Wednesday, April 26, 2017

ගමේ හන්දියේ ගස්යට ඩිස්පැන්සරියේ (ඩොක්ටර් වන්ෂෝට්) වීරයා ගැනයි...

ගමේ හන්දියේ ගස්යට ඩිස්පැන්සරියේ (ඩොක්ටර් වන්ෂෝට්) වීරයා ගැනයි...

මහාචාර්යය ප්රියදර්ශනී මහත්මියගේ සමාජ දැනුවත් කිරීම ඉතාමත් අගය කරනා අතරම ඊට එකතු කිරීමට අැති තවත් වැදගත් පැතිකඩක් සෝභිතාවතාර ගෙනහැර දක්වයි...

බොහෝ ස්ථානවල අැති ෆාමසිවල සහ ගම්වල ටවුන්වල හන්දි ගානේ ප්මිතියක් නොමැති දොස්තරවරුන් (වන්ෂෝට්ලා) පවත්වාගෙන යන ඩිස්පැන්සරිවල ඖෙෂධ නිකුත් කිරීම සඳහා සේවයට ගෙන සිටිනා සේවක සේවිකාවන් දොස්තර විසින්ම සුළු පලපුරුද්දක් ලබා දී අඩු වැටුපට සේවයේ පිහිටුවා සිටිනා අයවලුන් නිසා සමාජයේ ඉතා භයානක තත්ත්වයක් අැත.

විධිමත් ෆාමසිකල්චර් අධ්යයනයක් සුදුසුකමක් නොමැති අය නිසා විශේෂයෙන් ගම් දනව්වල දුගී ජනතාව රෝගී අවස්ථාවලදී මෙම ගස්යට ඩිස්පැන්සරි බාල දොස්තරලා වෙත අඩු මිලට බෙහෙත් ගැනිමට යාම නිසා යම් යම් අවධානම් අවස්ථාවලට පාත්ර වීම් දකින්නට අැත.

මෙසේ රෝගීන් හට නිකුත් කල වැරදි ඖෙෂධ භාවිතා කොට අසාත්මිකතා තත්ත්වයන්ට පත් වුනු අවස්ථා එමටය.

එමෙන්ම මෙම දොස්තරලා හටද දැනුම අප්ග්රේඩ් වන්නේ නොමැති නිසා සහ තම වෙළඳ අාධිපත්යය රැක ගැනුම උදෙසාද ඉතාම අධිමාත්රාවෙන් යුත් ඖෙෂධ නිකුත් කර සැබෑ උගතා දනක් බසින්නැති මඩේ කරවටත් බසිනා මෙවන් මෝඩ ගොඩ දොස්තරලා අහිංසක රෝගීන්ට විධිමත් දොස්තර මාත්රාව අඩු කොට බෙදා සකසා සතියකින් සුව වීමට දෙන බෙහෙත මෙම හොර ගොඩ වෙදා එක දවසින් සුව වීමට ලබා දී හන්දියේ වන්ෂෝට් දොස්තර වීරයා වෙයි.

නමුත් ඒ අධිමාත්රා සහිත ඖෙෂධ ලබාදීම නිසා රෝගියාගේ අක්මාව නරක් වී මියෑදෙන්නේ වසර ගනනාවකට පසුව හොයාගන්නටවත් නොහැකි නිධන්ගත රෝගාබාධයන්ට ලක්වී බව ගමේ ගොඩේ ලැසි අක්කා කරලැයින් නැන්දා ජිනදාස අයියා දන්නේ නැති නිසා මෙවන් වන්ෂෝට් මාරයින් රට පුරා රහසේ ජාතිය වඳ කරමින් සිටිනා බව අපේ මහකලු සිංහලයන්ට වගේ වගක් නැත. දූෂිතයින්ගේ බොරුවට රැවටිලා ජාතිවාදය අවුළුවමින් සහ පතුරුවමින් සාමය සංහිඳියාව වනසනවා මිස... නෑ වෙන වැඩක් මුන්ට....

සෝභිතාවතාර
2017/04/26

No comments:

Post a Comment