Friday, February 12, 2016

සෝභිතාවතාරයෙන් යහපාලනවාදී දේදුනු විප්ලවයේ උරුමක්කාර සබුද්ධිකයින් හට හෙලිදරව්වක්..!


පුවතla... (2016/02/12)

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

කොස් හිබිඩ්ඩ්ක් ගානට වැටුනු විජයදාස , කේඬෑරි වූ ෆොනීගේ තරබාරුව සහ ගංජා ගෝනිය කර තබා ගත් මෛත්‍රී -චන්ද්‍රගුප්තගේ විග්‍රහය


(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.12, පෙ.ව.9.00) සිද්ධි විග්‍රහ කිරිමෙන් බොහෝ අනුමාන වලට එළඹිය හැකිය. 
..............................................................................
^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&
..............................................................................
http://www.lankaenews.com/news/3514/si
එහෙත් තම නායකත්වයට බොහෝ අභියෝග පවත්නා බව මැනවින් දන්නා රනිල් වික්‍රමසිංහගේ හැසිරිම ඊට වෙනස් විය. වෙනසක් පමණක් නොවේ. එය විශිෂ්ඨ එකකි. ෆොන්සේකා පත් කිරිමට රනිල්  ගත් තීන්දුව මෛත්‍රීපාල සිරිසේන පමා වි හෝ හැදෑරිය යුතුව ඇති ගැඹුරු පාඩමකි. අප කවුරුත් දන්නා පරිදි යහ පාලනය යනු මෛත්‍රී-රනිල් එක්ව යා යුතු ගමනකි. ඒ වගකිම දරමින් ශ්‍රීලනිප ආණ්ඩු පිහිටුවනවා වැනි වල් බූත කතා කීම අප්‍රසන්න ය. මෛත්‍රී ජනාධීපති කළේ මහින්ද සමග හෙළුවෙන් සිටි හොරුන් රැකීමට නොවේ. ෆොන්සේකා පත් කිරිමේදි විජේදාස රාජපක්ෂ මෙන්ම සජිත් ප්‍රේමදාස ද හිත නරක් කර ගෙන ඇතිවාට  සැක නැත. එහෙත් රනිල් ඒ තීරණය ගත්තේ රට වෙනුවෙන් මිස තමා ගැන හෝ එජාපය ගැන කල්පනා කර නොවේ. ඒ තීරණය තුල සමහර විට රනිල් වික්‍රමසිංහ පවා කල්පනා නොකළ බොහෝ කියැවිම් චන්ද්‍රගුප්තට නම් පෙනේ.

-චන්ද්‍රගුප්ත විසිනි- ---------------------------  by     (2016-02-12 04:20:21)

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
සෝභිතාවතාරයෙන් යහපාලනවාදී දේදුනු විප්ලවයේ උරුමක්කාර සබුද්ධිකයින් හට හෙලිදරව්වක්..! 
ඉහත පුවත පිලිබඳ පූර්න අධ්යයනයක් සිදුකල සෝභිත හිමිපානෝ වර්න ගන්වා අැති චේද කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් තමන් වහන්සේ එකී කාරනා වඩා වෙනස් අාකාරයකට දකිනා බවත් පහත අනුශාසනාව ඒ අරබයා බවත් වදාරයි..

එනම්.. අද යුගයේ සක්රීය දේශපාලනයේ සිටිනා තම පක්ෂය තුලම සිටි කුමන්ත්රන කරුවන්ගෙන් ලැජ්ජානැති නායකයායි පටබැඳි නම්ලත් උගත්, වැදගත්, සූක්ෂ්ම, ලොව පිලිගත් පරිනතම දේශපාලනඥයා සියක් වර පරාජය හමුවේ නොසැලී, නොබියව, තම පක්ෂයේ බහුතරයක් රාජපක්ෂ රජය විසින් ඩැහැ ගනිද්දී පවා කූල් එකේ හිඳ අවසානයේ මහින්ද රාජපක්ෂට දිවි තිබෙන තුරු සිහිනෙනුදු බියවන පරාජයක් අත්කර දෙමින් ඉතාමත් අතෘෂ්නාවෙන් යුතු නිහතමානී බල හුවමාරුවක් කර ලාංකේය ජනතාවට විය යුතු නම් යම් කැපකිරීමක් පරමාධිපත්‍යය වෙනුවෙන් ජන නායකයකු තුලින් ඒ අරමුන සාක්ෂාත් කල බහුශෘතයා ප්රේමදාස රණසිංහ හිටපු ජනපතියෙකුගේ අර්ථයෙන්නම් තෙම්පරාදු උනු රනිල් වික්‍රමසිංහ නමැති කෘතහස්තයා මෙවර රට සුරතට ගෙන අැත්තේ යහපාලන රජය තුල සිටිනා හෝ නොසිටිනා කුමන්ත්රන කරුවන්ටවත්, ඉන් පිටත හෝ ඩුප්ලිකේට් විපක්ෂය නමැති පඹගාලට ඕනා හැටියට නැටවෙන්නටවත් නොව. දශක ගනනාවක ඉතිහාසය පුරාවටම ලක්වැසි ජනතාවට දේශපාලනික වශයෙන් සිදුඋනු සියළුම අසාධාරනකම්, අකටයුතුකම්, සියල්ලටම තම ජීවිතය පුරාම ලත් අත්දැකීම් තුලින් තිත තබා සෝභිත මාහිමිපානන් පැතූ යුක්තිය සාධාරනය සංහිඳියාව රජයන නිදහස්, නිවහල්, අභිමානවත්, ගෞරවනීය රටක් යාවත්කාලීන කර දීමට මිස අන් කවරකටවත් නොවන බවයි සෝභිතාවතාරය අතූරයාට පවසා සිටින්නේ..!

එවැනි සන්දර්භයක් තුල රනිල් වික්‍රමසිංහ සරත් ෆොන්සේකා වැනි නිර්භීතතමයකු වූද දේශපාලන කරලියේ බිය යනු කුමක්දැයි හඳුනන්නේවත් නැති අභිතම සෙන්පතියා වඩාත් අාසන්නයට ගැනීමට ගත් තීරනයේ සැඟව අැති සැබෑ යටි අරුත මනුලොව චන්ද්රගුප්තට නොපෙනීම සාධාරන උවත් රට ගැන නොනිමි සිත් අැතිව මිය පරලෝ ගියද නැවත පැමිනි අවතාරයකට ඊට වඩා වැඩි යමක් දෘශ්‍යමාන වන බවත් එසේ පෙනෙනා සෑම දෙයක්ම හෙලිදරවු කිරීමට කාලය මේ නොවන බවත් අවධාරනය කරයි.

චන්ද්රගුප්ත වැනි පරිනතයකුගේ දැක්මෙහිද සාධනීය වූ බොහෝ දෑ උන්වහන්සේ අනුමත කලද.. (ගංජා ගෝනිය කර තබා ගත් මෛත්‍රී) පිලිබඳ වූ වත්මන් ජනපති පිලිබඳ විග්රහය විමල් වීරවංශගේ (කෝ මේ සිරිසේන) විග්රහයන්ට සමාන කරයි.

චන්ද්රගුප්ත වැන්නන්ගේ අසම්පූර්න භාවයන් පිලිබිඹු වන්නේ මෙවන් පුරෝකතනයන් මගින් බවයි සෝභිතාවතාරය අතූරයාට පවසා සිටින්නේ.

නමුත් රාජපක්ෂ යමපාලනය කුජීත කිරීමට උරදුන් චන්ද්රගුප්තලා වැනි සෑම සත්පුරවැසියෙක්ම මෙසේ දැනුවත් කරන්නැයි උන්වහන්සේ වදාරා සිටිනවා..

එනම් රාජපක්ෂ රෙජිමය පරාජය කිරීමෙන් පසු අැතිඋනු මෙම රාජපක්ෂ විලම්භීතය මෙතුන්ලොව පහල උනු මහා මලපෙරේතයාගෙන්වත් අපේක්ෂා නොකල, කිසිදු සබ්යය ලෝකයක රටක නොසිදුවුනු, නොසිදුවියයුතු, නින්දිතම දේශපාලන අත්දැකීමක් බව මුළු රටමත් මුළුලෝවැස්සනුත් අවිවාදයෙන් පිලිගනු ලබන්නකි. මෙය ඉතිහාසයට එකතුවන ලෝකයේ සිදුඋනු අමිහිරිතම දේශපාලනික අත්දැකීම වනු නියතය. දේශපාලන පොර පිටියේ මෙවන් කලු පැල්ලමක් සහ වැරදි පූර්වාදර්ශයක් සැපයූ රට මෙපින්බිම වීම මහත් අවාසනාවකි. පැරදුනු විධායක ජනාධිපතිවරයෙකු ගරුකටයුතු ලෙසද, නිහතමානී ලෙසද කටයුතු නොකර ජනතා පරමාධිපත්යට ගරු නොකොට මන්ත්රීවෙස්ගෙන යලි පැමිනෙන්නේ වසර 10 ක් පුරා අඛණ්ඩව අරලියගහ මන්දිරය නම් වූ තම නිවසේ භාර්යාවද සමග ලොවටම පෙනෙන්නට සෑම පුන්පොහෝ දිනකම දොහොත් මුදුන් නගාසිට බණ අැසූ දෙව්දත්තයා බව ජනතාව ඉතා සියුම් ලෙස තේරුම් බේරුම් කර ගත යුතු සුවිශේෂී යථාර්තයකි.

ඉදින් මෙවන් වටපිටාවක් තුල සාමාන්යය මනසකින් බලනවාට වඩා වැඩි තියුනු තෙවැනි අැසකින් නෙත් හෙලා වත්මන් ජනපති බලයට පැමිනිදාට පසුදින සිටම පවතින මෙම පෙරේත දිෂ්ඨිය පලවා හැරීමට සහයෝගීව කටයුතු කරනු මිස, නොඑසේව විශේෂයෙන් එතුමා බලයට පත්කල ජනතාවම මෙසේ එතුමන් තනි කිරීම, අසරන කිරීම, දුකට පත් කිරීම ඉතාමත් අසාධාරන ක්රියාවක් වන්නේය.


එය වඩාත් බරපතල අසාධාරනයක් වන්නේ තමන් වහන්සේද මූලික වී එතුමා පොදු අපේක්ෂකයා ලෙස කිරුළු පැලඳවූයේ සියයට දාහක්ම එතුමානන්ගේ උවමනාවට නොව යුගයේ පැවතී ඉතාමත් ඛේදනීයම වුනු යුග අත්යවශ්යයතාවක් වෙනුවෙන් බිල්ලට ගත් නරයා වීම නිසාය.. 

එනිසා සෝභිත හිමිපානෝ ප්රශ්න කර සිටිනවා තමන් වහන්සේ ජීවතුන් අතර සිටියදී අැසූදුටු බොහෝමයක් සවිණ්ඥානිකයින් සබුද්ධිකයින් හට මේ කුමක් සිදු වෙලාද කියා. පවතින විලම්භීත වටපිටාව තුල විෂන් එකට යාමට නම් මිෂන් එක සීරු මාරුවෙන් කල යුතුය. අරමුන දිනවා ජනසෙත සැලසීමට නම් දේශපාලනික වශයෙන් සමකාලීන සටකපට සහෝදර මිත්රයින් හා ඉතාමත් ඉවසීමෙන්ද, ඉතාමත් උපායශීලීවද, කටයුතු කල යුතු වූද ඩිංග බැරි වීමකින් යමරජුට වාසිවන කිසිදු ක්රියාවක් අසීරු කඩඉම් පසු කරනා තුරු නොසිදුවිය යුතු බව සැවොම අවබෝධ කරගත යුතු මනාය.

එවන් වාතාවරනයක් යටතේ දුරදක්නා නුවනින් යුතුව සරත් ෆොන්සේකා වැනි විශ්වසනීය අභීත සෙන්පතියන් සන්නද්ධ කරවීමෙහි කිසිදු වරදක් සෝභිතාවතාර නොදකී. උපාසක නයාගෙන් දරමිටි බැඳි යුගය අවසන් කල යුතුය. 

තව තවත් අවිණ්ඥානික මහජනතාවගේ සිත්සතන් දුෂ්යය කිරීමට පෙර රට වෙනුවෙන් කිසියම් තීරනයකට අවතීර්න විය යුතුය.

තොවිලය නැටුමට සිදුව අැත්තේ අාතූරයාත් යකැදුරාත් දැඩි අවධානමක පිහිටා අැති මලපෙරේතයකු සමග බව ඔබ සැම ඉතාමත් කාරුණිකවද, ඉවසිලිවන්තවද අවබෝධ කරගත යුතුමය.

තමන් සහ සදාසුරැකි තම භාර්යාව සහ දරුවන්ගේද ජීවිත (මරමරුවාගේ) පූජාසනය මත හිඳුවා ඔබ සැම වෙනුවෙන් දිවි පරදුවට තබා අැරඹි සංග්රාමය ඔබ සැමගේ සහාය අැතිව හෝ නැතිව නිමා කරනා බව සපත කරමියී.. ජනපති හදවත සෝභිතාවතාර විවර කරමින් පෙන්වා දෙයි. 
ඒ වෙනුවෙන් තමන් හා යලි නොගැලවෙනා ලෙස අත්වැල් බැඳගත් අතිශය විශ්වාස වන්තයා දසමහා යෝධයෙක් වන් වත්මන් අගමැති රනිල් හා සුසංයෝගීව, ජාතිය හමුවේත් සුවිශේෂීව සෝභිත වූ තමන් වහන්සේ හමුවේත් දුන් පොරොන්දු සියල්ල හැකි උපරිමයෙන් ඉටු කරනා බව දෙපලම එකාවන්ව නැවත නැවත පසක් කරයි..

දිනෙක තමන් දේශපාලන දිවියෙන් විශ්රාම යන්නේ හිටපු ජනපති වරුන් අගමැතිවරුන් ලබා ගත් ඵලයන් නොව මතු භවයන්හිදීද පාරමීදම් පිරුමට තමන් වහන්සේ ගෙන ගිය අාකාරයේම අානිසංශ බව අවිණ්ඥාණික ප්රජාව හමුවේ අවසන් වශයෙන් සපත කරමින් ජනපති මෛත්රීගේ සහ අගමැති රනිල්ගේ හදවත් තම අඩවිය ඔස්සේ නිරාවරනය කරමින් දැන්වත් හැකිනම් මෛත්රීව සහ රනිල්ව අවබෝධ කර ගැනීමට පිටුවහලක් මෙතුලින් ලබා සෝභිත හිමිපානන්ගේ සිහිනය යථාර්තයක් කිරීමට ජීවමානව සිටිනා වත්මන් ජනපති සහ අගමැති සුසංයෝගය පිලිබඳ සැක සාංකා අැති කර නොගන්නා ලෙස උන්වහන්සේ ඉතාමත් කාරුණිකව ඔබ සැමගෙන් අයැද සිටීයී.

පසු සටහන - අාතූරයා ලියනවා සෝභිතාවතාරය කියනවා, සෝභිතාවතාරය කියනවා අාතූරයා ලියනවා. සබුද්ධිකයින් හට වැටහෙන්නට ඕනා මෙවැනි සටහන් සැමතින්ම රටේ ඉතාමත් අඩු මට්ටමක වෙසෙනා සාමාන්‍ය මිනිසකුට කල නොහැක්කක් බව. සත්යය වශයෙන්ම මෙය ගුප්ත බලපෑමකි. නැතිබැරිකම් කොතෙක් තිබුනත් කිසිදු සොරකමක්, මැරකමක්, ජඩකමක්, අවිහිංසාවාදීකමක්, නොකොට ජීවත්වෙමින් සෝභිත හිමිපානන් හට ඉමහත් අාදරයක්, ගෞරවයක්, භක්තියක් තිබුනු නිසාම මෙම අතිභයානක කටයුත්ත වෙනුවෙන් සත්පුරවැසියා තෝරා ගැනීම සතුටක් උවත්, එදා මෛත්රීපාල මැතිතුමා හට තිබුනු අවධානම අද සත්පුරවැසියාටද එල්ලවිය හැකි උවද එදා එතුමන්ට මෙන් අද සත්පුරවැසියාටද මෙම භාරදූර කර්තව්යයෙන් ගැලවිය හැකි මගක් නොමැතිව අැත. අද සත්පුරවැසියා හට දවසේ රැකියාව පවා කරගත නොහැකි තරමට සෝභිතාවතාරයේ බලපෑම දැඩිවිය. පවතින වියාකූල තත්ත්වය පිලිබඳ හැකි ඉක්මනට දේදුනු විප්ලවයේ සැබෑ උරුමක්කාරයින් වූද, යහපාලනවාදී වූද, සවිණ්ඥානික, අවිණ්ඥානික, සබුද්ධික, අබුද්ධික සියළු ප්රජාවන් දැනුවත් කර මනසක් අැති මනුසතුන් නොව ම්ලේච්ච ගෝත්රික මලපේරේතයින්, පුම්භාණ්ඩයින්, පිසාචයින් පිරිවරාගත් රටක පහල නොවිය යුතුම වූ තෘෂ්නාධික පාපතරයා සමග වත්මන් ජනපති, අගමැති හට නටන්නට සිදුව අැති බලි තොවිලය චුත කිරීමට අඩු තරමින් චිත්ත ධෛර්යය හෝ ලබා දෙන ලෙස අනුශාසනා කරයි.
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
සෝභිතාවතාරයේ දැඩි උවමනාව මත සටහන් තැබූ අතූරයා වන මා සත්පුරවැසියායි

Thursday, February 11, 2016

අපවත් වී වදාල සෝභිත හිමිපානන්ගෙන් ෆේස්බුක් ලමයි කණ්ඩායමට වැදගත් පනිවිඩයක්..!

අපවත් වී වදාල සෝභිත හිමිපානන්ගෙන් ෆේස්බුක් ලමයි කණ්ඩායමට වැදගත් පනිවිඩයක්..!

අද දින ෆේස්බුක් ලමයි කණ්ඩායම හොඳ පෝස්ට් එකක් දාල තියෙනවා කියල (සත්පුරවැසියා) නොහොත් අපවත් වී වදාල සෝභිත හිමිපානන්ගේ අාතූරයා විසින් උන්වහන්සේගේ අාත්මයට දන්වන්නට යෙදුනි. ඒ වෙනුවෙන් උන්වහන්සේ ප්රතිචාර දක්වා අැත.



Facebook Link Address (https://www.facebook.com/SLBlood/photos/a.1534815463462178.1073741828.1534731483470576/1687076834902706/?type=3)
--------------------------------------------------------------------------------------------------------------------
එම පනිවිඩය උන්වහන්සේගේ මෙම අඩවියේත් අදාල ෆේස්බුක් පිටුවෙහිත් සඳහන් කරනා ලෙස උන්වහන්සේගේ අාතූරයා (සත්පුරවැසියා) වන මා හට අණ ලැබී අැත. එම නිසා අදාල කටයුත්ත අාතූරයා විසින් අණ පරිදි මෙසේ සිදුකරන්නට යෙදුනි..
--------------------------------------------------------------------------------------------------------------------

මෙම ලමුන් කණ්ඩායම එකතු වෙලා බලපෑම් කණ්ඩායමක් විදියට කරන සංවිධානාත්මක සත්කාර්යය අපවත් වී වදාල සෝභිත හිමිපානන්ගේ පැසසුමට ලක්ව අැති බව සෝභිතාවතාර අාතූරයා වන සත්පුරවැසියාට විශ්ව තරංග මගින් දැනුම් දී අැති බව සඳහන් කරමු. යහපාලන රජය පත්වී තවම වැඩි කාලයක් ගතව නොමැති නිසා දැන්ම වැඩිය අපහාස උපහාස ගැරහීම් සිදු නොකොට (ෂේප් නියායෙන්) මෛත්රීගෙන්.. මෛත්රීව අවශ්‍යතා ඉටු කර ගන්නා ලෙස පැවිදි දිවියක් ගත කල උන් වහන්සේ වදාරා සිටියී.

නමුත් යම් ලෙසකින් අවාසනාවන්ත ලෙස යහපාලන රජය ඉදිරි වසර 4 ර තුල සාධාරන සමාජයක් සඳහා වන මූලික අඩිතාලම ශක්තිමත් කිරීමට අපොහොසත්ව පෙර කල පැවති අධර්මිෂ්ඨ සහ යමපාලන යුගයන්ට වඩා වැඩි වෙනසක් සිදු නොකලහොත් ඊලඟ වතාවේ අලුත්ම අලුත් ජනතාවගේ අාණ්ඩුවක් බලයට ගෙන එන්නට ඔබ සැමගේ සහායට උන්වහන්සේගේ අාත්මය යලි විජරාමාන වන බව අවධාරනය කරයි.

උන් වහන්සේ අපවත් වුනු පසු ක්රියාකාරකම් බැලීමට උන්වහන්සේගේ (sobithawathara.blogspot.com) අඩවියට පිවිසෙන්න.

කෙසේ වතුදු තමන් වහන්සේ පැතූ සිහිනය එනම් යුක්තිය, සාධාරනය, සංහිඳියාව රජයන සමාජයක් බිහිකරනා තුරු නිවන් මගට නොපිවිසෙන බවත්.., තම අභිප්රායය මුදුන් පමුනුවන තුරු අවතාරයක් ලෙස බවයේ සැරිසරනා බවත් තීන්දු කරයි..
https://sobithawathara.blogspot.com
උන්වහන්සේගේ අාතූරයා වන මා සත්පුරවැසියායි

Tuesday, February 9, 2016

සංහිඳියාවේ අරුනලු - මහා වීදිය කොළඹ කොටුව - 2016/02/04 - Main Street - Colombo, Fort - SRI LANKA

--------------------------------------------------------------------------------------------
මහා වීදිය කොළඹ කොටුව - 2016/02/04
Main Street - Colombo, Fort - SRI LANKA
අද කොළඹ කොටුව මහා වීදියට  අැතුලු උනු සාමය, සතුට, සහජීවනය අගයන
කාටත් අැති උනේ මහ පුදුම සතුටක්
--------------------------------------------------------------------------------------------
සංහිඳියාවේ අරුනලු



සංහිඳියාවේ අරුනලු
සංහිඳියාවේ අරුනලු
සංහිඳියාවේ අරුනලු
සංහිඳියාවේ අරුනලු
සංහිඳියාවේ අරුනලු