Saturday, December 12, 2020
ගෝලීය අභියෝග අසම්මතව හෝ ජය ගනිමු..
Friday, December 4, 2020
“කොරෝනාවෙන්” පරිස්සම් වෙමු. නමුත්, ඊට කිසිසේත්ම බිය නොවෙමු.
“*#කොරෝනාවෙන්” පරිස්සම් වෙමු. *#නමුත්, ඊට කිසිසේත්ම බිය නොවෙමු.
ජාත්යන්තර වෙළඳ මාෆියාවේ යටි උගුල්වල සිර නොවී.. ශ්රේෂ්ඨ ඉතිහාසයක් ඇති අපේ අභිමානයත්, ජාතික අනන්යතාවයත් රැක ගනිමු.
*/**//***///***//**/*
“වෛරස” මගින් වසංගත පතුරවා, ඒවාට පිලියම්ද විකුණා..“Online” සංස්කෘතිය වපුරා.. සමස්ථ වෙළඳ පලේ වැඩි පංගුව තමන් සතුකර ගන්නටත්..
*/**//***///***//**/*
ගෝලීය වෙළඳ අධිකාරියේ බලය අත්පත් කර ගන්නටත්.. අසම්මත නොමිනිස්කම් මතින් ගන්නා සියළු උත්සාහයන් අභීතව පරදවා..
“වසංගයක්” මතින් උන් අපට දුන් ඌරු මාළු උන්ගේ පිටේම කපන්නට.. ලබා දුන් අනගි අවස්තාව කිසිසේත් අපතේ නොයවමු.
රට ගොඩ ගන්නා කෘෂිකාර්මික සංග්රාමයත්.. දේශීය කර්මාන්ත සියල්ලමත්.. යලි නගා සිටුවා.. අහිමිව ගිය අපේ ජාතික අනන්යයතාවයත්.. කැලැල් වූ අභිමානයත් යලි අත්පත් කර ගනිමු.. */**//***///***//**/*
කොට්ටෝරුවා මට්ටු වන්නේ කෙසෙල් ගහට කෙටූ දාට බව "*#චීන්නුන්" හට පසක් කරදෙමු..
“*#කොරෝනාවෙන්” පරිස්සම් වෙමු.
*#නමුත්, ඊට කිසිසේත්ම බිය නොවෙමු.
*/**//***///***//**/*
*#නිර්පාක්ෂික.. *#නිර්භේදීය.. *#නිර්දේශපාලනික.. *#සත්පුරවැසියෝ..
*#සෝභිතාවතාරයේ.. *#සෝභිතාතූරයා..
*#Sobit..2020/12/04
*/**//***///***//**/*
*#Links..
https://www.sobithawathara.blogspot.com
https://www.facebook.com/sobithawathara
https://www.facebook.com/sathpurawasiya
https://www.youtube.com/sobithathuraya
*#email : sathpurawasiya@gmail.com
Sunday, November 29, 2020
අද මේ උතුම් පෝය දවසේ ඉතාමත් සත් භාවයෙන් යුතුව "අපි වෙනුවෙන් අපි" හැමෝම 225 ට යෝජනාවක් කරමුද මෙහෙම..
Saturday, November 21, 2020
Difference of Keels & Cargills Online Behaviours / කීල්ස් සහ කාගිල්ස් ඔන්ලයින් කෙරුවාවේ වෙනස.. වටහා ගනිමු..
Difference of Keels & Cargills Online Behaviours
කීල්ස් සහ කාගිල්ස් ඔන්ලයින් කෙරුවාවේ වෙනස.. වටහා ගනිමු..
Difference of Keels & Cargills Online Behaviours
*/**//***///***//**/*
එය තමන්ගේ ප්රතිරූපයට නිගාවක් සහ විනාශයට හේතුවක් බව ඔවුන් කිසිසේත්ම අමතක නොකල යුතුය. විශේෂයෙන් පිට රටවල සිට තම මාපියන් වෙනුවෙන් අහාර ද්රව්ය ලැබීමට සැලැස්වීමේදී මේ තත්ත්වය බරපතල බව සාක්ෂි සහිතය මොවුන් තම ඇනවුම පසු දිනම ලබා දීමට සමත්ය.
නමුත් ඒ අවශ්ය කරන ද්රව්ය කිසිවක් නොමැතිව සහ තියෙන ද්රව්යද ඉතාමත් බාල සහ ඉවත ලන තත්ත්වයේ පවතින එළවලු සහ පළතුරුය. නමුත් වැඬේ කියන්නේ මොවුන්ගේ අලෙවි ප්රදර්ශනාගාර වෙත ගිය කල්හි නැති බඩු සියල්ල ඇත.
එයින් පැහැදිලි වන්නේ ඔන්ලයින් පාරිභෝගිකයින් හට නොසලකන බවත්.. ඔන්ලයින් පාරිභෝගිකයින් තබාගෙන සිටින්නේ විකුණාගත නොහැකි සියළු කුණු කන්දල් තල්ලු කර දැමීමට බවත්ය.
මොවුන්ගේ ඔන්ලයින් මෙනුවේ හාල් වර්ග ඇත්තේ රු. 250/- න් ඉහල ඒවා පමනි. එළවලු තිබෙන්නේ විකූණාගත නොහැකි කැකිරි සහ තිබ්බටු වැනි කූඩා අර්තාපල්ය බිස්කට්, ටූත් පේස්ට් සහ තව බොහෝ සිල්ලර සහ කුළු බඩු වර්ග තිබෙන්නේ අවශ්ය ප්රමානයේ ඒවා නොව.. නොවිකිනෙන ලාබ අධික කුඩා පැකට්ය. නමුත් සියළු ප්රදර්ශනාගාරවල නැතැයි කියන මේ සියල්ල ඇත.
පාරිභෝගික වෙළඳ කටයුතුවලදී විශේෂයෙන් පාරිභෝගිකයා නොදැනුවත්ව ඔවුන් හට වංචනික ක්රියා සිදුකිරීම සොබා දහමේ ශාපයට ලක්වීමේ අංක එකේ සාධකයකි. දැඩි අවධානයට ගත යුතු..
එම නිසා කීල්ස්/Keels ආයතනයේ පාලනාධිකාරියේ ලොකු කෙරුමන්ලා ප්රකෝටි ගනනින් රජයේ සහන ණය ලබාගෙන සැපයුම් කරුවන් හටද මාස තුන හතරේ ඬේට්චෙක් දීලා මහ පරිමාන වෙළඳ ව්යාපාර ආරම්භ කොට කෙසේ හෝ බඩු ටික උනු උනුවේ විකිණෙනවා නම්..
ඒ මදෑ කියා සිතා කොරෝනාවට බයේ නිවෙස්වල සැඟවිලා කාලා බීලා පමනක් හිඳ පලක් නැත. තම තමන්ගේ පැවැත්මට හේතු වී ඇති පාරිභෝගික ප්රජාවගේ සේවාවන් නිසි ලෙස ඉටු වනවාදැයි නොසොයා නොබලා හිඳ පලක් නැත.
වරදක් අකටයුත්තක් අසාධාරනයක් කෙරුවොත් කෙදිනක හෝ ඒවාට දඩුවම්ද නියත බව මෙවන් සිදුවීම් වලින් හෝ මින්මතු දැන ගනිත්වා.
==============@@@================
කීල්ස්ලා ව්යාපාරික ලෝකයේ බිම් එලිය දකින්නටත් දශක ගනනාවකට පෙර සිට කොළඹ කොටුවේ අනාදිමත් ඉතිහාසයක් ඇති කාර්ගිල්ස්/Cargills කියූ පමනින් එවකට නොදන්නා කෙනෙක් නොමැති..
මෙන්ම ෆුඞ්සිටි/FoodCity සංකල්පය ප්රථමයෙන් ශ්රී ලංකාවට හඳුන්වාදුන් පුරෝගාමියා.. කාර්ගිල්ස්/Cargills අයිතිකාරයාම කොළඹ මැනිං මාකට් එකට ගොස් සියළු එළවලු/පලතුරු සහ අනිකුත් සියළු පාරිභෝගික ද්රව්ය තමුන් විසින්ම තෝරා ගෙනැවිත් ඇරඹි ව්යාපාරය අදටත් විනිවිද දැක්මෙන් යුතුය. ප්රතිපත්ති සහගතය.
එහෙම කියන්නේ නිකම්ම නිකම් නොවේ වසර 45 ට පෙර පුංචි කාලේ සිට කොළඹ කොටුවේ කාර්ගිල්ස් සාප්පුවෙන් බඩු භාණ්ඩ මිලට ගෙන අද වන තුරු ඉතා හොඳින් දන්නා ඉතිහාසාත්මක සාධක මතය.
ඒ අනුව මෙහිීදීද මෙම කොරෝනා සමයේ කාර්ගිල්ස් ඔන්ලයින් සේවාව සම්බන්ධයෙන්ද කරුනු දක්වා සිටින්නේ අත්දුටු අත්විඳි ඉතා පැහැදිලි සාධක මතය.
කාර්ගිල්ස් ඔන් ලයින් සේවා මේ වකවානුව තුල ඉතාමත්ම කාර්යය බහුලය. පිට රටක සිට හෝ මේ රට තුල සිට හෝ ද්රව්ය ලැයිස්තුවක් ඇනවුම් කල විගස නොලැබේ. මේ දිනවල භාණ්ඩ ගෙනැවිත් බාර දීමට අඩුම තරමින් අනිවාර්යයෙන්ම දින 5 ක් 6 ක් හෝ සතියක්වත් කල් ගත වේ.
නමුත් එහි වටිනාකම සහ විශේෂත්වය වන්නේ ඔවුන් සතියක් කල් ගෙන හෝ තම පාරිභෝගික ප්රජාවට ලබා දෙන භාණ්ඩවල පවතින ප්රමිතියේ සහ තත්ත්වයේ උසස් භාවයේ අගයයි. එය අති විශිෂ්ඨ යැයි කිව හැක. ධර්මානුකූල පැවැත්මේ අංක එකේ සාධකයද එයමැයි.
එලවළු පලතුරු සහ අනිකුත් සියල්ල පාරිභෝගිකයා ඇනවුම් කල දේ සහ ඒ ප්රමානවලින්ම පමනයි. නැත්නම් ඒ මුදල් ආපසු ලැබේ. යම් ලෙසකින් චිකන් හෝ එලවළු හෝ කිලෝවක් ඇනවුම් කල විට ප්රමානය වැඩියෙන් තිබුනොත් එයට බිල් කර නැත. බයේ සිටියේ ඇනවුම් කල පොල් වල තත්ත්වය කෙසේ වේදැයි සැකයෙනි. බලනකොට පොල් ගෙඩි ටික සේරටම වඩා උසස්ය.
කාර්ගිල්ස් ලාගේ ඔන්ලයින් සේවාව ඇනවුම් වැඩි කම නිසාම යම් ප්රමාදයක් සිදු උවද.. ඔවුන්ගේ අරමුන ලද අවස්ථාව ප්රයෝජනයට ගෙන මොනවා හෝ කුණු කන්දල් ටිකක් භාණ්ඩවල තත්ත්වය එවෙලේ නොදකින ඔන්ලයින් පාරිභෝගිකයා වෙත අලෙවි කොට කලදුටු කල වල ඉස ගැනීමේ පහත් වෙළඳ ප්රතිපත්තියක් නොවීම අගය කල යුතුව ඇත.
මෙය කිසිවෙකු වෙනුවෙන් ද්වේශ සහගත ලෙස සිදු කරන ලද සමාජ මාධ්ය හෙලිදරවුවක් නොවන බව අති විශේෂයෙන්ද.. අවධාරනයෙන්ද සලකත්වා..
දැන වෙළඳන්.. නොදැන ගොවිතැන්.. කිව්වලු..!!
================@@@===================
පාරිභෝගික අයිතීන් සුරැකීම උදෙසා සත්භාවයෙන් සිදුකරනු ලැබූ ප්රකාශනයේ අයිතිය විදහා දැක්වීමකි.. */**//***///***//**/*
පවතින සමාජ අසාධාරයෙන් පීඩිත ජනතාව අතර වෙසෙන තවත් එක් සත්පුරවැසියෙක්..
*#Sobit..20/11/20
*/**//***///***//**/*
Wednesday, November 11, 2020
"කොරෝනා" වසංගතය තුරන් කරන්නට "සිංහල බෞද්ධ අපි" මෙවන් වූ උපවාසයක යෙදෙමු..
"කොරෝනා"/"Corona" වසංගතය තුරන් කරන්නට "සිංහල බෞද්ධ අපි" මෙවන් වූ උපවාසයක යෙදෙමු..
*/**//***///***//**/*
අපගේ මවුබිමට නිදහස ලැබී වසර 72 ක් ගත වී ඇති බව කියැවේ. සත්‍ය වශයෙන්ම එය එසේ නම්.. මේ රටේ තුළ වාසය කරනා වයස අවු. 72 ක් වන සියලු වැඩිහිටියන්.. කුමන ජාතියකට ආගමකට අයත් වුවත්.. ස්ථිර ලෙසම ඒ සැමකෙක්ම.. මේ රට තුළ පුරවැසිභාවය හිමි නිජබිම් කරුවන් බවට කිසිදු තර්කයක් හෝ වාද විවාද කිසිවක් පැවතිය නොහැක. මන්දයත් යථාර්ථය එය බැවිනි.
ඒ වාගේම.. ජාති භේදයෙන් තොරව.. ඒ සැවොම.. ශ්‍රී ලාංකික ජාතිකත්වය හිමි පුරවැසියන් බව නිශ්චිත කාරණාවකි.
එම නිසා.. ජාති භේද වපුරා.. ඉතාමත් ආදරයෙන්.. දයාවෙන්.. සෙනෙහසින්.. සද්භාවයෙන්.. එකට වෙසෙන සහෝදර ජාතීන්.. පාදඩ දේශපාලකයින්ගේ බල උවමනාවන් වෙනුවෙන් භේදභින්න කරවා ගහමරා ගන්නට සලස්වා.. දිගින්/දිගට.. කලින්/කලට.. පවත්වාගෙන යනු ලබන මෙම පාට/පක්ෂ හණමිටි දේශපාලන ක්‍රමවේදය.. අහෝසි කර ලීමට කාලය උදා වී ඇති බව සහෝදර ජාතීන් සියල්ලෝම අවබෝධ කරගත යුතු කාලය එළඹ ඇත.
එනිසා එළඹීමට නියමිත අපගේ නව ව්‍යවස්ථාව..
"අපි වෙනුවෙන් අපගේ" සාමය.. සතුට.. සෞභාග්‍යය.. උදෙසා අපිම නිර්මාණය කරගමු මෙසේ..
*/**//***///***//**/*
සොබා දහම සුරකින..
මිනිස්කම අගයන..
අනාගත ගෝලීය දේශපාලනයේ..
පරම රමනීය යථාර්ථය විය යුත්තේ..
*/**//***///***//**/*
කල්ලි කණ්ඩායම් කිහිපයක් විසින්.. දෙකට.. තුනට.. හතරට.. පහට.. ජනතාව බෙදා විරසක කොට වෙන්කර.. උනුන්ගේ බල සුදුව දිගින් දිගට පවත්වාගෙන යාම සඳහා.. කලින් කලට පවත්වාගෙන යනු ලබන පාට පක්ෂ හණමිටි 225 හේ කල්ලියේ.. පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමවේදයෙන් යුත්..
ආත්මාර්ථකාමයෙන් පිරිපුන්.. පෘතග්ජන මිනිසුන් විසින් ආණ්ඩු කරනා.. වර්තමාන නාමික නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යැයි කියනා ක්‍රමවේදය නොවිය යුතුය.
ස්ථිර සාර ලෙසම එය සර්ව ආගමික නායකයින්.. සහ ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු උගත්.. බුද්ධිමත්.. වින්දත්.. නැණවත්.. පරහිතකාමී මිනිසුන්ගේ ඒකරාශීත්වයෙන් යුත් ජාතික මහා සභාවක් විසින්..
ජාතියේ හද ගැස්මට උචිත වන.. නවීන ලෝකයට ගැලපෙන.. කලින් කලට අවස්ථාවාදී පෘථග්ජන මිනිසුන් හට වෙනස් කළ නොහැකි වන ලෙස.. ප්‍රතිනිර්මාණය කරන ලද.. යුක්තිය රජයන..
"*#සැමට_එකසේ_සාධාරණ"
සුදුස්සාට සුදුසු නිසි තැන.. ස්ථිරසාර ලෙසම ව්‍යවස්ථාපිතවම හිමි වන..
*/**//***///***//**/*
භෞතිකවාදය අතික්‍රමණය කෙරෙනා.. ආධ්‍යාත්මික වූ.. ස්වයංපාලන ධර්ම රාජ්‍යය.. මහජන සමුහ ආණ්ඩු කරන.. ක්‍රමවේදයක් නැතහොත්.. "*#සිස්ටම්"/"*#System" එකක්..
ජන හිතකාමී ව්‍යවස්ථාවක් ලෙස කෙටුම්පත් කොට.. ජනමත විචාරණයක් සඳහා යොමු කර.. අති බහුතර ජන බලයකින් සම්මත කොට..
*/**//***///***//**/*
ආත්මාර්ථකාමී ඒකාධිපතියන් හට යලි කිසිදු කලෙක ජනතාව සතු ඒ..
"*#පරම_අධිකාරී_බලය"
වෙනස් කළ නොහැකි වන ලෙස.. මේ මහ පොලවේ ස්ථාපනය කරලීම.. හැර මින් මතු කිසි කලෙකදීවත්.. රටේ ජනතාවටත්.. මතු පරපුරටත්.. සාමය.. සතුට.. සෞභාග්‍යය.. සංහිඳියාව.. පවතින ක්‍රමවේදයෙන් තව දුරටත් අපේක්ෂා කිරීම මිරිඟුවක් පමණක් වනු නියතය.
ඒ නිසා.. ඒ උදෙසා වන.. නවමු ව්‍යවස්ථා කෙටුම්පත "අපි වෙනුවෙන් අපිම" එකම කඳවුරකට ඒකරාශීව පහත සඳහන්.. *#ලින්ක්/*#Link.. වල ඇති පරිදි.. කෙටුම්පත් කර ගනිමු.
ස්තුතියි. */**//***///***//**/*
*#නිර්පාක්ෂික.. *#නිර්භේදීය.. *#නිර්දේශපාලනික.. *#සත්පුරවැසියෙක්..
*#සෝභිතාවතාරයේ.. *#සෝභිතාතූරයා..
*#Sobit..2020/11/06..
11/2020/11..
*/**//***///***//**/*
*#Links..
https://www.sobithawathara.
https://www.facebook.com/
https://www.facebook.com/
https://www.youtube.com/
email : sathpurawasiya@gmail.com



