Monday, July 22, 2019

To Leads Lanka Web Site - From Sobithawathara - 2019/07/22 / ඔබලාගේ වෙබ් අඩවියෙන් අපේක්ෂිත කාරනාව ඉතා වැදගත් වුවද... / ඔබලාගේ අනාගත දැක්ම යාවත්කාලීන වී නොමැති බව කාරුනිකව දන්වමි. / මෙයට විශ්වාස. සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීම උදෙසා දිවි හිමියෙන් කැපව ක්රියා කල අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා නොහොත් අනුවර්තන (සෝභිතාවතාර) ඔබලා නිහතමානී නම් මෙම අඩවියේ අැති සංකල්පනාවන්ගෙන් සුදුසු ප්රයෝජනයක් ගනිත්වා. පිවිසෙන්න සොබා දහමේ අඩවියට - www.sobithawathara.blogspot.com - 2019/07/22

====================================================================
To Leads Lanka Web Site - From Sobithawathara - 2019/07/22










=====================================================================

ඔබලාගේ වෙබ් අඩවියෙන් අපේක්ෂිත කාරනාව ඉතා වැදගත් වුවද... (https://www.facebook.com/2390367354529420/videos/530429644159020/) ඔබලාගේ අනාගත දැක්ම යාවත්කාලීන වී නොමැති බව කාරුනිකව දන්වමි. මා එසේ පැවසීමට හේතුව වන්නේ දශක 7 කට වඩා ඉපැරනි මෙම මිනිසුන් බෙදා වෙන් කර විරසක කර අැති පාට පක්ෂ දේශපාලන සන්දර්භය තුල රටට ජනතාවට කිසිදු සෙතක් සිදුවී නොමැති වීමය. එම නිසා පෘතග්ජන ලෝකයේ මෙවන් වූ විෂම සමාජ ක්රමයක් තුල තව දුරටත් කොහෙන් සොයා කිනම් අාකාරයේ මිනිසුන් අප පවතිනා මෙම ක්රමය යටතේ ජනතා සේවකයින් ලෙස පත් කර යැවූවද ඒ කිසිවෙකුත් මුලින් සිතා සිටි අාකාරයේ ජනතා සේවයක් ඉටු කිරීමට පවතිනා මෙම ක්රමය තුල පරිසරයක් සැකසී නොමැත. අවසානයේ රටට ජනතාවට සේවය කරන්නට යන සැමටම සිදු වන්නේ තමන් ගැන සිතා අඩුම තරමින් තම විශ්රාම වැටුපවත් ස්ථිර වන තුරු පාර්ලිමේන්තුව කබල් ගාමින් කල් මැරීම පමනි. එම නිසා දැන් විශේෂයෙන් අප රට පෙරටු කොට ගත් සමස්ත ගෝලීය දේශපාලන කරලිය තුල ජනතාවට පවතිනා බලවත්ම අභියෝගය සහ විනාශය වී අැත්තේ... තම තමන් තම අසල් වැසියා යහලුවා නෑදෑයා සමහර විට තම භාර්යාව පවා තම මතයෙන් දුරස් කරවනා සට කපටින්ගේ පාට පක්ෂ දේශපාලන ක්රමය තව දුරටත් ඉහ මත තබාගෙන ඉදිරියට අනාගතයට පියමං කරනවාද යන්නය. එසේ මෙම යල් පැන අැති ක්රමය කරපින්නාගෙන ගොස් අපි නැති කලෙක අපේ මතු පරපුර අපේ දුවා දරුවන් රටේ දරුවන් හට අපට සිදුවුනු අපේ වටිනා ජීවිත පරල කල විනාශය කැන්දූ කාලකන්නි ක්රමවේදය ඉතිරි කර මියැදෙනවාදැයි සිතා බැලීමට මීටත් වඩා අත්දැකීම් බහුල කල යුගයක් නාෙමැති තරම් නොවේද...! එසේනම් සබුද්ධිමත් මානව ඉතිහාසකින් පැවත එන අපි ශ්රී ලාංකිකයෝ විදියට මේ අභියෝගය මෙන්ම ශාපය මුලිනුපුටාලිය හැකි නවමු ක්රමවේදයන් පිලිබඳ සිතන්නට පටන් ගත යුතු නොවේද...! එසේනම් විශ්වයේ අැති අනුහස් මතින් අප රට අප දේශය වෙත විශ්ව මාතාවගේ අැති අැල්ම බැල්ම මහිමයෙන් බල ගැන්වෙනා බලවේගයක් විසින් ඉදිරිපත් කර අැති ලෝකයටම නවමු අාණ්ඩුකරන සැලැස්මක් ජනිතව අැත. කරුණාකර නිහතමානී වී එකී අඩවියට පිවිස ඒ පිලිබඳ වූ සියුම් අවධානයක් යොමු කොට සිතා බලන්න. අපි කල යුතුව අැත්තේ සැමදාම මිනිසුන් පාට පක්ෂ වශයෙන් බෙදා වෙන් කර, කොල පාට මිනිහාගේ අාණ්ඩුව තියෙන කල නිල් පාට මිනිහාට අවැඩදායක කල... නිල් පාට මිනිහාගේ අාණ්ඩුව තියෙන කල කොල පාට මිනිහාට අවැඩදායක කරමින් අපි අපිව බෙදා වෙන් කර සට කපට ගජ මිතුරු පිරිසක් කලින් කලට බලය මාරු කර ගනිමින් මැච් එක ඔවුන්ම ගසා ජනතාවට ඒවායේ වියදම් පියවමින් සැමදාම මිරිඟුවකට හසු වූවන් සේ හෙටක් අනාගතයක් නොමැතිව ජීවිත පරල කර ගන්නට සිදු වූ වැරදි ක්රමවේදයට නැවතීමේ තිත තැබීමේ මෙහෙයුම නොවේද...? ඉතින් මෙවන් වූ වැරදි ක්රවේදයක් පවත්වාගෙන යමින් අපි කෙතරම් යහපත් මිනිසුන් සොයා පාර්ලිමේන්තුව වෙත අපේ නියෝජිතයින් ලෙස තෝරා පත් කර යැවූවද කාලයක් යන විට ඔවුන්වද අඩු වැඩි වශයෙන් පවතිනා සන්දර්භය වෙතටම අනුගත වීම වැලැක්වීම සක්කරයගේ පුතා වයිමාටවත් නොහැකි වනු නියතය. මන්ද යත් මේ වන විට පවතිනා පාර්ලිමේන්තුවේ සිටිනුයේද කාලයකට ඉහත අපේ රට තුල සිටි අප ඉතා හොඳින් දන්නා ඉතාමත් විශිෂ්ඨ මිනිසුන්ය. නමුත් මේ වන විට ඒ අතරින් බහුතරයක් මා ඉහත විස්තර කල පහත් අඩියට තල්ලු වී අැති බව පාස්කු ප්රහාරය මුළු රටේම ජනතාවට ඕනාවටත් වඩා සාක්ෂි දරා ශපත කර අැත. ඉතින් ඔබලා විශ්වාස කරනවාද ඔබලා සොයනා මිනිසුන් අහසින් වඩිනා දෙවියන් වේ යැයි කියා. ඒ නිසා අපි පාස්කු ප්රහාරයේ මියගිය අපේ මිනිසුන් හට නිවන් මග අත් වන්නටත් ඔවුන්ගේ සාෙහොන් කොත් මතින් ජීවත්ව සිටිනා සියල්ලන්ගේ ජීවිත වලටත් අනාගතයටත් විමුක්තියක් අත් කර දෙනු වස් සහ අපේ මාතෘ භූමිය පත්ව පවතිනා මේ දුර්ධාන්ත යුගයෙන් ඉහලට ඔසවා තබනු පිනිස අපේ පරම යුතුකම සේ සලකා කැප වී පලමුව මේ පවතිනා වැරදි ක්රම වේදය බැහැර කොට පාට පක්ෂ වශයෙන් ඔබ සැම හා මා සහ අපේ අහිංසක ජනතාව බෙදා වෙන් කරනා පක්ෂ දේශපාලන ක්රමය අතුගා දමමු. ඉන් පසු "අපි වෙනුවෙන් අපි"ම කැපවී අපේ මතු පරපුර හට අපට අත් වූ ඉරනම අත් නොවනා දියුනු විද්යාත්මක කලින් කලට අඩු පාඩු සකස් කොට යාවත්කාලීන කල හැකි ගෝලීය දේශපාලනය උඩු යටිකුරු කරනා ලොවටම නවමු ක්රමවේදයක් (සිස්ටම්/Sistem එකක්) බල ගන්වමු. මේ පිලිබඳව සවිස්තරාත්මකව හදාරන්නට පිවිසෙන්න සොබා දහමේ අඩවියට - www.sobithawathara.blogspot.com එහි fb පිටුව වන්නේ... https://www.facebook.com/sathpurawasiya අාරම්භයේ සිට අවසානය දක්වා සියල්ල කියැවූ ඔබ සැමටම ඉතාමත්ම ස්තුතියී. මෙයට විශ්වාස. සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීම උදෙසා දිවි හිමියෙන් කැපව ක්රියා කල අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා නොහොත් අනුවර්තන (සෝභිතාවතාර) ඔබලා නිහතමානී නම් මෙම අඩවියේ අැති සංකල්පනාවන්ගෙන් සුදුසු ප්රයෝජනයක් ගනිත්වා. පිවිසෙන්න සොබා දහමේ අඩවියට - www.sobithawathara.blogspot.com 2019/07/22

No comments:

Post a Comment