Tuesday, July 30, 2019

"අපි වෙනුවෙන් අපි"ම අපේ විමුක්තිය උදා කර ගැනීමට පෙල ගැසෙමු. අපේ පරමාධිකාරී බලය අාපසු අපේම අතට ගෙන.. සුදුස්සන් සියල්ලන්වම සුදුසු ලෙස රජ කරවමු.

"අපි වෙනුවෙන් අපි"ම අපේ විමුක්තිය උදා කර ගැනීමට පෙල ගැසෙමු. අපේ පරමාධිකාරී බලය අාපසු අපේම අතට ගෙන.. සුදුස්සන් සියල්ලන්වම සුදුසු ලෙස රජ කරවමු.
*************************************************************************

අපේ පරමාධිකාරී බලය අපේ අතට අරගෙන ඉන් පසු අපි සුදුස්සන් ලවා අාණ්ඩු කරවමු. අපිට දැන් විශ්වාස කරන්න කෙනෙක් ඉතුරු වෙලා නෑ මේ ලංකාවේ. ඒ නිසා මේ පාර අපි රටේ සමස්ත ජනතාව එකතුවෙලා හදන ජනතාවාදී අාණ්ඩුව තුල ගෝඨා, නාගා, සජිත්, x, y, z, ඉංගිරීසි හෝඩියේ හෝ සිංහල හෝඩියේ හෝ තියෙන මොන අකුරින් එන නමකට අයත් ඕනම කෙනෙකුට තම තමන්ගේ සුදුසුකම් අනුව කටයුතු කරන්න අවස්ථාවල් අපි හදලා දෙනවා.




උදාහරන වශයෙන් අපි හදන ජනතාවාදී "ධර්ම රාජ්යය මහජන සමූහ අාණ්ඩුවේ"...
===============================

*වෙනත් අභිබවා ගිය සුදුස්සෙක් නොසිටියොත් ව්යවස්ථාදායක සභාවේ ප්රධානියා හැටියට නාගානන්ද මහතා රජ කරවන්න යෝජනා කරනවා..

*වෙනත් අභිබවා ගිය සුදුස්සෙක් නොසිටියොත් පරිසර අලංකරනයට ගොඨාභය මහතා රජ කරවන්න යෝජනා කරනවා..!

*වෙනත් අභිබවා ගිය සුදුස්සෙක් නොසිටියොත් නිවාස හා ඉදිකිරීම් සමෘද්ධි වැනි වැඩ සටහන් සඳහා සජීත් මහතා රජ කරවන්න යෝජනා කරනවා...!

* සියළු වැව් ප්රථිසංස්කරනය කෘෂිකර්මාන්තය වැනි කාරනා වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුනේ සහෝදරයින් රජ කරවන්න යෝජනා කරනවා..!

* වෙනත් අභිබවා ගිය සුදුස්සෙක් නොසිටියොත් නගර නිර්මාන හා තාක්ෂනික‍ කාරනා සම්බන්ධයෙන් පාඨලී චම්පික මහතා රජ කරවන්න යෝජනා කරනවා..!

* ඉම්පාේටඩ් ෆොරින් කසල කළමණාකරනයට මිස්ටර් ඉන්ටලිජන් රජ කරවන්න යෝජනා කරනවා..!

*වට්ටක්කා වගාව බලාගැනීමට වට්ටක්කයාව රජ කරවන්න යෝජනා කරනවා..!

*පාෙල්ලෙලි අාශ්රිත කර්මාන්ත නගා සිටුවීමට මිස්ටර් ගොම්බා සහ මිස්ටර් පාවාදුන්න පත් කරන්න යෝජනා කරනවා..!

*වත්මන් ජනපති සහ වත්මන් අගමැති විශ්රාම යවනවා.

*හිටපු ජනපතිව බලෙන් හෝ වැරදි යාළුවන්ගෙන් අෑත් කරලා නිවාස අඩස්සියේ තියනවා සැනසිලි සුවයෙන් විවේක ගැනීම පිනිස. නැත්තම් පොල්ලෙලි කාරයෝ අැවිල්ල අාපහු පාරක් ඒ මනුස්සයාගේ ඔලුව නරක් කොරලා මැද මූලන බාල්කයේ එල්ලයි... පව්නේ. අපි මේ පාරවත් ඒ වටිනා කියන මනුස්සයාට සැනසිල්ලේ විශ්රාම සුව විඳින්න අවස්ථාව උදා කරල දෙන්න ඕන.

ඊට පස්සේ පුළුවන් යුද්ධය දිනවපු හිටපු නායකයා බලන්න යන්න. වැඳ නමස්කාර කරන්න යන්න සියළු ජනතාවට කිසිම කරදරයක් බාධාවක් නැතිව එයා නිදහස් සුවයෙන් ඉන්න නිසා හාන්සි පුටුවට වෙලා.

අැයි ඉතින් ඒ මනුස්සයාට 2015 ජනවාරි 08 වැනිදා ඉඳන් මැද මූලන ජනේලයේ එල්ලලා අර පොල්ලෙලි කාරයෝ එකතුවෙලා මේ වෙනකම් මොන දස වදයක් දුන්නද එක දවසක්වත් නිදා ගන්න නොදී කරවෙච්චි රොටියී.. බිත්තර අාප්පයි.. කකා මං කියන්නේ බොරුද...

ඉතින් අපි ජනතාව විදියට සියළු ප්රශ්න කාරනා අමතක කරලා අපේ හිටපු නායකයින් පාලකයින් 225+1 බොහෝම අාදරෙන් විනෝදයෙන් බලෙන් හෝ විශ්රාම යවලා අපි රට කරවලා එයාලගේ දුවා දරුවන් පවා ගොඩ යවලා බය හැක නැතිව මව් රටේ සියල්ලන්ටම ඉන්න හැකි පරිසරය හදලා දෙනවා සහතික වශයෙන්ම. එයාලගේ භාර්යාවන්ට පවා සැනසිලි සුසුම් හෙලන්න පුළුවන් වෙන්නට.

මොකද මේ පාර එයාලත් චන්දේ දාන්නේ අපේ පෙට්ටි වලටයි.

සෝභිත අාතූරයා සත්පුරවැසියා සහතික වශයෙන්ම කියා සිටිනා වගයි.

සෝභිතාවතාර / Sobithawathara
2019/07/30
sobithawathara.blogspot.com/




සෝභිතාවතාර / Sobithawathara
2019/07/30
sobithawathara.blogspot.com/
සෝභිතාවතාර / Sobithawathara
2019/07/30
sobithawathara.blogspot.com/

No comments:

Post a Comment