදන් වැකියක්...


Thursday, January 14, 2016

සත් පුරවැසියාගේ වදන් වැකි...

මීට දශක එකහමාරකට පෙර
සත් පුරවැසියා
ප්‍රකාශයට පත් කර අැති තමාම ලියූ වදන් වැකි...