Saturday, April 29, 2017

කසල යනු තමන්ගේම ධනයෙහි තැන්පත් කල අගය බව ඉගෙන ගන්න අකිලගේ ඉස්කෝලේ අලුත්ම සබ්ජැට් එකට ලමයව එවන්න අම්මේ තාත්තේ කරුණාකරලා

=================================================================
කැළි කසල කළමනාකරණය පාසල් ප්‍රජාවගේ ජීවන පුරුද්දක් බවට පත් කොට සමාජගත කිරීමට අධ්‍යාපන ඇමැති අකිල විරාජ්ගෙන් විශේෂ වැඩපිළිවෙළක්..

(ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.28, ප.ව‍. ‍‍‍7.05) මේ වන විට බරපතල පාරිසරික ගැටළුවක් බවට පත් වී ඇති කැළි කසල ගැටළුවට පිළියම් යෙදීම සඳහා පාසල් මට්ටමින් විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබෙනවා.
පුවතක්... සවිස්තරව දැනගන්න පිවිසෙන්න පහත අඩවියට...
නමුත් ඊට පෙර සෝභිතාවතාර මතය විමසලා සිටින්නට තාරුණික වන්න..
================================================================================
එය මෙසේ විග්රහයට බඳුන් වේ...
අධ්යාපන අමාත්යවරයාගේ ඉහත සංකල්පනාව ඉතා විශිෂ්ඨ බව අවිවාදාත්මකයි. වැඩේ හරියටම හරි. පටන් ගන්න ඕන නියම තැන පාසලම තමයි.
ඉන් පසුව ඒ පාසල් දරුවන් හරහාම තම දෙමාපියන්ගේ පහත් පුරුදු වලට තිත තැබීමට උපක්රම යොදන්න තම තමන්ටම ලැජ්ජ හිතෙන්න. උදේ පාන්දරින් තම දරුවන් පාසල් යන්නට අන්ඳවාගෙන ත්රීවීලරයට හෝ මෝටර් බයිසිකලයට හෝ කාරයට වෑන් රථයට හෝ නග්ගවාගෙන ඒ වාහනයටම ගෙදර ඊයේ කුණු මල්ල හෝ මලු ටිකත් පටවාගෙන ගොස් තම දරුවන් හට යස පූර්වාදර්ශයක් ලබා දෙමින් හීන් සැරේ අතරමගදි කාගේ හෝ නිවසක් අසල හෝ පාළු ස්ථානයක හෝ බැරිමනම් යන ගමන්ම මහ පාරේ මැද හෝ අතහැර යන මාපිය ජාතිය නිසා හෙට බිහිවන දරුවාද තම අනාගත කුණු ප්රශ්නයට විසඳුම මාපිය අාදර්ශයෙන් ජීවිතයට පරමාදර්ශයක් කර ගනී.
අම්මගේ පෑඩ්... අප්පගේ (තීන්ත) කොපු... කාල ඉතිරි ඉඳුල් ටික... චිකන් කටු, මාළු බාෙකු, ෆ්රිජ් එකේ මාස ගානක් පල් වෙච්ච අලහොදි, වට්ටක්ක, පාන් වාටි, කැකිරි පිපිඥ්ඥ, කොත්තු කාෙල, රයිස් පෙට්ටි, යෝගට් කෝප්ප, නිල් වෙච්චි පෑන්ටි,  හිල් වෙච්චි යට කලිසම්, ලංකට් තව මොනවද මේ කුණු මල්ලේ අඩු දෝයි ගාල ලැජ්ජ නැතිව මහපාරේ අත හරින කාගේ හරි ගෙයක් දොරක් ලඟ කාලකන්නි ජාතිය... පාදඩ.. නොදකින්... තුහ්....
මේ වගේ බූරුවෝ තාම දන්නේ නැහැ මේවගේ අවලං වැඩවලට ධර්මයට අනුව ඵලදෙන කර්ම ඵලය ගැන. මුන් අනිවාර්යයෙන්ම ඊලඟ අාත්මයේ උපදින්නේ ඉහඳ පනුවෝ වෙලා බව.
යස අගේට සූට් අැඳගෙන ජැන්ඩියට ගියාට මොකද ඉහේ ඉඳන් පාදන්තෙටම අැතුලේ තියෙන්නේ ගූ... මොලේ පිරෙන්නත් එක්කම. එහෙම නොවනා කොයි මනුස්සයාටද අප්ප තමන්ගේ කුණු වගකට නැතිව කොහේ හරි අතාරින්න පුළුවන් බයක්, ලැජ්ජාවක්, හිරිකිතයක් නැතුව. අැයි අප්ප අපේ අරවද.. මේවද... සේරම ජරාව.. කුණු ජරාව අපිට නොපෙනෙන්න උනත් තව කවුරු හරි දැක්කොත් මොන ලැජ්ජාවක්ද දෙයියනේ...
ඒ වගේම තවත් මරු සෙට් එකක් ඉන්නවා මෝලේ උඩ වාඩි වෙච්චි... ලක්ෂ 50 හ 100 ය 200ය වියදම් කරල ෂෝයි එකට ගේ එහෙම හදල රු.75000/= ක ලක්ෂයක දෙකක විතර අලි විශාල ගේට්ටුවකුත් දාගත්ත කියහල්ලකෝ. පන යන වැඩේ කියන්නේ මේ ගොබ්බ සේනලා රිමෝට් එකෙන්ම ගේට්ටුව අැරල රිමෝට් එකෙන්ම ගේට්ටුව වහල යනව ජෙල් ගාල මේකප් දාල පොලිෂ් වෙලා හැබැයි බොරලික්කම් ටික ගේට්ටුවේ එල්ලලා දවස් ගනන් කුණු කාරයා නාවොත් ගඳ ගහනව ඕජස් පෙරි පෙරී හිල්වෙච්ච ෂොපින් බෑග්වල හිල්වලින්... අනේද කියන්නේ.ඒ.ඒ.. මුන්ගේ උගත් කම් හාෙඳ බල්ලන්ට නම් නෙවේ ඌරන්ටයි... චිහ්... වියදම් කරපන් අර ගෙදරටයි... තාප්පෙටයි... ගේට්ටුවටයි... වියදම් කරන සල්ලි වලින් එක සොච්චමක් තාප්පයේ හෝ වැටේ හෝ පැත්තකින් පාෙඩි කවුළුවක් හදන්න කුණු කාරයා එනකම් පිලිවෙලකට වැදගත් විදියට කුණු ටික තියන්න චැස්සට තෙමිල බලු කපුටෝ අැදල බල්බ් සෙට් එකක් වගේ එල්ලලා තියෙන බොරලික්කම් ටික පරිස්සම් වෙන්න. අනේ මන්ද මුන්ගේ මෝලේ කවදා පෑදෙයිදෝ...! දෙයියනේ...
ඔන්න ඔය වගේ දේවල් වලින් තමයි හලෝ මිනිස්සුන්ගේ කොලිටීස් බලන්නයි, මනින්නයි පුළුවන් වෙන්නේ. එහෙම නැතිව සුද්ද සීතල නිසා බෙල්ල හිර කරන් ඉන්න ටයි ගැටේ ගහ ගත්ත පලියටවත්... ටයිනම් මොනවද අප්ප අද කාලේ අර වොරන්ටි නිසා රිටන් අාපු කසඩ බඩු විකුණවන්න ටයි නකුටක් බෙල්ලේ ඔතල ගෙවල් ගානේ යවල බාල බඩු කරේ ගහන අට පාස් නැති වන්නිකරෙන් කාෙළම ලොකු රස්සාවල් හොයාගෙන එන මෝඩ කාෙල්ලන්ටත් අන්දන එකනේ.... මේ වගේ දුප්පත් ලමයි ඉතින් ටයි ගැටේට අහුවෙලා අර තක්කඩියන්ට ටික දවසක් හම්බ කරල දීල ටයි එක ගලෝල බල්ලන්ට දාල අාපහු යන්න යනවා ගමේ. මේ වගේ අහිංසක ලමයින් හැමදාමත් හෙට දවසේත් මේ ටයි ගැටේට අහුවෙලා කොළඹට එනවා යනවා... යනවා එනවා... ඉවරයක් නෑ... අරුන් ටිකනම් හැමදාම ගොඩ මේ ලමයි නම් හැමදාමත් අනාථයි. 
ඉතින් කුණු ගැන අාපහු කථා කරනවානම් කුණු කියන්නේ තමුන්ගේ සල්ලි නේද කියල අපේ උගත් ජනතාවට අාතතිය වැඩි නිසාදෝ නොපෙනී ගිහිල්ල තියෙනවා.
ඒ නිසා එයාලට අමතකයි තමන් රු. 35/- ට ගේන යෝගට් එකේ හිස් කොප්පයට රු.5 කුත්.. හැන්දට රුපියලකුත් ගෙවල තියෙන බව. රයිස් එකේ පෙට්ටියට 10 ක්, ලන්ච් ෂීට් එකට 1.50 ක්, කෝලා ලී.2 කේ හිස් එකට 20 ක් මේ අාදී වශයෙන් තමන් මාසිකව වෙහෙස මහන්සියෙන් උපයන අාධායමෙන් සැලකිය යුතු මුදලක් ගෙදරටම ගෙනැවිත් යලි අපද්රව්යය විදියට විසිකර දමන බව.
ඒකට ඉස්සර අපේ අාතා මුත්ත අාච්චි සීයා කාලේ ඉඩමේ 4 මායිමෙන් එහාට විසි කරන්න එක අබ අැටේක දෙයක් ගෙවල්වල තිබුනේ නැහැ කුණු යනුවෙන්. සියළුම දේවල් තම ගෙවත්තේම පොහොර වෙමින් බව බෝග නෙලා දුන් සම්පතකි කාටත් වැඩක් නැති කුණු යනුවෙන් හැඳින්වෙන්නේ වර්තමානය වන විට මිනී මරන්නට පවා සමත් වෙමින්..!
ජනතාවට සේවය කරන්නටැයි වහසි බස් දාෙඩා ඒ ජනතාවගේ කරමතින්ම පාර්ලිමේන්තුවට ගොස් සියළු යස ඉසුරු නිත්යානුකූලවම බුක්ති විඳිමින් දිනෙක නියත විශ්රාම වැටුපද සමගින් තවත් නතර නොවී සොරකම් මැරකම් ජඩකම් මදිවාට මේ වන විට කුණු කම්ද කරමින් ඒ උතුම් ජනතාවටම පාරාවලල්ලක් වෙමින් ඔවුන්ට මරු කැඳවා දෙන්නට තරම් වර්තමාන දේශපාලකයා කුණුවී තිබේ.
මෙය දියුණු වෙමින් පවතිනා අපගේ වන් රටකට කිසිසේත් නොගැලපෙන්නකි. ඒ නිසා අධ්යාපන අමාත්යය අකිල විරාජ්ගේ මෙම සංකල්පනාව ජාතික ප්රථිපත්තියක් කොට මතුවදී හෝ පත්වනා කිසිදු රජයකට වෙනස් කල නාෙහැකි වන ලෙස අධ්යාපන ක්ෂේත්රයට අැතුලත් කල යුතුය.
කසල යනු තමන්ගේම ධනයෙහි තැන්පත් කල අගය බවත්. ඒවා ප්රතිචක්රීය කිරීම හෝ එකතු කර විකුණා මුදල් කර හෝ යලි අාර්ථික වාසියක් අත්කර ගැනීමේ විද්යාත්මක වටපිටාව සකස් කරදීම අධ්යාපනය තුලින් හැර බලු වලිග කෙලින් කරලීම මේ රටේ දැනට පෙනෙන්නට අැති විදියට නම් විහිළුවකි.
සෝභිතාවතාර
2017/04/30

No comments:

Post a Comment