Tuesday, February 13, 2018

Lanka E/news + UNP - සමග ඩීල්ද..?

 Lanka E/news + UNP - සමග ඩීල්ද..? 

කාලාන්තරයක් පුරා තම ජීවිත අාශාව අතහැර මහත් කැපවීමෙන්
ජනතාවාදී මෙහෙවරක් ඉටු කල ලංකා ඊනිව්ස් කතුවරයා අැතුළු සමස්ථ කාර්යය මණ්ඩලයත්... ඊට පරිභාහිරව සිටිමින් අභිත ලෙස ගිනියම් වූ ප්රවෘත්ති ලබා දෙමින් සියලු ශ්රව්ය/දෘශ්යය/මුද්රිත මාධ්ය අභිබවා දේශපාලනික සහ අනෙකුත් සමාජීය අකටයුතුකම් වෙනුවෙන් ඉතාමත් අනගි අමිල සේවාවක් ඉටු කල ඊනිව්ස් අන්තර්ජාල (Enews Web Media) මාධ්යය ජාලයට ප්රතමයෙන් අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ දේදුනු විප්ලවය ජයග්රහනය කරවා රාජපක්ෂවාදී ඒකාධිපති වියරුවෙන් රට සහ ජනතාව ගලවා දීමට සිදුකල ජාතික මෙහෙවර වෙනුවෙන් සමස්ථ ලාංකේය ජනතාවගේ ගෞරවය පුද කොට සිටිමු.


නමුත් ඊනිවස් සැමදාම තම මාධ්යය ජාලය පවත්වාගෙන යනු ලැබුවේ ඉමහත් අාර්ථික අපහසුතා මධ්යයේ බව කාටත් අරුමයක් නොවන්නේ එකී මාධ්යයේ පලවනා සෑම පුවතකම පතුලෙහි ඔබගේ සහයෝගයෙන් තොරව ඊනිව්ස් පවත්වාගෙන යානොහැක යන දැක්වීම ප්රදර්ශනය කර තිබුනු බැවිනි.

නමුත් සැවොම ඊනිව්ස්හි පලවූ ලිපි පුවත් බලා රටේ පව‍තිනා උනුසුම් තත්ත්වයන් දැන ගත්තා පමනක් මිස කල හැකි අවම උපකාරයක්වත් ඊනිව්ස් වෙනුවෙන් ඉටු කලාදැයි සිතා ගත නොහැක.

කොටින්ම පසුගිය යම පාලන සමයේදී ඊනිව්ස් ගිනි තබා විනාශ කිරීම වෙනුවෙන් කිසියම් සාධාරනයක් ඉටු කොට දෙන මෙන් යහපාලන රජයට පවා කොතෙකුත් ඉඟිබිඟි කලද සිදුවූ සෙතක් නොමැති බවය සිතා ගැනීමට අැත්තේ....

සෝභිතාවතාර එසේ පවසා සිටින්නේ මෑතක සිට ඊිනිව්ස් තුලින් පෙනෙන්නට පවතිනා නිර්පාක්ෂික නොමැති ඒකපාක්ෂික ප්රවෘත්ති නිසාය. කාලයක් පුරා පැවති මෙම තත්ත්වය සම්බන්ධයෙන් විමසිලිමත්ව බලාගෙන යාමේදී මොවුන්ගේ ගොදුර සහ වෛරය වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා සම්බන්ධයෙන් පමනක් බව පෙනී යයි.

වෛරයට හේතුව ජනාධිපති තුමා තම වෙබ් අඩවිය පවත්වාගෙන යාමට සිදු කර අැති අන්තර්ජාල බාධාව යැයි පිලිගන්නට සබුද්ධික ඊනිව්ස් පේක්ෂක ජනතාව සූදානම් නැත.

මන්ද යත් වත්මන් ජනාධිපති තුමා ඔවැනි ඔල මොට්ටල ලද බොළඳ කම් සිදුකරනා මන්ද බුද්ධිකයෙක් නොවනා බව ජනතාව ඉතා හොඳින් දන්නා බැවිනි.

ඊනිව්ස් (Enews) බොරු වාරනයක් මවා පාමින් තම ඒකපාක්ෂික පුවත් කෙරෙහි කෙලින්ම සපැමිනෙනා ප්රතිවිරෝදාත්මක විවේචන මග හරවා ගනු පිනිස ෆේස්බුක් (FaceBook) මගින් පමනක් වැඩේ ගෙන යනු ලබන්නේ සට කටකපටකමට විය හැක.

මෙවැන්නක් සිදු උවත් ඊට ජනාධිපතිවරයා සම්බන්ධ යැයි ප්රජාව විශ්වාස නොකරයි. මන්ද යත් මේ වන විට වත්මන් ජනාධිපති තුමාගේ විනිවිද භාවය සම්බන්ධයෙන් ඉමහත් මහජන ප්රසාධයක් සහ විශ්වාසයක් රටේ සමස්ත ජාතිය තුලම ගොඩනැගෙමින් පවතිනා බැවිනි.

එනිසා මේ වන විට වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා සම්බන්ධයෙන් රටේ ජනතාවගේ සිත්සතන් තුල බොරු මතවාද සහ අාකල්ප අැති කරලීම ඊනිව්ස් සහ/හෝ වෙන අන් කවර මාධ්යයකට උවත් කිසිසේත් සිදු කිරීම නොකල හැකි වන්නේ මේ වන විට එතුමානන් ජනතාවගේ හදවත් තුලට කිඳා බැස අවසන්ව අැති බැවිනි.

කෙසේ නමුත් ඊනිව්ස්හි පෙර සිටි කිසිදු මාධ්යය කරුවෙකු මේ වන විට ඊනිව්ස් මාධ්යය ජාලයේ සිටීයී යැයි සිතිය නාෙහැක. මන්ද යත් ඊනිව්ස් තුල එදා සිටියේ මැරුවත් අාත්මය පාවා නොදෙනා අභීත මාධ්යය කරුවන් පිරිසක් නිසාය.

එම නිසා මෙහිදී සෝභිතාවතාර හට හැඟී යනුයේ අාර්ථික අසරන කමින් බරිතව සිටි ඊනිව්ස් හිමිකාර S...න් මහතා කරන්නම දෙයක් නොමැති වූ කල්හි තමන් හට කොලපාටින් යුත් දේශපාලන පක්ෂයක සිටිනා ප්රකට ඩීල් කරුවකු වන M.ක් ගේ අධිතක්සේරු ගත ලන්සුවට තම මාධ්යය අඩවිය විකුණා අැති බවකි.

නාෙඑසේව එදා සිටි ඊනිව්ස් කාරයන් මෙවැනි බාල වැඩ කිසිදා සිදු කර නැත. කරන්නේද නැත...

එනිසා මේ වන විට පවතිනා ඊනිව්ස් ප්රවෘත්ති කිරා මැන බලා තෝරා බේරා ගත යුත්තේ සම්බුදු පියානන් කාලාම සූත්රයේ දේශනා කර අැති පහත පරිදිය....

මා අනුස්සවේන... මා පරම්පරාය...මා ඉතිකිරාය....
මා පිඨක සම්පදානේන... මා තක්ක හේතු... මා නාය හේතු... මා බබ්බ රූප කාය... මා දිට්ඨි විජ්ජා....
නක්කත්තියා... මා සුමනා ගරෝතීතී....

යන පාලී පාඨයේ සිංහල අර්ථය වන...

මා කියූ පමනින්වත්... පරම්පරාවෙන් පැවත එන පමනින්වත් මෙය නිවැරදි යැයි පිළි නොගන්න. ඔබගේ තර්කයට වැටහෙන්නේ නම් පමනක්ද... තම බුද්ධියට ගෝචර වන්නේ නම් පමනක්ද පිළිගන්න.

සෝභිතාවතාර විශ්වයේ සිට ජනාධිපති අැතුළු ජනතාව දෙස අවධානයෙන්....
2018/02/13 - මධ්යම රාත්රියේදී



සියළු ජනතාවනි අවධානයෙන් සිටින්න ජනතාවාදී ජනපති කුමන්ත්රන කරුවන්ගේ කුමන්ත්රනවලින් රැකගන්න රොක්වන්න - සෝභිතාවතාර - 2018/02/13 ප.ව.6.30 ට

සියළු ජනතාවනි අවධානයෙන් සිටින්න ජනතාවාදී ජනපති කුමන්ත්රන කරුවන්ගේ කුමන්ත්රනවලින් රැකගන්න රොක්වන්න - සෝභිතාවතාර - 2018/02/13 ප.ව.6.30 ට
================
දූෂිතයින් සන්දාන ගත වී ඩීල් දමා ජනපති තනි කර අාණ්ඩු සාදා දූෂනයට එරෙහි ජනපති ඉවත් කරන්නට දෝෂාභියෝග ගෙන එන්නට සැරසෙයි.


ජනපති රටේ පවතිනා සියළු සිවිල් සංවිධාන දැනුවත් කොට රටේ සහ සියළු ජනතාවගේ අාරක්ෂාව පතා පවතින භයානක තත්ත්වය පිලිබඳ ජාත්යන්තරය දැනුවත් කරයි.

තෙවනුව රටේ පවතිනා ජනතාවාදී වූද... ජනතාව වෙනුවෙන් නිරතුරුවම පෙනී සිටින්නා වූද... ජනතාව වෙනුවෙන් හඬ නගනා සියළු මාධ්යයන්ගේ කොන්දේසි විරහිත සහයෝගයෙන් රටේ ජනතාව දැනුවත් කොට මහා ජනතා පවුරක් ගොඩ නගයි.

අවසානයේ සියළු දේශපාලන පක්ෂවල සිටිනා අදූෂිත ජනතා නියෝජිතයින්ට සහ සියළු සිවිල් සංවිධාන සහ උගත් බුද්ධිමත් ජනතාවට සහ උපදේශකයින් හට අාරාධනා කොට අදූෂිත අාණ්ඩුවක් ප්රකාශයට පත් කරයි.

ඉන් පසු සියළු පක්ෂවල සිටි දූෂිතයින්ගේ දූෂන පිලිබඳ කඩිනම් විමර්ශන පවත්වා ජනතාවගෙන් සොරාගෙන අැති මුදල් නැවත රජයට අත්පත් කොටගෙන ඒ මුදල්වලින් රටේ ණය බර අඩු කොට....

සෝභිත හිමියන්ගේ සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ සිහිනය සැබෑවක් යථාර්තයක් කොට සියළු ජනතාවට සැපෙන් සතුටින් සැනසිල්ලෙන් සිටීමට සුදුසු වාතාවරනයක් අැති කොට මීලඟ නායකත්වයට සුදුසු පුද්ගලයාට රට බාර කොට බොරු අප්පච්චී කෙනෙකු ලෙස නාෙව අභිමානවත් අප්පච්චී කෙනෙකු ලෙස 2020 දී විශ්රාම ගන්නා වගයි.

සෝභිතාවතාර විශ්වයේ සිට දැඩි අවධානයෙන්...!
2018/02/13 ප.ව.6.30 ට
=================

Sunday, February 11, 2018

දේශයේ මුර දේවතාවන් වන සබුද්ධික තීරක ජනයාගෙන් හැඟීම් බර අබුද්ධික ජනතාවට අායාචනයක්...

දේශයේ මුර දේවතාවන් වන සබුද්ධික තීරක ජනයාගෙන් හැඟීම් බර අබුද්ධික ජනතාවට අායාචනයක්...

ජාති/අාගම්/කුලමල සියළු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානෝ තමන් වහන්සේගේ චෛතසිකය තුල මරණාන්තය දක්වාත්.... ඉනික්බිති අසම්පූර්න වූ තම ඒ ස්වප්නය මරනයෙන් මතුවද ඉටුකරලීමේ නොනිමි කැපවීම තුල නිවන් මගටවත් නොපිවිස තම අාත්මය අවතාරයක් කොටගෙන විශ්වය තුල සැරි සරමින් දේදුනු විප්ලවය නැවතී අැති තැන සිට නැවත බල ගැන්වීමේ විප්ලවයට පවතිනා දේශපාලනික වාතාවරනය තුල සැලසුම් කර තිබුනු කාල පරාසයට වඩා කලින් ක්රියා කිරීමට සිදුව අැති නිසා මෙකියවෙනා සත්පුරවැසියා තම අාතූරයා බවට පත්කැරගෙන කාලයක් පුරා ගෙන යන 2015 දේදුනු විප්ලවයට හාත්පසින් වෙනස් වූ අදෘශ්යමාන විප්ලවයකට නැවතත් අවතීර්න වන්නට සිදුව අැති වගයි...

එකී මෙහෙයුමේ සමාරම්භය ලෙස 2015 දේදුනු විප්ලවයෙන් ඉතා අසීරු මෙහෙයුමක් සිදුකොට පලවා හරිනු ලැබූ ඒකාධිපති වූද... දූෂිත වූද... රාජපක්ෂ පවුල් පිල්ලිය සහ ඒ අනුගාමික සාෙර නඩයට පවතිනා යහපාලනවාදී නාමමාත්රික අාණ්ඩුවේ සුවහසක් දුර්වල අකාර්යක්ෂමතා සහ ගජමිතුරන් අාරක්ෂා කිරීමට යාමේ වරද සිදු කිරීම නිසා යලි හිටපු සොරුන් කෙසේ වෙතත් සොර නායකයා හොඳ යැයි (පොහොට්ටු) තීරනයක් දෙන්නට හේතු පාදක වූ බුද්ධියෙන් නොවී හදවතින් තීන්දු ගන්නා රටේ හැඟීම් බර අවිහිංසක සංවේදී මිනිසුන් හට ඉතා කාරුණික අායාචනයක් කිරීමට සෝභිතාවතාර සූදානම් වන වගයි..

සංවේදී මිනිසුනි.. මව්වරුනි.. පියවරුනි.. නැන්දනියනි... මාමාවරුනි... සහෝදරවරුනි... සහෝදරවරියනි... දූවරුනි... පුතනුවනි....මෙහිදී නම් නොකියැවුනු සැමගෙන්ද අවසරය...

තමාගේ සුදුවතේ එක ලේ බිඳක්වත් නොතැවරී මුත්... (ඊට පෙරකල ඩෙන්සිල් කොබ්බෑකඩුව / විජය විමලරත්න අැතුළු අැස්ඉස්මස්ලේ සහ දිවිපිදූ සියළු රණවිරුවන්ද සිහිපත් කරමින්) තම බඩවැල් අතින් ගෙන මාරාන්තික බෝම්බ ප්රහාරවලට ලක්ව සේනා සංවිධානය කල හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමාගේ සහ ත්රිවිධ හමුදා සියළු සාමාජික සාමාජිකාවන්ගේ දිවි ලේ මස් අැට නහර පුද කොට සියළු දේශපාලනික ක්රියාදරයන්ගේ පූර්න සහයෝගයෙන්ද රටේ ජනතාවගේ පූර්න දායකත්වයෙන් සහ පටිතද කරගැනීමෙන් පැවති කොටි ත්රස්තවාදය ජය ගන්නට අැසක් අහිමි කර ගත් හිටපු ජනාධිපතිනියගෙන් සහ එදා වැඩ බලන අාරක්ෂක අමාත්යය ධුරය හෙබවූ කාලයේ තෙවතාවක් දිවි බේරාගත් වත්මන් ජනපති  මෛත්රීපාල සිරිසේන මැති තුමාගේ සහ ගෝඨාභය මැතිඳුන්ගේ දිවි පරදුවට තැබූ කැපවීමෙන්ද යුද්ධයට නායකත්වය දී කොටි පරාජය කරන්නට හිටපු ජනපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්රී වන්දනීයත්වයට පත්වන්නට තිබුනු යුධ ජයග්රහනයේ ගෞරවය රැගෙන විශ්රාම නොගොස් තවදුරටත් කුරුණෑගල ප්රදේශයේ නාමික මන්ත්රීවරයෙකුව පඹයෙකුගේ සේවය එපෙදෙසට ලබා දෙමින් තවත් අයෙකුට හිමි අවස්ථාවක් අහිමි කොට බල තන්හාවේ ශාපයට ගොදුරුව වයසට කිසිසේත් නොගැලපෙනා කායික පීඩාවක් සහ මානසික අාතතියක් දරාගෙන කල පව්වලට මිහිබටදීම විපාක විඳිමින් චෛතසිකව සිය දහස් වර මැරී මැරී ඉපදෙමින් අපාදුක් විඳිනා තමාගේ සුදුවතේ එක ලේ බිඳක්වත් නොතැවරී මුත්... නායකයින් ගනනාවක් තුලින් ශේෂ වෙමින් සපැමිනි යුද්ධයේ තීරනාත්මක සංධිස්ථානය මාවිල්ලාරු සොරොව්ව වසා ගොවි ජනයාට ජලය අහිමි කරලීමේ සාධකය ජාත්යන්තරය දිනා ගැනීමේ උපාය මාර්ගය බවට ජනතා විමුක්ති පෙරමුනින් ලද දැඩි උපදේශනය දඩ මීමා කර ගනිමින් සමාප්තිය කරා ගෙන ගොස් පැවති යුද්ධය කිසියම් අකාරයෙක සුබවාදී කඩ ඉමකට ගෙන එන්නට සමත් වූයේ මහින්ද යනු හිටපු අන් නායකයින්ට වඩා මානුෂවාදී නාෙවනා චන්ඩි අාභාෂයක් තමා තුල පැවති ගනන්කාරයෙකු නිසා බවත් අවබෝධ කොට ගත යුතු මනාය. නමුත් යුධ ජයග්රහනයේ අයිතිය කිසි ලෙසකින්වත් එකෙකු සතු බූදලයක් නොවන්නේය. 

යුද්ධය නිමා වී අැත. නමුත් ප්රභාකරන්ගේ අවතාරය තවමත් මෙතෙර සහ එතෙර සැරි සරමින් තම අභිප්රායය ඉෂ්ඨ කරලීමේ නොනිමි මෙහෙවර තුල සිටියත් යලි මෙරටේ කිසිවෙකුටවත් යුද්ධ   කිරීමට රටේ ත්රිවිධ හමුදාවන්ගෙන් ඉඩක් නාෙලැබෙනා බව ස්ථිරය. ඒ තරමට රටේ හමුදා සාමාජිකයින් පන්නරය සහ පුහුනුව ලබා අැත.

ප්රභාකරන් කෙනෙකු බිහිවන්නට හිටපු සිංහල නායකයින් තුලින් සිදුවනු ලැබූ අඩුපාඩු දුර්වල කම් මෙහිදී සාකච්ඡා නොකලත් ප්රභාකරන් යනු අපගේ සිංහල නායකයින්ට වඩා අප්රමාන ලෙස තම ජාතියට අාදරය කල විශිෂ්ඨ නායකයෙකු බව සෝභිතාවතාරයේ පෞද්ගලික මතයයි. අපේ හිටපු නායකයින් විඳි සහ තවමත් විඳිනා සුරසැප සහ විමන් දෙස බැලීමේදී ප්රභාකරන්ගේ මාලිගාව යැයි පැවසූ බංකරයෙන් සහ අබලි බබලි වලින් ඔහු විඳි සැපයේ කෙසේ වෙතත් දුක්කයේ තරම රටේම ජනතාව දුටිමු.

කෙසේ වතුදු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් හට යුධ ජයග්රහනයේ ගෞරවය හිමි කර නොදෙන්නට මේ රටේ සුවහසක් ජනතාව සහ සියළු සමස්ථ දේශපාලනාධිකාරීන් කිසිවෙකු හෝ අල්ප මාත්රයෙකින්වත් පැකිලුනේ නැත.

ඊට ඉතාමත්ම පැහැදිලි සාධකයක් සහ සාක්ෂියක් ලෙස 2015 දේදුනු පරාජයෙන් පසු ප්රතිවාදී යහපාලන රජය සහ අනේක විදි නින්දා අපහාස ගල්මුල් ප්රහාර මධ්යයේ බලයට සපැමිනි වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන් තව දුරටත් දිගින් දිගටම හිටපු ජනපති මහින්දගෙන් සහ පිරිවරගෙන් ලද දහසක් කෙනහිලිකම් මධ්යයේදීත් සැලකූ අාකාරය රටම දුටු වසංකල නොහැකි සත්යයකි.

වරද කලේ වෙන අන්කිසිවෙකු නොව හිටපු ජනපති මහින්දමය. වසර 5 ක් බලයේ සිටියා.. ඉන් පසු තවත් වසර 5 ක් සිටියා... මදිද... යුධ ගෞරවය ඉතා තදින් පැවති නායකයෙකු ඒ ගෞරවයේ වටිනාකම දියාරු නොකොටගෙන දෙවැනි නායකයෙකු හට රට බාර දී අනුසාශකවරයෙක්ව කටයුතු කරමින් විශ්රාම ගත වූවානම් මේ වන විට කාල්ටන් නිවස දෙෙනික පුද බිමකි.

නායකත්වයක් තිබිය යුත්තේ තමාට පමනක්මද අනිකුන්ට අකැපද.... අැලර්ජිද.... අාසාවක් පරිත්යාගසීලී සිතක් පහල උනේම නැත්ද පොඩි හෝ තමන්ට නායකත්වයක් ලැබුනා වගේ ඒක අනෙකෙකුටත් දෙන්න.. දීල බලන්නවත් අඩු තරමින්...! කොහේද තමන්ගේම අයියට හෝ මල්ලිටවත් දෙන්න කැමති උනායැ....

ඒ සියල්ල කෙතරම් අාත්මාර්ථකාමී ලෙස සිදු උවත් යුධ ජයග්රහනයේ පීතෘවරයානන් හට දිනපතා නිතිපතා වන්දනාමාන කොට යන්නට තම දුවා දරුවන් රැගෙන එන්නට (එතුමන් හට තම රුධිරයෙන් අත්සන් කර ලිපි සංදේශ පවා යවා අැති) මේ සෝභිත අාතූරයා සත්පුරවැසියාද පෙර මං බලා සිටි තවත් එක් අයෙකි අනෙකුත් සියලු රට වැස්සන් අතර සිටි....

නමුත් අපට ඒ වාසනාව මේ බල තන්හාධිපති පිස්සු පූසා තව දුරටත් බලහත්කාරයෙන් හෝ බලයේ විසුම බැරිම වූ තැන අරලිය ගහ මන්දිරයෙන් පලා ගොස් කාල්ටන් ජනේලයේ එල්ලී නැති කර දැම්මේය.

කෙසේ වෙතත් ඕනෑම රටක දේශපාලකයින් යනු කාලීන වශයෙන් පැන නගිනා ඒ ඒ යුග අවශ්යයතාවයන් උදෙසා ජනතාව විසින් තෝරා පත්කර රටේ මෙහෙවර සඳහා තම බදු මුදල්වලින් වැටුප් යාන වාහන විශ්රාම වැටුප් සහ අාරක්ෂක බල අැනි ඇතුළු සියළු සැප සම්පත් ලබා දී පාර්ලිමේන්තුවට යවනා සේවකයින් පිරිසක් වේ.

යම් දේශපාලකයෙකු තමන්ගේ කාර්යය භාරය නිසි ලෙස ඉෂ්ඨ කලත් නොකලත් ඔහු හෝ අැය සම්බන්ධයෙන් අඩුවැඩි වශයෙන් කෘත ගුණ ශීලීත්වයක් තබා ගැනීම සෑහුනත් ඒ කිසිවක් වෙනුවෙන් හැඟීම් බරව සදාකාලික වහල් භාවයක් අැති කර ගැනීම නොවටී. මන්ද යත් එසේ වූ කල්හි රටක් දියුණුව කරා ඉදිරියට ගෙන යා නොහැකි වන නිසාය.

යමෙක් යම් කාර්යයකට දක්ෂ විය හැක. නමුත් ඔහු සැම දේටම දක්ෂ යැයි පූර්ව නිගමනයන්ට හෝ හැඟීම් බර අාකල්පයන් වෙත ලඟා වීම රටක අවාසනාවට හේතු වනු අැත. 

එසේ වූ කල්හි ඒ ජනතාවගේම අාදරවන්ත මතු පරපුර දූදරුවන් හට අනාගතයේදී ඒවාට පෞද්ගලිකව හෝ බොහෝ විට පොදුවේ වන්දි ගෙවීමටත් මුහුන දීමටත් සිදු වනු අැත.  

එසේ වූ කල්හි තම තමන් සිදුකල අක්ඥාණකම් කෙරෙහි මරනින් මතුවටත් පසුතැවිල්ලෙන් සිටීමට ඒ වැඩිහිටියන් හට සිදුවනු අැත. එකිනෙකා සිදු කල වැරදි සහ ගත් වැරදි තීරන හේතුවෙන් තම දුවා දරුවන් හට පීඩා විඳින්නට සිදු වූවා නේදෝ යන ලතැවිල්ලට මින් මතු කිසිවෙකු පාත්ර නොවනු අැතැයි මෙමගින් සෝභිතාවතාර විශ්වාසය තබයි.

අප රටේ ප්රමානාත්මක හැඟීම්බර ප්රජාවක් වෙසෙනා නිසා සටකපට දේශපාලකයා දිගින් දිගටම ජනයාගේ මෙම අසරන බවින් දැඩි සේ අයුතු ප්රයෝජන ගෙන අැති බවට ඕනෑවටත් වඩා සාධක අැත. 
******************************************************
එහි උච්ඡතම අවස්ථාවක් ලෙස මෙවර පලාත් පාලන මැතිවරන ප්රතිඵලය ගෙන හැර දැක්විය හැක.
*****************************************************
මෙකී අවිහිංසක ජනයාගේ උනු වන.. තෙත් වන.. හදවත් හැඟීම් වලින් මුසපත් කොට මන්ද මෝහනයට පාත්ර කාෙට තම පැවැත්ම තහවුරු කර ගැනීමට තරම් ලාංකේය සටකපට දේශපාලකයා ඉතිහාසය පුරාම සාර්ථකව මේ වන විට එකී සන්දර්භය තුල උච්චස්ථානයට සපැමින අැත.
****************************************************
තව දුරටත් මෙතැන් සිට ඉදිරියට එක් අඟලක් හෝ මෙම තත්ත්වය රට තුල පවත්වාගෙන යාමට වත්මන් අවස්ථාවාදී තක්කඩි දූෂිත සොර හවුලට ඉඩ ලබා දුනහොත් මේ රටත් ජාතියත් පාදඩයින්ගේ පාරාදීසයක් බවට පත්ව විනාශ මුඛයට පිවිසීම වලක්වනු සක්රයාටවත් නොහැකි වනු අැත.
****************************************************
එනිසා කෝප/ශෝක/සතුටු/පැහැදීම් අැති වුනු කිසිදු අවස්ථාවකදී වරක් දෙවරක් නොව සියක් වර සිතාබලා මිස පොරොන්දු දීමත්... තීරන ගැනීමත් නොකට යුතු බව අප මහා තිලෝ ගුරු සම්බුදු පියානන් වදාරා අැත්තේ මීට වසර 2500 ට පෙරදී වන්නේ මන්දැයි හැඟීම් බරව ක්ෂනික තීරන සහ පොරොන්දු වලට පෙලඹෙනා අබුද්ධික ජනයා තරයේ සිතට ගත යුතු ධර්මතාවයකි.

නොඑසේ වුවහොත් ඒ හැඟීම් බර ජනයා දිනෙක ප්රපාතය කරා යන්නේ තමන් සහ තම දූදරු/ඥාති/හිතමිත්රාදීන් පමනක් නොව තමන් කිසිදා නොහඳුනනා හැඟීම්වලට වහල් නොවනා තවත් සුවහසක් සබුද්ධික ජනයා සහ ඔවුන්ගේ දූදරු/ඥාති/හිතමිත්රාදීන්ද සමග වේ. එය මහා පාපයකි....!

එනිසා ඔබ සැමටත් අප සැමටත් අනාගතයේදී සැමගේ මතුපරපුරටත් සටකපට දේශපාලකයින් නිසා විය හැකි මෙවන් හානි වලකා ගන්නට වරක් දෙවරක් නොව සියක් වර සිතා මතා තීන්දු තීරන ගන්නට අදිටන් කර ගනිමු.

සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව වෙනුවෙන් අැප කැපව
2018/02/12

Saturday, February 10, 2018

1977 දී අැට අටේ උගුලේ හසුව වසර 40 ‍අන්ත දුක්පීඩා විඳි ලාංකේය අබුද්ධික/සබුද්ධික ජනයා 2018 දී යලි කිසිදා ගොඩ නොඑනා ප්රපාතයකට අැදවැටී අැති වගයි. සෝභිතාවතාර විශ්වයේ සිට කනස්සල්ලෙන්...! 2018/02/11

1977 දී අැට අටේ උගුලේ හසුව වසර 40 ‍අන්ත දුක්පීඩා විඳි ලාංකේය අබුද්ධික/සබුද්ධික ජනයා 2018 දී යලි කිසිදා ගොඩ නොඑනා ප්රපාතයකට අැදවැටී අැති වගයි.
සෝභිතාවතාර විශ්වයේ සිට කනස්සල්ලෙන්...!
2018/02/11

සෝභිතාවතාර විශ්වයේ සිට අවධානයෙන් - 2018/02/10 මැදියමේදී....

ජීවතුන් අතර සිටියානම් විවිධ අභූත චෝදනා වලින් අඩුවක් නොමැති අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානෝ ජාති/අාගම්/කුලමල සියළු භේදයන්ගෙන් තොරව සැමට සාධාරණ සමාජයක් බිහිකරලීමේ නොනිමි සිහිනය වූ තම අභිප්රාය තුල තව දුරටත් රැඳී සිටිමින් අවතාරයක්ව විශ්වයේ සැරිසරමින් ජනගත කරනා වගයි.

සෝභිතාවතාර
2018/02/10 - මැදියමේදී


Thursday, February 8, 2018

මව්වරුනි/පියවරුනි වෙන අන්කිසිවක් ගැන නොව ඔබේ සදාදර දූදරුමුනුමිනිපිරියන්ගේ නිවහල් සුරක්ෂිත අනාගතය ගැන සිතා සෝභිත හිමියන්ගේ අවවාද තරයේ පිලිපිදින්න අතපසු නොකර පිවිසෙන්න අඩවියට. සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව වෙනුවෙන්‍ අැප කැපව සිටිනා වගයි... 2018/02/09

මව්වරුනි/පියවරුනි වෙන අන්කිසිවක් ගැන නොව ඔබේ සදාදර දූදරුමුනුමිනිපිරියන්ගේ නිවහල් සුරක්ෂිත අනාගතය ගැන සිතා සෝභිත හිමියන්ගේ අවවාද තරයේ පිලිපිදින්න අතපසු නොකර පිවිසෙන්න අඩවියට.

සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව වෙනුවෙන්‍ අැප කැපව සිටිනා වගයි...
2018/02/09


Sunday, February 4, 2018

සෝභිතාවතාරයෙන් සියලු ලෝවැසි/ලක්වැසි සැමහට සියලු සත්වයන් උදෙසා නිදහස් පනිවිඩයයි. 2018/02/04

සෝභිතාවතාරයෙන් සියලු ලෝවැසි/ලක්වැසි සැමහට සියලු සත්වයන් උදෙසා නිදහස් පනිවිඩයයි. 2018/02/04

අපවත් වී වදාල ශ්‍රී ජයවර්ධන පුර විශ්විද්‍යාලයේ කුලපති මහාචාර්‍ය අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් හට ප්රතමයෙන් බලවත් ධර්ම සංවේගය පලකරමින්....

සිද්ධිය සම්බන්ධයෙන් සෝභිතාවතාර ගිහිපැවිදි සැම හට තම මතය හැටියට හුවා දක්වන්නේ සත්ව අවිහංසාවේ අාධ්යාත්මීය ගැඹුර සහ හරයයි.

පන්සල් වල සහ විවිධ ප්රබූ පිරිස් අතර විවිධ කාරනා හේතුකොට ගනිමින් අලි අැතුන් සිරකාෙට තබා ගනිමින් අැති දැඩි කිරීම පසුගිය මෑත කාලයේදී වැඩි වැඩියෙන් කථා බහට ලක්වුනි.

ඒ කෙතරම්ද යත් අවසානයේ අලි පාෙතට පවා වෙචිචි දෙයක් නැති උනි. රාජපක්ෂවාදී ඒකාධිපති වියරුවේ පාදඩ යුගයේදී ලාංකේය අලි ඉතිහාසය එසේ සමාප්ත උනි. 

අවසානයේදී මියන්මාරයේ අලි පමනක් නොව අාදී අපේ ගල් වඩුවන් නිර්මානය කල සම්බුදු පිලිම වහන්සේලා (රුවන්වැලි මහා සෑයේ පවා) පැත්තකට කොට මියන්මාර කෝවේ තොග ගනනින් වක්කල සම්බුදු පිලිම වහන්සේලා මෙරටට ගෙන්වා හෝ ත්යාග ලබා සෑම පෙදෙසකම ඉවක් බවක් නාෙමැතිව තැන්පත් කරන්නට යෙදුනි.

අපේ රටේ මෝඩ තකතීරු ගිහි පැවිදි නායකකාරකාදී කිසිවෙකු සිදුවන්නට යන්නා වූ අප රටේ සංචාරක ව්යාපාරයේ අභාවය දිවැසින් දකින්නට සමත් වී නාෙමැති වීම සෝභිත හිමියන්ගේ අාත්මයට සැනසීම ගෙන නොදෙනා වැදගත් කාරණයකි....!

නිකම් දෙනවා නම් මන්න පාරක් උවත් කමක් නැතැයි සිතනා අප රටේ ඔලමොට්ටල සිංහල බෞද්ධ වගකිව යුත්තන් මියන්මාර මාෆියාවේ සූක්ෂ්ම උගුලක ඉතා සැහැල්ලුවෙන් කොටු වී ජාතික අනන්යතාවයන් සහ ජාතික අාධායම් විනාශ මුඛයට තල්ලු කර දමමින් අන්ධ මානසිකත්වයක පසුවේ.

==============================

කෙසේ වෙතත් අදාල මියන්මාර අැතා අපගේ දේශීය අැතුන්ට වඩා විනය සහ තැන්පත් බවින් අඩු ස්වභාවයක්ද අපවත් වී වදාල විමලරතන නාහිමියන් සත්වයාට අාහාර ලබාදෙන වීඩියාේ පටවල පෙනෙන්නට තිබුනි.

එමෙන්ම ඒ අවස්ථා සෑම විටෙකදීම අදාල අැත්ගොව්වන් දෙදෙනා දෙපස සිටිමින් හෙන්ඩුවලින් අැතාගේ පාදවලට දමා අදිමින් සතා දැඩි නතු කිරීමකට ලක්කරනු දකින්නට තිබුනි. විමලරතන නාහිමියන් සෑමදාම උදේ අැතාට අාහාර ලබාදෙන බව දක්වා තිබුනු නිසා මෙය දෙෙනික චක්රයක් බව පැහැදිලිය.

නොසතුටින් මුත් මෙය සතාට පැවති නිරන්තර හිංසනයක් බව පැවසිය යුතුය. සතාට අදාල අාහාර ලබා දීම අවසන් වන තුරුම සතා පසුවන්නේ යටි සිතේ හටගත් දැඩි භීතියකින් බව සතාගේ පැත්තෙන් බලා තේරුම් බේරුම් කොට ගත යුතුය.

පන්සලක හෝ වේවා විමනක හෝ වේවා කුමන අාකාරයෙක හෝ සතෙකු සිර කොට අැත්නම් එය සත්ව හිංසනයකි. විමලරතන නාහිමියන් අසීමිත සත්ව කරුනාව නිසා කරුණා මෙෙත්රී සිතින් හෝ අැතාට අාහාර ලබා දී කිසියම් අාත්ම තෘප්තියක් පැතුවත් ක්රියාවලිය තුල සැඟවුනු සත්ව හිංසනයක් නැතිවා නොවනා බව කොයි කවුරුත් දැහැමින් සෙමින් අවබෝධ කොට ගත යුතු මනාය.

නොඑසේ උවහොත් මීලඟ අලි ප්රහාරය මීලඟ සැඟවුනු සත්ව හිංසකයාට අත්වීම වලකනු (අපගේ ශාන්තිනායක අමා මෑණියන් වහන්සේ බුද්ධත්වයට පත්වූ පසුව පූර්ව භවයන්හී කළ පාප කර්ම දොළහකට විපාක විඳ ඇති බවට සුත්‍ර පිටකයට අයත් පුබ්බ කම්ම පිලෝතික අපදාන අටුවාවේ සඳහන් කාරනා) බොරු වනු අැත.

සෝභිතාවතාර විශ්වයේ සිට (2018/02/04) නිදහස් දින සිියලු සත්වයන්ගේ නිදහස උදෙසා දේශනා කාෙට තම අාතූරයා ලවා ජනගත කල වගයි.

=======================================================
කළ පව් පළ දීම..! ථෙරවාදයද? චොරවාදයද? අංක 38 
(ලංකා ඊ නිව්ස් - 2018.පෙබ.04, පෙ.ව‍‍‍‍‍‍‍‍‍‍‍‍.3.50) - ලිපියට පිලිතුරක් වන ලෙස සියලු ලෝවැසි/ලක්වැසි සැමහට දන්වනා වගයි. සෝභිතාවතාර
https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/1759680277430463/?type=3