Monday, November 12, 2018

ශ්රී ලංකා නිදහස් පක්ෂයට වටිනා උපදේශනයක් / නිර්පාක්ෂික, නිර්දේශපාලනික සෝභිතාවතාරයෙන් - 2018/11/12


ශ්රී ලංකා නිදහස් පක්ෂයට වටිනා උපදේශනයක්.. 
නිර්පාක්ෂික, නිර්දේශපාලනික සෝභිතාවතාරයෙන්. 
2018/11/12

දේශපාලන දිවියේ රන්කිරි තාෙල ගෑ තම මව් පක්ෂයට අැති අප්රමේය වූ අති මහත් ගෞරවයට සහ භක්තියට කිසිදු අවමානයක්, උපද්රවයක්, හානියක් සිහිනෙකිනුදු නොවනු අටියෙන් මහින්ද රාජපක්ෂ මැතිඳුන් දුර දක්නා නුවනින් යුතුව අනාගත පරපුරේ සහ රටේ යහපත පිනිස පැවැත්වීමට නියමිත නුදුරු තීරනාත්මක මැතිවරනයේදී තමන්ගේ දේශපාලන දිවියට නොමැකෙනා කලු පැල්ලම් අැති කල තමන් හට බොරු අැඟෑලුම් කම් පෙන්වමින් දූෂනයෙහි සහ භීෂනයෙහි යෙදෙමින් ඉදිරි මැතිවරනයෙන් පසුවත් තමන්ගෙන් අයුතු ප්රයෝජන ගන්නට යලිත් තමන් විනාශ කරන්නට මාන බලා සිටිනා හොරු රැල තම මව්

පක්ෂය වූ ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් ගලවාගෙන හොරුන් සඳහාම අටවා අැති පොහොට්ටුවට ගාල් කිරීමට වග බලාගෙන අැත.

එම නිසා දැන් නැවතත් ඉතිහාසයේ පැවති ඒ අභිමානනීය වූ ශ්රී
ලංකා නිදහස් පක්ෂය යුගයට ගැලපෙනා ලෙස යාවත්කාලීන (Update) කිරීමට අවස්ථාවක් උදා වී අැත.

මෙතුවක් කාලයක් හොරු නිසා යන එන මං අහිමිව අසරන වී සිටි උගත් වැදගත් පරිනත පාරම්පරික ශ්රීලනිප පාක්ෂිකයාට කිසිදු බියක් සැකයක් හිරිකිතයක් නොමැතිව තම පරමාධිපත්යය බලය වටිනා චන්දය පාවිච්චි කිරීමට හැකි පරිසරයක් අැති කිරීමට දැන් එම පක්ෂයේ නිර්මාතෘවරුන් හට වගකීමක් සහ යුතුකමක් පැවරී අැත.

චන්ද පදනම අඩු වුවත්... වැඩි උවත්... පරිනත දේශපාලනික සන්දර්භයක් තුල රටටත් අනෙකුත් දේශපාලනික ප්රවාහයන් හටත් (ජේවීපිය සේ) පරමාදර්ශී වෙමින් සම්මුඛ පරීක්ෂන මගින් තෝරා ගනු ලබනා උගත්, වැදගත්, විනීත, නවක තරුණ තරුණියන්ගෙන් යුත් පරපුරක් බිහි
කොට හරවත්, සාරවත් රටට වැඩදායක අැති නවමු දේශපාලනික බලවේගයක් යලි බිහි කිරීම පෞඩ ඉතිහාසයක් අැති පක්ෂයකට ඉතාමත් කාලෝචිත ක්රියාන්විතයක් වන්නේය.

මේ සඳහා සංහිඳියාවේ පතාකයෙකු වන අභාවප්රාත්ත විජය කුමාරතුංගයන්ගේ පුත්
විමුක්තිගේද දායකත්වය සහ එම මෑණියන්ගේද පූර්න අාශිර්වාදය අැතිව පක්ෂයේ නිර්මාතෘවරුන් වන අභාවප්රාත්ත එස්.ඩබ්.අාර්.ඩී. බණ්ඩාරණායක ශ්රීමතාණන් හට සහ අභාවප්රාත්ත සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය හට පිං පිනිසත්, ගෞරව පිනිසත්, සුපිරිසිඳු ශ්රීලනිප පාක්ෂික ප්රජාවගේ යහපත සහ අස්වැසිල්ල පිනිස මෙම යෝජනාව පිලිබඳව ධනාත්මක චින්තනයෙකින් යුතුව සලකා බලනා ලෙස යෝජනා කරමු.


කුමක් කෙසේ වෙතත් මෙහිදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන් නිර්පාක්ෂිකව කටයුතු කිරීම අතිශය වැදගත් වේ. 

නමුත් එකී ප්රජාව වෙනුවෙන් මෙකී යෝජනාව සිදු කල සෝභිතාවතාර සැමදාමත් නිර්පාක්ෂික මෙන්ම නිර්දේශපාලනික බව ඉතා කරුණාවෙන් සලකන්න.
ස්තුතියී.
2018/11/12

No comments:

Post a Comment