Saturday, July 17, 2021

භූදේශපාලනික බලපෑම් වලින් මව්බිම නිදහස් කර ගනිමු

 භූදේශපාලනික බලපෑම් වලින් මව්බිම නිදහස් කර ගනිමු

පාට/පක්‍ෂ පිස්සුව අතහැර මානුශීයවාදී ලෙස මුළු මහත් ලෝකයටම පරමාදර්ශී වෙමින් සාමකාමී නොබැඳි පිලිවෙතකට භූදේශපාලනය ඔසවා තැබීමේ අවිහිංසාවාදී විශ්ව මහා අරගලය මෙතැන් පටන් සක්‍රීය කරමු.


දශක ගනනාවක ඉතිහාසය පුරාම අපගේ මේ උතුම් මව්බිම දේශපාලනික වශයෙන් කළමණාකරනය කිරීමේදී භාවිතාවට ගැනුනු ඉතාමත් වැරදි ක්‍රමවේදයක් වූ විධිමත් ජාතික ප්‍රතිපත්තියක් නොමැති අසාර්ථක පාට/පක්‍ෂ ක්‍රමයේ පැවති බෙදීම් නිසාම රටට ජාතියට කිසිදු ආදරයක් නොමැති.. නිල කාලය තුල මමත්වය ගැන පමනක් වැඩිපුර සිතූ භාරකාර ප්‍රජාවක් ආවා/ගියෝ නිසාම වර්තමානය වන විට නිජබිම් කරුවන් හට තම මව්බිම අහිමි වන තරමේ අවධානමකට පත්ව ඇත.


බලය සහ අවස්ථාවාදය වෙනුවෙන් හිටපු සහ පවතින අමනෝක්ඥ භාරකාර ප්‍රජාව විසින් ගනු ලැබූ සහ ගනු ලබන රටට ජාතියට අහිතකර තීන්දු තීරන නිසා අපගේ මාතෘ භූමිය නානාවිධ විදෙස් බලවේගයන්ගේ අදිසි අත පෙවීම් වලින් තොරව තවත් එක් දශමයක්වත් ඉදිරියට යා නොහැකි ලෙස නාසය තෙක් දියේ ගිලී අවසන් බව පෙරහැර දෙස විමසිලිමත්ව බලා සිටි සබුද්ධිකමත් රටේ පුරවැසියන් හට මේ වන විට සුපැහැදිලි ලෙස අවබෝධ වී හමාරය.


තත්ත්වය එසේනම් යාහැකි වෙන අන් කිසිදු දිසාවක් නොමැති එකී දේශයේ ජාති/ආගම්.. කුල/මල.. සියළු භේදයන්ගෙන් තොර සමස්ථ ශ්‍රී ලාංකිකයින් පාට/පක්‍ෂ සියල්ල අතහැර විදෙස් ආක්‍රමනිකයන්ගෙන් මව්බිම නිදහස් කර ගැනීමේ විමුක්තිකාමී අරගලය වෙත අවිහිංසාවාදී ලෙස නැඹුරු විය යුතු තීරනාත්මක කාල පරිඡ්fචිදය උදා වී ඇත.


දැන් අපි කිසිවෙකු එක එකා දෙස වරදෙහි දබරැඟිල්ල දිගු කරමින් කාකොටා ගෙන පලක් නැත. සිදුව ඇති ඒ මහා වරදට හිටපු සහ පවතින දේශපාලකයින් සහ අල්පයක් හැර අන් සියළු ජනතාවත් අඩු වැඩි වශයෙන් වගකිව යුතුව ඇත.


එහෙයින් දැන් රටේ සමස්ථ ජනතාව සියුම් ලෙස අවබෝධ කරගත යුත්තේ කාලයක් පුරා පාට/පක්‍ෂ මාරු කරමින් එක් එක් කල්ලි කණ්ඩායම් වෙත රටේ පාලන බලය ලබා දෙමින් සිදුකල ක්‍රියාන්විතය නැතහොත් ඒ දේශපාලන ක්‍රමවේදය අසාර්ථක බවයි.


ප්‍රථග්ජනයින් නිසා එක් අතකින් බලන කල යම්කිසි පමනකින් සාධාරන උවත්.. උනුන් තුල පවතින උද්දච්ච පෞරුෂ උඩඟු කම නිසා බලයේ සිටි කිසිදු පක්‍ෂයක් හෝ රජයක්.. යහගුන ඇති නායකයෙක්.. කණ්ඩායමක්.. ඉතිහාසයේ කවර කලෙකවත් අඩියක් පස්සට තබා නිහතමානී ලෙස ප්‍රතිපක්‍ෂ/විපක්‍ෂ කිසිවෙකු සමග සහජීවන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් කිසිදු ජාතික ප්‍රශ්නයක් වෙනුවෙන් එක්සේසත් වී නැත.


එම නිසා තව දුරටත් රටේත්.. ජාතියේත්.. මතු පරම්පරාවන්ගේත් පොදු යහපත වෙනුවෙන් පවතින දේශපාලන ක්‍රමය තුලින් අපේක්‍ෂා කරලීමට ධනාත්මක කිසිවක් මේ වනවිට ඉතිරිව නොමැති බව සක්සුදක් සේ පැහැදිලිය. ප්‍රශ්නය තිබුනාටත් වඩා බරපතල ඉතාමත් උග්‍ර තත්ත්වයකට පත්ව ඇත. ගොඩ ඒමක් පෙනෙන තෙක් මානයකවත් නැත. උත්තරය සොයා ගැනීම ජනතාවටම භාර වී ඇත.


එසේනම් අප සතු අපේ ,පරමාධිකාරී, බලය වැඩකට නැති දේශපාලන ක්‍රමවේදයක් වෙත තව දුරටත් හිමි කර දී තිබීමෙන් ඇති ඵලය කිම.ෟ


අපි වෙනුවෙන් අපිට දැන් ඇති එකම විසඳුම වන්නේ අපේ විමුක්තිය අප විසින්ම උදා කර ගැනීම පමනි. ඒ අරමුන උදෙසා සැවොම එක්සේසත්ව අවධානය යොමු කල යුතුව ඇත්තේ එකී වරද නිවැරදි කරලිය හැකි පැහැදිලි මාවතක් දෙසය. නමුත් එය සිදු කරලීමට නම් පාට/පක්‍ෂ කරේ තබාගෙන අපට එය විධිමත් ලෙස සාර්ථක කරගත නොහැකි වනු ඇත.


එසේනම් මූලිකවම අප සිදුකල යුත්තේ අප සැමගේ මනස පාට/පක්‍ෂ වලින් තොර කරගෙන නිර්පාක්‍ෂික වීමයි. එවිට හැමෝගේම මනස තුල රජ කරනුයේ මව්බිම නමැති ජාතිකත්ව හැඟීම පමනි. එවිට ජාතියේ දැවෙන ප්‍රශ්නය තුල පවතින මූලික ඉලක්කය වෙත ඉතාමත් පැහැදිලි ලෙස නාබිගත වී විජයග්‍රහනය අත්පත් කර ගැනීම කිසිසේත් අසීරු කටයුත්තක් නොවනු නියතය.


මෙවන් වූ විමුක්තිකාමී අරගලයක් වෙනුවෙන් මුලු හදින්ම පෙනි නොසිට විරුද්ධ වීමට.. නොසතුටු වීමට.. කඩාකප්පල් කිරීමට.. සැබවින්ම දේශද්‍රෝහියෙකුට හැර වෙන් අන් කිසිදු පක්‍ෂ/විපක්‍ෂ පුරවැසියෙකු හට කිසිදු උවමනාවක් තිබිය නොහැක.


අපිට ඇත්තේ හතර වටින්ම මහා සාගර කලාපයකින් වටවූ ඉතාමත් පුංචි ලස්සන රටකි. නමුත් භූගෝලීය වශයෙන් බලන කල මෙම කලාපය මුළු මහත් ලෝකයටම වානිජමය වශයෙන් ඉතා වැදගත් සන්ධිස්ථානයක් බව පවතින භූදේශපාලනික අරබූදයන් සියල්ල දෙස විමසිලිමත්ව සමීකරනය කර බලන කල පැහැදිලිව පෙනී යයි.


ඒ කෙසේ වෙතත් ඉතාමත් පුංචි ජනගහනයක් වාසය කරන පුංචි දූපතක් වන අපගේ දේශය බලහත්කාරයෙන් ගොදුරු කර ගැනීමට ලෝක බලවතුන් කිසිසේත් උත්සාහ නොකරනු ඇත. 


නමුත් පවතින පක්‍ෂ/විපක්‍ෂ දේශපාලනික ගජ මිතුරන්ගේ බල සූදුව නිසා අප රටේ සමස්ථ ජනතාව පාට/පක්‍ෂ ලෙස බෙදා වෙන්කර විරසක කොට පැවතීම හේතුවෙන් පවතින ජාතික අසමගිය නිසා ආක්‍රමනිකයින් හට සැලුන් දොර නිරායාසයෙන්ම විවරව පවතී. නිදහසේ එන්නට යන්නට ඕනෑ කස්තිරමක් අල්ලන්නට.. ජාතික සම්පත් සූරා කන්නට.. කිසිදු විජාතික බලවේගයකට කිසිදු බලපෑමක් නැත. ජාතික ආරක්‍ෂාව නාම මාත්‍රයක් පමනි. 


අප රටේ පැවති සහ පවතින පාට/පක්‍ෂ දේශපාලනික ක්‍රමවේදයේ විධිමත් ජාතික ප්‍රථිපත්ති නොමැති.. තිරසාර නොබැඳි පිලිවෙත් නොමැති.. දෝෂය නිසා කිනම් පාටකින් කිනම් පක්‍ෂයක් බලයට පත් උවත් පවතින භූදේශපාලනික ප්‍රශ්නවලට විසඳුම් නොමැති නිසා ජාත්‍යන්තර වශයෙන් පවතින ආක්‍රමනික බලපෑම් නිමක් නැති බව සුපැහැදිලිව පෙනී යයි.


එම නිසා පවතින මේ අසාර්ථක බංකොලොත් දේශපාලන ක්‍රමය යටතේ නම් තව කොතෙක් කල් කෙතරම් රජයන් පත් උවත් රටට ගොඩ ඒමක් නොමැති සන්දර්භයක් තුල සමස්ත ජාතියටම තිරසාර විමුක්තියක් කිසිදාකත් අපේක්‍ෂා කල නොහැකි සිහිනයක්ව පවතී.


තත්ත්වය එසේනම් රටේ ජනතාව සතු ජනතාවගේ පරම අධිකාරී බලය යලි ජනසතු කරගෙන මිස පවතින මේ මහා අරබූදයට පිලියම් සෙවිය නොහැකි වනු ඇත. ඒ උදෙසා පාට/පක්‍ෂ භේද අතහැර සියළුම ජනතාව සහ ඇත්තටම රටට ජාතියට ආදරය ඇති අතලොස්සක් හෝ වන දේශපාලකයින් රට ජාතිය සහ මතු පරපුර වෙනුවෙන් එකම කඳවුරකට පිවිසීමේ තීරනාත්මක හෝරාව දැන් අප අභියස ඇත.


නිදහස් සාමකාමී පුරවැසියන් ලෙස අපට රජකම් කිරීමට උන්මාදයක් නොමැත. අවශ්‍යව ඇත්තේ අයාලේ යන අපේ මේ උතුම් මව්බිම යලි නිසි මගට යොමු කරලීමේ සත්භාවයෙන් යුත් අවංක උවමනාව පමනි.


මොනවා කරන්නටත් ප්‍රථමයෙන් වැටී සිටින්නට රටක් තිබිය යුතුය. රට අහිමි උවහොත් සිදු වන්නේ රට වටේට ඇති මුහුදට ලඟම ඇති පාරකින් ගොස් පැනීම පමනි.


ඒ නිසා කිසිවෙකු හට දැන් කාකොටා ගැනීම් ගහ මරා ගැනීම් කිසිවක් ගැන සිතීමට උවමනා නැත. අවශ්‍යව ඇත්තේ මව්බිම පත්ව ඇති අගාධයෙන් මුදවා ගැනීම පමනි. ඉන් පසු භේදයෙන් සහ විරසක කම් වලින් තොරව රට තුල දේශපාලනය කිරීමේ නිදහස සුදුස්සන් හට සුදුසු ලෙස විදිමත් ක්‍රමවේදයක් මගින් ස්වේඡ්චාවෙන්ම හිමිවනු ඇත.


නුදුරු අනාගතයේදී විධිමත් ඩිජිටල් ආණ්ඩුකරන ක්‍රමවේදයක් සබුද්ධිකමත් දුවා දරුවන් විසින් නියත ලෙස මේ මහ පොලව මත යථාර්තයක් කරනු හෙට පායන හිරු සඳු සේ නිස්චිතය. 


යුක්තිය රජයන සැමට එකසේ සාධාරන තිරසාර ලෙස සමෘද්ධිමත් සමාජයක් ඉනික්බිතිව අප රට තුල බිහිවනු ඇත.


නමුත් ඒ කිසිවක් නොසිතා මූලික වශයෙන් මේ මොහොතේ අවධානය යොමු කල යුත්තේ විධිමත් ජාතික ප්‍රතිපත්තිවලින් තොරව රටේ කොටසින් කොටස විදේස් බලවේගයන්ගේ ගොදුරු බවට පත්වීමේ අවධානමෙන් මුදවා ගැනීම ගැන පමනි.


ඉන් පසු සාමකාමී නොබැඳි පිලිවෙතක් යටතේ අපගේ පෞඩ වූ ජාතික අභිමානයද එලෙසම රැකගෙන කිසිවෙකු හමුවේ හෝ කිසිදු අයුරකින් යටහත්.. පහත්.. අසරන.. නොවී ලෝකයේ ඕනෑම බලවත් රාජ්‍යයක්.. හෝ රාජ්‍යයන්.. සමග වානිජ ගනුදෙනු.. සහජීවන ගනුදෙනු.. රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු.. යන මේ ඕනෑම කටයුත්තක් සාර්ථකව ඉෂ්ඨ සිද්ධ කරගෙන ඉතාමත් සුහද සිතින් වන සාමූහික ප්‍රයත්නයක විජයග්‍රහනයක් ලෙස මුළු මහත් ජාතියටම බුක්ති විඳීමේ සැනසිල්ල උදාකර ගත හැකි වනු ඇත.


නමුත් ආධ්‍යාත්මයෙන් බැහැරව විකෘති වී ඇති මානවයාගේ මනෝ භාවයන් පිලිබඳ  සියුම් ලෙස සලකා බලන කල භෞතික වූ පෘතග්ජන ලෝකය තුල කිසිදු කරුනක් කෙරෙහි පූර්න විශ්වාසයක් තබා කටයුතු කිරීම එතරම් ප්‍රඥාගෝචර නොවේ.


එම නිසා එකී අරගලය විජයග්‍රහනයකින් කෙලවර කරලීමට නම් ඒ වෙනුවෙන් විදිමත් සැලැස්මක් නිර්මානය කරලීමෙන් අනතුරුව විමුක්තිකාමී නිදහස් අරගලය සාමකාමීව ආරම්භ කල යුතුය.


මෙම විප්ලවයේ සුවිශේෂීත්වය වනුයේ අප සතු කිසිදු භෞතික යුධ අවියක් හෝ තුවක්කු පිස්තෝල කඩු කිනිසි හෝ අඩුම තරමින් පොලු මුගුරක්වත් නොමැති වීමය. සම්පූර්නයෙන්ම ඇත්තේ හදවතේ පවතින සත්‍යම පමනක් වූ පාරිශුද්ධ අවංක අදහස් වලින් පෝෂිත පරමානුක බර මිසයිල පමනි. ඒ යුධ අවි නිෂ්පාදන කිරීම වෙනුවෙන් අප එක ශතයක්වත් ජාතික ධනය වියදම් කරන්නේ නැත. එමෙන්ම ඒ සියළු අවි නැවත නැවත පාවිච්චි කල හැකි මෙන්ම ප්‍රහාරය එල්ල කල සැනින් තිබූ ස්ථානයටම යලි පැමිනෙන ලෝකයේ මෙතෙක් නිර්මානය වූ සාර්ථකම අධ්‍යාත්මික යුධ අවි වෙයි.  අප මහා සම්බුදු පියානන් එය මුළු මහත් ලෝකයටම ප්‍රායෝගිකවම ඔප්පු කර පෙන්වූ යුග පුරුෂවෙක් වෙයි.


ධාර්මික වචන වලින් දමනය කල නොහැකි ජගතෙක් fවි නම් ඒ නියත ලෙසම බුද්ධියක් ඇති මානවයෙක් ලෙස උපත නොලද දෙපාදයෙන් යුත් විකෘති සත්වයෙක් පමනක් වනු ඇත.


එසේනම් සැකයේ වාසියත් අපේ වාසියට පාදක කර ගනිමින් මෙතැන් පටන් මෙම විමුක්තිකාමී නිදහස් අරගලය ආරම්භ වන්නේ කිසිදු ජගතෙකු හට වැලැක්විය හෝ නැවැත්විය හැකි සංග්‍රාමයක් ලෙස නොවනු ඇත.


මෙම අරගලයට කිසිදු නායකයෙකු නැත. එය මමත්වය අතික්‍රමනය කරනු ලැබූ පරහිතකාමී වන නායකත්ව මණ්ඩලයකි. බල කාමයෙන් පිරුනු ඇත්තන් එහි නැත. මෙම අරගලය රැලි පිට රැලි නැගෙනා නොනවතින සුනාමියකි. කැඩපත තුලින් දෘශ්‍යමාන වන නායකත්වය විනාශ කල සැනින් තවත් නායකත්වයක් ඉබේම තවත් දිසානතියකින් සක්‍රීය වෙයි. එකා පිට එකා මරා දැමුවත් හෙට උපදින දරුවන් මෙහි නායකත්වය ස්චේඡ්චාවෙන්ම උරුමකර ගනී. මෙම නොනවතින අරගලය විනාශ කරලීමට නම් මින්මතු මේ උතුම් මව්බිම ලස්සන දූපත මුහුදේ ගිල්වා දැමීමකින් පමනක් මිස කිනම් බලවතෙකුට හෝ ලඟාවිය නොහැකි වන මිරිඟුවක් වනු ඇත. 


විශ්වීය පියානන්ගේත්.. සොබා දහම් මාතාවගේත්.. දැඩි ආදරය රැකවරනය ඇල්ම බැල්ම ඇති මේ උතුම් පින්බිම.. පූජනීය දූපත.. ඉතිහාසය පුරාවටවත් පැවති කිසිදු කෘර චෞරයෙකු හට විනාශ කල නොහැකි වූ යථාර්තයකින් සමන්විත වෙයි.


මෙතැන් පටන් මෙම ජාතික කර්තව්‍ය උදෙසා රටේ සියළුම පුරවැසියන් සහ යම් යම් දේශද්‍රෝහී දේශපාලකයින් අතලොස්සක් හැර ඔවුන්ගේ දූදරු භාර්යාවන් පවා ස්වේඡ්චාවෙන්ම වගවීම වලක්වනු සක්‍රයාගේ පුතා වයිමාටවත් නොහැකි වනු ඇත.


එසේනම් මෙතැන් සිට අපි සැවොම එකාමෙන් කැප වී ජාතික විමුක්තියේ අරගලය අවිහිංසාවෙන් විජයග්‍රහනය කොට විශ්ව ගම්මාන සංකල්පය තුල පවතින භූදේශපාලනික අරබූදයන් හට විදිමත් වූ මානවවාදී ගෝලීය ප්‍රතිපත්ථි හඳුන්වා දී විශ්ව ගම්මාන සංකල්පය යනු.. රට රටවල් තුල පවතිනා භූවිෂමතාවන්ගේ සුන්දරත්වය සහ සංස්කෘතිකමය වෙනස්කම් සහජීවනයෙන් යුතුව බුක්ති විඳ අමන්දානන්දයට පත්වීම මිස ආක්‍රමනික පිලිවෙත් නොවන බව වටහා දෙන්නටත්..


මිනිසුන් විසින් මිනිසුන් පීඩාවට පත් කරනා හිංසාවාදී මනෝ භාවයන් හට ,කොරෝනා, වැනි වසංගත තුල පවතින අවිනිස්චිත ජීවිත යථාර්තය තුල ඇති සත්‍ය අවබෝධ කර දී නිස්චිත යුධ අවියකට.. අවිනිස්චිත කොරෝනාවට ඉගැන්විය හැකි වූ පාඩම කිමෙක්ද යන්න වටහා දී.. ගහ/කොල.. සතා/සීපාවා.. පරිසරය යන මේ සෝබා දහම් මාතාවගේ දායාදයන් සැමට ඇති සම අයිතිය ගරු කොට නිස්චිත දැක්මක් තුල අවිනිස්චිත ජීවිතයට පරමාදර්ශී යහගුන අවබෝධ කර දී ලෝක සාමයට පූර්වාදර්ශ සපයන්නට සබුද්ධිකමත් ජාතියක් ලෙස අත්වැල් බැඳගන්නට අදිටන් කරගෙන..


ඒ මහා අධ්‍යාත්මික අරගලයේ සමාරම්භය ගනිමු මෙතැන් සිට.. ඒ උදෙසා සමස්ථ දේශමාමක ජනතාව රට වට කර කඳවුරු බැඳ ගනිත්වා. විජයග්‍රහනය නියතයි.


අප රට පෙරටු කොට ගත් ලෝක වාසී සමස්ත ප්‍රජාවට සොබා දහම් මාතාවගේ ඇල්ම බැල්ම රැකවරනය හිමිවේවා. දුකින් මිදේවා.. සැනසිල්ල අත්වේවා..


නිර්පාක්‍ෂික.. නිර්භේදීය.. නිර්දේශපාලනික.. සත්පුරවැසියෝ..

සෝභිතාවතාරයේ.. සෝභිතාතූරයා..

*#Sobit..2021/07/18

Sunday, March 14, 2021

දියසෙන් සම්ප්‍රාප්තියක් ජාතියට අවශ්‍යද.?

 *#දියසෙන්*සම්ප්රාප්තියක්*#ජාතියට අවශ්යද.?

අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ *#සෝභිතාවතාරයේ_මනෝකාය තුළින්..*#මේ_දැන්_විශ්ව_තරංග_ඔස්සේ.. එවන්නට යෙදී..*#සෝභිතාතූරයා මගින් ජනගත කර වූ වගයි.
*/**//***///***//**/*
*#දෙපාද_දෙපොලේ_තබා*ප්රජාතන්ත්රවාදය* මකා අලුතින් ලියන්නට කතා කරනා පාට පක්ෂ කුප්රකට දෙබිඩ්ඩන්ට අවසන් තීරක අභියෝගය.! *#සෝභිත_අවතාරයෙන්..
*/**//***///***//**/*
*/**//***///***//**/*
දශක ගණනාවක් පුරා මුළු මහත් ජාතියම රැවටු නාමමාත්රික ප්රජාතන්ත්රවාදය..
*#මකලා_අලුතෙන්_ලියන්න තමයි හලෝ අපි මෙසේ කැප වී සිටින්නේ*#විනිවිදභාවයෙන්..
ඔය කියන කටුසු දේශපාලකයින්ට එන්ඩ කියන්ඩ සැබෑ නිර්පාක්ෂිකයින් සමග විවාදයකට..*/**//***///***//**/*
ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවූ පරමාදර්ශී පරම රමණීය වූ සැබෑම යතිවරයානෝ.. අපවත් වී වදාළ අතිපූජ්ය මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන්ගේ දේහය දැවී ඒ චිතකයේ දුම් වළලු සමගින් වාතලයට මුසුව විශ්වය කරා අවතීර්ණ වූ ඒ උත්තම ආත්මයේ තෝරා ගැනීමේ ආශිර්වාදයේ අනුභාවයෙන් උන්වහන්සේගේ ආත්මය අරක්ගත් ආතුරයා ඉහත අභියෝගය සිදු කරනුයේ උන්වහන්සේගේ ඒ උදාරතර ගමන් මග යලිත් කිසිදා කිසිදු පාට පක්ෂ වැළඳගත් අවස්ථාවාදියෙකුට.. හෝ වෙනයම් කුමන හෝ කුප්රකට සටකපටයින් හට දශක ගණනාවක් පුරා මෙරට ජනතාවගේ සියළු අභිලාෂයන් සුන්නද්දූලි කල පාට පක්ෂ ගජමිතුරු.. සුමිතුරු දූෂිත කල්ලිවාදීන් හට.. යළි කිසිදා නොරැවටෙන බව උන්වහන්සේගේ ආත්මයේ පරම අභිලාෂයයි. */**//***///***//**/*
ජීවත්ව සිටියදී.. පක්ෂ දේශපාලකයින් සමග එකතුව රටට ජනතාවට දිනා දෙන්නට බැරි වූ ඒ උදාර සටන නිවැරදි කර ජනතාවගේ පැත්තේ සැබැවින්ම නිර්පාක්ෂික ලෙස සිටගෙන යළි පණ ගැන්වීමටයි උන්වහන්සේ අපවත් වූයේ.
ඒ නිසා උන්වහන්සේ යළි කිසිදා සක්රීය දේශපාලනය තුල සිටිනා කිසිදු පාට/පක්ෂ පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් සමඟ කටයුතු නොකරන බව *#විශ්ව_තරංග_ඔස්සේ..
*/**//***///***//**/*
මුළු මහත් දේශයමත්.. ජාතියමත්.. අගාදයේ මර කපොල්ල තුළටම හෙලු.. මතු පරපුරත්.. දේශයේ සුන්දර අනාගතයත්.. ලෝකයට උගස් කර විනාශ කළ.. පාට පක්ෂ දේශපාලනය මේ රටෙන් සහමුලින්ම අතුගා දමා නිර්පාක්ෂික වූ යුක්තිය රජයන සියලු සමස්ත මානවයින් හට "එකසේ සාධාරණ" නව ගෝලීය ව්යවස්ථාවක් ලියා.. වත්මන් අරබුද සියල්ලටම හේතු පාදක වුණු.. විවෘත ආර්ථිකයේත්.. විශ්ව ගම්මාන සංකල්පයේත්.. පවතින සියලු භූ දේශපාලනික ප්රශ්න වලටද විසඳුම් යෝජනා කෙරෙනා.. මුළු මහත් ලෝකයටම පරමාදර්ශි වන ගෝලීය දේශපාලන ක්රමයක් හඳුන්වා දීම උන්වහන්සේගේ *#පරම_අධිෂ්ඨානයයි.
ඉතිහාසයේ සිට මේ දක්වා බලයට පැමිණ නිවාස අඩස්සියේ හෙලුණු කිසිදු පාට පක්ෂ ආණ්ඩුවකට නොහැකි වුනු සැබෑ යථාර්ථය..
ජනතා අභිලාෂයන් ඉෂ්ට සිද්ධ කර ලීමට නොහැකි වීම.. හෙට දවසේ ඉටු කළ හැකි වේවි යැයි විශ්වාස තැබිය හැක්කේ කාටද.. තවදුරටත්.. සාමූහිකව මිස.. නිර්පාක්ෂිකත්වයෙන්.. රටට ජාතියට ආදරේ නම් ඇත්තටම.. හදවතින්ම.. බොරු නොකර..
ඒ යථාර්ථය අවබෝධ කොට ගත් සබුද්ධිකමත් ජනතාව යලි රැවටෙයිද කවදාවත් පාට පක්ෂ දේශපාලකයින් කටයුතු කරන කදවුරකට ගොඩවී.. පසුව ලත වන්නට.
මේ වන විට නම් හෙළි වී පවතින මෙකියනා ආදි ආනන්දනීයයන්ගේ සංවිධානයේ සිටිනා වර්තමානය වන විටත් සක්රීය දේශපාලනයේ සිටිනා පාට පක්ෂ නියෝජිතයින්.. පුද්ගලයින්.. ඉතාමත් හොඳ ආර්ථික තත්ත්වයක පසුවන අය බව රටම දන්නා නොරහසකි.
ගැටලුව පවතින්නේද එතැනමය. එක කකුලක් තම පාට/පක්ෂ තුළ තබා ගනිමින් ප්රජාතන්ත්රවාදය මකා අලුතින් ලියන්න කතා කිරීම සුරංගනා කතාවකි පොඩි උන්ට..
ටොයියෝ.. නම් ආපහු රැවටෙයි ඕවට.. බයියෝ.. මිස.. සැමදා රැවටුනු.. පුහ්.. මුන්ගේ කෙබර.. අපි දෙන්නෑ ඕවට නම් ඉඩ..හුස්ම තියෙන තුරු යළි කිසිදා.. නිර්පාක්ෂික වන තුරු හදවතින් සහ සක්රීයත්වයෙන්ම කොයි කවුරුත්.. මේ මව්බිම තුළ.. අපි සැවොමගේ..
ඒ යල් පැනගිය කිසිදා කිසිදු සෙතක් කිසිවෙකුටත් අත් නොවූ පාපතර පාට පක්ෂ දේශපාලනය අහෝසි කරනා නිර්පාක්ෂික ජනතාව අතර හිඳිමින් මිස.. වෙන අන් කුමන අයකුට හෝ ඒ සටන දියාරු කරලීමට යලි කිසිදා ඉඩක් ලබා දීම නොවේ අපගේ ඒ උදාර ශාස්තෘවරයාණන්ගේ දැඩි අධිෂ්ඨානය.
එසේ අභියෝග කර සිටින්නේ.. සෝභිත හිමියන්ගේ අභාවයත් සමඟම.. උන්වහන්සේගේ ආත්මය අරක්ගෙන..
උපත ලද මව් බිමටත්..ජාතියටත් කිසිදු ආදරයක් නැති ජාතිද්රෝහීන් විසින් මා මරා දැමීමට පෙර උන්වහන්සේගේ ඒ හඬ යලි කිසිදා නොමියෙන ලෙස මේ මහ පොළොවේ පැළ කළ යුතු නිසා..
උන්වහන්සේගේ ආත්මීය නියෝගය මත ඒ වෙනුවෙන් වර්තමානය තුළ තෝරාගෙන සිටිනා සත්පුරවැසියා තුළ අරක්ගෙන සිටිනා තුරා.. ඒ උදෙසා කැපවී.. වගකීමෙන් මුදවනා තුරා..
ජීවත්වීමට ඇති පෞද්ගලික ආදායම් මාර්ග බොහෝමයක් අතහැර "*#සැමට_එකසේ #සාධාරණ_සමාජයක්" බිහි කරලීම වෙනුවෙන් උන්වහන්සේගේ පරම අරමුණ වන.. මරණින් මතුත් නිවනටවත් නොපිවිස අත් නොහරින උන්වහන්සේ ඒ උදාරතර අවිහිංසාවාදී වූ දේදුණු සිහිනය කිසිවෙකුටත් බොඳ කරලිය නොහැකි වන ලෙස දිවි දෙවැනි කොට කැපවී සිටිනා උන්වහන්සේගේ ඒ විශ්වීය ආත්මය අරක්ගත් ආතුරයා වෙයි.*/**//***///***//**/*
අද මා මරා දැමුවද.. කිසිවකුටත් කිසිදු පලක් සිදු නොවේ.. ඒ මන්ද යත්.. මා මිය ගිය වහාම.. උන්වහන්සේගේ ඒ විශ්වීය වූ ආත්මය.. නැවතුණු තැනින් වහාම යළි ඉදිරියට යාම පිණිස.. නිශ්චිත ලෙස සුදුසු තවත් භෞතික ප්රාණියෙක්.. මිනිස් ශරීරයක්.. ආවේක්ෂණිකව සොයා ගොස්.. තමන් වහන්සේගේ ඒ උදාර අධිෂ්ඨානය මුදුන් පත් වන තුරා.. ඒ ආත්මය තම සටන අවසන් කරන්නට විශ්වයේ සැරි සරනා තුරා කිසිවෙකුටත් නැවැත්විය නොහැකි *#නොනවතිනා_විප්ලවයක්_නිසාමය.*
*#මිය_ගිය_ආත්මයක්_සටනට_පිවිසි_කළ.. ඊට ප්රහාර එල්ල කරන උන් වැනසෙනවා මිස.. ඒ උදාර ආත්මය.. වෙඩි තබා හෝ.. මිසයිල ගසා හෝ.. වස විස කවා/පොවා හෝ.. වසංගත පතුරුවා හෝ.. වෙන මොන යම් බලවේගයකින් හෝ විනාස කිරීමට සිතීමවත්.. විශ්ව මාතාවගේ ආශිර්වාද.. රැකවරණය.. ඇති තුරා සිහිනයක් මිරිඟුවක් පමණි.
නමුත් "කොරෝනා" වසංගතය ඇරඹි මුල් වකවානුවේදීම.. මුළු මහත් ලොවටම හෙළි කළ *#නිරුවත.. ජනතාව වෙනුවෙන්.. ප්රජාතන්ත්රවාදය වෙනුවෙන්.. මුළු මහත් ලොවටම මෙවකට බිහිව සිටින සියලුම රාජ්ය නායකයෝ.. ලෝක නායකයෝ.. අග රජවරු.. අග රාජිනියෝ.. සියල්ලෝම.. නිවාස තුළට වී සැඟවී බය වී.. මිරිකී.. සිටියා පමණි.
එවන් වූ පුස් චරිත කිසිවෙකු.. කිසිදාකත්.. ජනතාව වෙනුවෙන් ප්රජාතන්ත්රවාදය මකා අලුතින් ලියන්නට එන්නේ නැත. සුරංගනා කතා කියනු මිස කලින් කලට.. දශක හතක් පුරා ජනතාව දිගින් දිගට රවටමින්..
අවසන් වශයෙන් කීමට ඇත්තේ.. දෙකකුලේ දෙබිඩ්ඩන් හට ප්රජාතන්ත්රවාදය මකා අලුතින් ලිවිය හැකි යැයි කීමම විහිළුවක් බවය.
*/**//***///***//**/*
*#ස්තුතියි..*#සිත්_රිදුනානම්_සමාවෙන්න..
*#මේ_ඔබේ*ප්රශ්නයක් #නොවේ..
*#අපි_ජනතාවගේ*ප්රශ්නයකි.
*/**//***///***//**/*
*#නිර්පාක්ෂික..*#නිර්භේදීය.. *#නිර්දේශපාලනික..*#සත්පුරවැසියෝ..
*#සෝභිතාවතාරයේ..*#සෝභිතාතූරයා..
*#Sobit..2021/03/14
*/**//***///***//**/*
*#Sobit_Links..
Sobithawathara Athuraya Sathpurawasiya
*#email : sathpurawasiya@gmail.com
*/**//***///***//**/*
*මාතෘකාවට අදාල වූ විශේෂ දිගුව..
*#Link..*/**//***///***//**/*


Monday, March 8, 2021

පවතින ගෝලීය දේශපාලන ක්‍රමය වැරදියි..



දශක ගණනාවක් පුරා එකම රටක.. එකට වෙසෙන සමස්ත ජාතියම පාට පක්ෂ හණමිටි දේශපාලනයෙන් හෙම්බත් වී සිටියා ඇති දැන්. එයින් සෙතක් ශාන්තියක් සිදුවූවා නම්.. ඒ ගජමිතුරු දේශද්රෝහී සීමිත කල්ලියකට පමණි.. ආත්මාර්ථයේ හිනිපෙත්තට සපැමිණි.

පවතින වැරදි දේශපාලන ක්රමය වෙනස් කරන්නට යැයි සිතා ඒ පීඩිත ජනතාවම යළි යළිත් කල්ලි ගැසී වෙනත් වෙනත් සංවිධාන විවිධ නාමයන්ගෙන් පටන්ගෙන කෝටු කැබලි ලෙස තැන තැන පැවතීමෙන් ඉලක්කගත අරමුණ ජය ගැනුම වෙනුවෙන් කිසිදු පලක් කාටවත් ඇති නොවේ. එසේ හෙයින්..

නිසි ඉලක්කයට විදිමත් ලෙස නාභිගත වන්නට නම්.. ඉතින්වත්.. ගැඹුරින් සිතා බලා.. ඉතාමත් නිහතමානීව පරාර්තකාමී වී සියලුම කෝටු එක මිටියකට ගෙන ඒමට සැවොම සමත් විය යුතුය. නොඑසේව කිසිදා පවතින ක්රමය වෙනස් කිරීම වෙනුවෙන් කිසිදු සාධනීය වටපිටාවක් ගොඩනගා ගත නොහැකි වනු ඇත.

එනිසා සියල්ලෝම දැන් අවසාන නිගමනවලට.. තීන්දු තීරණවලට එළැඹීමට කාලය උදා වෙමින් පවතී. සියලු සෑම සමස්ත සාමකාමී පුරවැසි ජනතාවගේ මහා බලයෙන් මෙවර ගොඩනගා ගතයුතු වන අවිහිංසාවාදී ජාතික වූද.. ගෝලීය වූද.. විප්ලවය රික්ත මාපකයේ 9.9 ක අගයක් ගන්නා තරමින් වන මුළු ලොවම ජන මනස සෙලවි යන අති දැවැන්ත භූදේශපාලනික *#සුනාමියක් විය යුතුය. නොඑසේව නුදුරු ලෝක විනාශය නවත්වා ගැනීමට වෙනත් විසඳුම් නොමැත.

එසේ ගොඩනගා ගන්නා මහජන ව්යාපාරය පවතින පාට පක්ෂ හණමිටි යල්පැන ගිය ජරාජීර්ණ දේශපාලන ක්රමවේදය අහෝසි කර දමන බවට රට හමුවේ ප්රකාශ කර ඒ වෙනුවෙන් ප්රබල ජන වරමක් ඉල්ලා සිටිය යුතු වේ. එවිට දේශීය ගෝත්රිකයින් හට හෝ භූ දේශපාලනික වශයෙන් හෝ කිසිවකුටත් කිසිවක් කළ නොහැකි වේ. රටේ බහුතර ජනමතයට බලපෑම් කිරීමට කිසිදු ජගතෙකුට කිසිදු අයිතියක් හෝ පුලුවන්කමක් නොමැත.

එවන් වූ.. "ධර්ම රාජ්ය මහජන සමූහාණ්ඩු කරන ව්යවස්ථා විප්ලවයක් වෙනුවෙන් ලැබෙන විජයග්රහණය 6/5 ක බලයක් නොව.. කිසිවකු තම ඡන්ද අයිතිය කුමන හේතුවක් නිසාවත් ප්රකාශ නොකර අත් නොහරින 99.99 වන තරම් අති විශාල ජන වරමක් වනු ඇත.

සතුරාට පවා හිතසුව පිණිස වන මෙවන් වූ මානවවාදී විජයග්රහණයක් වෙනුවෙන් කිසියම් ආකාරයක හෝ විරුද්දත්වයක් ප්රකාශනය වුවහොත් එසේ වන්නේ අතළොස්සක් වන දේශද්රෝහී ඡන්ද දශම ගණනාවකින් පමණි.

ජීවිතය යන්නෙහි ගැඹුර නොතේරෙන ඔවුන්ටද යථාර්ථය අවබෝධ කර දීමට අප සමත් විය යුතුය. ඒ ඔවුන්ද අපේ සහෝදර සහෝදරියන් නිසාය. එවන් ලෙස සාමූහිකව ජාතියක් ලෙස.. මුළු මහත් ලෝකයටම පරමාදර්ශීව.. මනුෂ්යත්වයේ නාමයෙන් විශ්ව ගම්මාන සංකල්පයටද නව මුහුණුවරක් දෙමින්.. භූදේශපාලනික ප්රතිපත්ති ලොවටම හඳුන්වාදී.. විජයග්රහණයක් අත්පත් කර ගනිමින්..

එවන් මානවවාදී ආධ්යාත්මික බලයක් ලබන "අපි වෙනුවෙන් අපි" ජනතාවට මෙතුවක් කල් අපෙන් උදුරාගෙන සිටි අපේ "පරමාධිකාරී" බලය යලි අප සතු කරගත හැකි වනු ඇත.

100% ක් අවිහිංසාවාදී විප්ලවයකින් එවන් විජයග්රහණයක් අත්කර ගත හැකිවනු ඇත්තේ දේශපාලනික වශයෙන්.. සමාජීය වශයෙන්.. පුරවැසියන් වශයෙන්.. එකී විප්ලවයට සම්බන්ධ වන සියලුම දෙනා සියයට සියයක් හදවතින්ම සහ භෞතිකවම පාට පක්ෂ දේශපාලනයෙන් අත් මිදී සම්පූර්ණයෙන්ම *#නිර්පාක්ෂික නම් පමණි.

නොඑසේ වන කිසිදු විප්ලවයක් පිළිබඳ ඒ රටේ ඉතාමත් නිහඬව වෙසෙනා සබුද්ධිකමත් නිර්පාක්ෂික වූ (ප්රතිඵලය වෙනස් කරන තීරක) ජනතාව විශ්වාසය නොතබණු ඇති බව නියතයකි.

එසේනම් දැන් අපි මමත්වය පසෙකලා.. මමයි රජ විය යුතු යන ආත්මාර්ථකාමී බොළඳ සිහින පසෙකලා.. උපත ලද මව්බිමට ජීවිතය පුරාම ඇති ණය ගෙවා අවසන් කිරීමට ලැබී ඇති හොඳම අවස්ථාව ගිලිහෙන්නට නොදී රැකගන්නට සියලු භේද පසෙකලා එක්රොක් වෙමු. අපි වෙනුවෙන් අපිම කැපවෙලා..

ඔවුන්ගේ අවසරය නොමැතිව අපි මෙලොවට රැගෙන ආ අපේ අසරණ මතු පරපුරට.. වැඩිහිටි අප සියලු දෙනා අතින් සිදුව ඇති සියලූ වැරදි සමනය කොට අභිමානනීය වූ සෞභාග්යමත් දේශයක්.. ලෝකයක්.. උරුම කර දෙන්නට දිවි දෙවැනි කොට කැපවෙමු.

ඒ උදෙසා පාට/පක්ෂ සියලු භේද අතහැර සබුද්ධිකමත් ජාතියක් ලෙස සියල්ලෝම එක්සිත්ව.. එක්සත්ව.. සාමය.. සෞභාග්යය.. සහජීවනය.. වෙනුවෙන් පෙළ ගැසෙත්වා.

එකී ආධ්යාත්මික විප්ලවය වෙනුවෙන් අප සැවොම මෙලොවට පහළ කළ විශ්ව මාතාවගේ පිහිට ආශීර්වාද පතා උදාරතර අපේ මවු බිමට ඇති ණය ගෙවමු.

නොඑසේ කළහොත්.. භූදේශපාලනිකව (ගෝලීයව) මනුෂ්යත්වයට නිගා දෙමින් පවතින පාට/පක්ෂ සහ වැරදි ආක්රමණ නිවැරදි නොවන තාක් ගහ/කොළ.. සතා/සීපාවා.. මිනිසුන් සහ මුළු මහත් මිහිකත යන මේ සියල්ලටම උරුම විනාශයම පමණි.