Friday, December 2, 2016

සෝභිත හිමිගේ අවසන් මෙහෙයුම - 2020 FINAL MISSION

සෝභිත හිමිගේ අවසන් මෙහෙයුම
2020 - FINAL MISSION
http://sobithawathara.blogspot.com/2016/12/2020-final-mission.html
අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ පූර්න මැදිහත්වීමෙන් සහ නායකත්වයෙන් මෙහෙයවනු ලැබූ දේදුනු විප්ලවයේ අානුභාවයෙන් රාජපක්ෂලාගේ ඒකාධිපති වියරුවේ යමපාලනය සුන්නත්දූලි කොට පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මැතිඳුන් ජනාධිපති පදවියේ හිඳුවා බිහිකරවනු ලැබූ යහපාලන රජය තුලින් සබුද්ධික වූ තීරක දේදුනු ප්රජාව අපේක්ෂා කල බොහෝ සුවිශේෂී කරුනු කාරනා ඉෂ්ඨ කිරීමට අැති නොහැකියාව හෝ නුවුවමනාව මේ වන විට ක්රක්ක්මයෙන් නිරූපනය වෙමින් පැවතීම පිලිගත හැකිව අැති සත්යයකි.

නමුත් මෛත්රීපාල සිරිසේන ජනපතිඳුන් හට තම හදවත තුල එකී සමාජ අවශ්යයතාවය සහ මුඛ්යය පරමාර්ථය ඉෂ්ඨ කිරීම වෙනුවෙන් කිසියම් උවමනාවක් අැතත් එතුමානන් දැඩි අසරන භාවයක පසුවන බවත් සිතා ගැනීම සෝභිතාවතාරට අසීරු නැත.

එනමුත් අදාල පොරොන්දුව අනිවාර්යයෙන්ම ඉෂ්ඨ කලයුතු එකක් බව දේදුනු සංග්රාමයට පාදක සැවොම අවධාරනය කර ගත යුතු වන්නේ මේ වන විට ජීවතුන් අතර නොමැති සුවිශේෂි නියමු චරිතයක් වූ සෝභිත හිමිපානන්ගේ නිසල දේහය අභියස සපත කල පොරොන්දුවක් බැවිනි.
තම සිහිනය සැබෑවක් වන තුරු නිවන් මගට නොපිවිස අවතාරයක්ව විශ්වයේ සැරිසරමින් දසන් දල්වා බලා හිඳිනා සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා ලවා අදාල කාරනය නැවත නැවතත් සමාජ ගත කරන්නේ කොලොප්පමටවත් විහිළුවටවත් නාෙවනා බවද වගකිවයුතු සියළු පාර්ශවකරුවන් අවධාරනය කාෙට ගතයුතු මනාය.

දේදුනු සංග්රාමයේ මුඛ්යය පරමාර්තය යථාර්තයක් වීම වර්තමානයේ රටේ දේශපාලන ව්යුහය තුල පවතිනා අකර්මන්යය සහ මන්දගාමී භාවය තුල තව දුරටත් විශාල බලාපොරොත්තු අැති කර තබා ගැනීමෙන් සබුද්ධික දේදුනු විප්ලවීය ජනතාවගේ අභිප්රායය ශේෂවී යාමට බොහෝ දුරට ඉඩකඩ අැත.

එසේ උවහොත් යලි එය යථාතත්වයට පත්කර ගැනීම අසීරු වී මීලඟ අවසන් කඩඉම ගිලිහී යාහැක. 

එසේ වීමට සෝභිතාවතාර විශ්වයේ සැරිසරනා තාක් ඉඩ නාෙතබනු අැත.

එනිසා දැන් උදාවී අැත්තේ සෝභිත හිමිගේ මීලඟ සැලැස්ම සබුද්ධික දේදුනු ප්රජාව සහ උන්වහන්සේ හා ජීවතුන් අතර සිටියදී ඒකරාශීව කටයුතු කල සියළු සමාජ බලවේග සහ හිතමිත්රාදී සියල්ලන් වෙත ගෙන හැර දැක්වීමට කාලයයි.

රටේ අනාගත පරපුර වෙනුවෙන් සාධාරන සමාජයක් බිහිවිය යුතු යැයි හදවතින්ම පතනා යහපාලන රජයේ සහ සමස්ත දේශපාලන කරලියේ සිටිනා සියළුම වියතුන් සහ සෝභිත හිමි හා ඒකරාශීව කටයුතු කල සියළු සමාජ බලවේග සහ හිතමිත්රාදී සියල්ලෝම දේදුනු විප්ලවයේ අවසන් මෙහෙයුම වෙනුවෙන් සංවිධානය වීමට කාලය උදා වී අැත.

මුලින්ම ඒ වෙනුවෙන් උපායමාර්ගික බුද්ධි මණ්ඩලයක් සහ මෙහෙයුම් කමිටුවක් පත්කර ගත යුතුය.

ඒ වෙනුවෙන් සෝභිත හිමිපානන්ගේ නාම යෝජනා ලැයිස්තුවේ පහත සඳහන් නම් සහ අැඟවීම් අනුමත කර අැත.

වත්මන් ජනපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිඳුන්, ගරු කථා නායක කරූ ජයසූරිය මැතිතුමා, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා, අතුරලියේ රතන හිමි, රන්ජන් රාමනායක, සුනිල් හඳුන්නෙත්ති, ටිල්වින් සිල්වා, චම්පික රණවක, ඊනිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර, හර්ෂ ඩි සිල්වා, එරාන් වික්රමසිංහ, සා්ෙභිත හිමිගේ සාධාරන සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ වත්මන් සභාපති සහ ඉදිරිපෙල සාමාජිකයින්ද අැතුලු සෙසු පුරවැසි කමිටූන්හි මූලික නායකයින්ද මෙහි නොකියැවුනු වෙනත් සුදුසු මූලික චරිත අැතුලත් වන ශක්තිමත් අඩිතාලමක් ප්රමුක කාර්යය සේ සලකා පිහිටුවා ගත යුතුය.

ඉන්පසු එකී ව්යාපාරය මගින් තුන්කල් අධියරයන් වශයෙන් සැලැස්ම ක්රියාවට නැංවිය යුත්තේය.

අධියර 01 - පවතින යහපාලන රජයට 2015 ජනවාරි 08 විප්ලවයේ ජයග්රහනයට තුඩු දුන් මූලික පොරොන්දු ඉටු කිරීමට තවදුරටත් දිගින් දිගටම බලපෑම් සිදු කිරීම.

අධියර 02 - අදාල ප්රමුඛ පොරොන්දු ඉටුකිරීමට සම්මුතිවාදී යහපාලන රජය අපොහොසත් නම් 2018 සිට මීලඟ 2020 මැතිවරනය දක්වා ඒ පිලිබඳ අනතුරු අැඟවීම් සිදුකිරීම.

අධියර 03 - එකී අනතුරු අැඟවීම් කිසිවක් කනකට නොගෙන නාෙසලකා හැර ගජමිතුරන් රකිමින් ඉතිහාසය පුරා සිදුවූ සුපුරුදු තක්කඩි දේශපාලනය තව දුරටත් සිදුවෙයිනම්... ඊට තිත තබමින් මෙතෙක් මෙරට බිහි නාෙවූ සුවිශාලතම මහජන ව්යාපාරය බල ගන්වා නව්යයතම දේශපාලන මුහුනුවරකින් යුත් පුලුල් ජාතික සන්ධානයක් බිහිකොට මීලඟ සැඟවූ පොදු අපේක්ෂකයා 2020 මැතිවරනය සඳහා ඉදිරිපත් කොට සුවිශාල ජයග්රහනයකට ලක්කොට නිර්මානාත්මක නව්යය දේශපාලන ක්රමවේදයක් සහ අණපනත් අැතිකොට සියළු පක්ෂවල සිටි සියළු දූෂිතයින් අතුගා දමා, එතෙක් පැවති ලාංකේය දූෂිත දේශපාලනයට තිත තබා රට නව්යය මාවතකට ගෙන මතු පරපුරේ යහපත උදෙසා යාවත්කාලීන කරවීමේ අවසන් මෙහෙයුම සක්රීය කොට ක්රියාත්මක කල යුතුය.

එ් උදෙසා සෝභිතාවතාර තවදුරටත් විශ්වයේ සැරිසරයි.
2016/12/03

No comments:

Post a Comment