Thursday, April 27, 2017

හිටපු යමපාලන ජනපති ඝාතනය කරන්නට අවශ්යයනම් ඒ සඳහා බලයේ සිටිනා අාණ්ඩුවකට අවස්ථාවක් සකසා ගැනීමට වසර 2 ක් පුරා පෙරුම් පුරමින් කල් මරන්නට අවශ්යය නැත අවශ්යයතාවයක් තිබුනේනම්. බලලෝභී දූෂිතයින්ගේ බහට රැවටී පච වපුරන්නන්ට පිලිතුරක්. තීන්දුව සබුද්ධික ජනතාවට භාරයි..!

===================================================
හිටපු යමපාලන ජනපති ඝාතනය කරන්නට අවශ්යයනම් ඒ සඳහා බලයේ සිටිනා අාණ්ඩුවකට අවස්ථාවක් සකසා ගැනීමට වසර 2 ක් පුරා පෙරුම් පුරමින් කල් මරන්නට අවශ්යය නැත අවශ්යයතාවයක් තිබුනේනම්. බලලෝභී දූෂිතයින්ගේ බහට රැවටී පච වපුරන්නන්ට පිලිතුරක්. තීන්දුව සබුද්ධික ජනතාවට භාරයි..!
===================================================

2010 ජනාධිපතිවරනයෙන් ජයග්රහනය කල සරත් ෆොන්සේකාගේ ප්රථිපලය විකෘති කාෙට හිටපු මැතිවරන කොමසාරිස්ට අාතතිය අැති වන්නට වැඩ සිදු කර....


තවත් හමුදාපතිවරයෙකුට යුද්ධය අවසන් කරන්නට ඉඩ තියන්නේ නැතැයි කියූ දේ කල කල දේ කී අභීත සෙන්පතියා සරත් ෆොන්සේකා බොරු චෝදනා පවරා අැදගෙන ගාෙස් හුස්ම ටිකවත් නිදහසේ ගන්නට බැරි අඳුරු කුටියක සිර ගත කොට උපක්රමශීලීව මියෑදෙන්නට කුමන්ත්රනය කල හිටපු යමපාලන ජනපති...

වත්මන් යහපාලන ජනපති මෛත්රීපාල සිරිසේන 2015 ජනාධිපතිවරනයේ පොදු අපේක්ෂකයාව සිටියදී අඩි 6 ක් පොලව යටට යවන්නට සිහින දුටු හිටපු යමපාලන ජනපති ඝාතනය කරන්නට අවශ්යයනම් ඒ සඳහා බලයේ සිටිනා අාණ්ඩුවකට අවස්ථාවක් සකසා ගැනීමට වසර 2 ක් පුරා පෙරුම් පුරමින් කල් මරන්නට අවශ්යය නැත අවශ්යයතාවයක් තිබුනේනම්.

නමුත් දෛවයේ සරදමකට හෝ යම් ලෙසකින් 2015 ජනවාරි 8 අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ දේදුනු විප්ලවය කනපිට හැරී හිටපු ජනපති යලිත් බලයට පැමිනියානම්...

මේ වන විට වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා, ඊනිව්ස් කතුවරයා, සෝභිත මාහිමිපානෝ අැතුළු තවත් දේදුනු විප්ලවයේ සෙන්පතියන් ගනනාවක් මරා වැලලූ තැන්වලින් මතුඋනු නිදිකුම්බා ගස්වල මල්ද... පොඩිසිංඥාමරං ගස්වල මල්ද දැක ගත හැකි වන්නේ ඒ මලකඳන් මෝර තටාකවල නාෙගිල්වූවොත් හෝ ගිරිතලේදී මුහුදු පත්ලට නොගොස් තිබුනහොත් පමනි.

එම නිසා ජිවිත අවධානමක් තිබුනේ කාටද යන්න මැනවින් සිහියෙන් බුද්ධියෙන් සිතා බලා කිරා මැන නිවැරදි තීන්දු ගත් යහපාලනවාදී දේදුනු ප්රජාව නාෙසැලී සිටිනා තාක් මින් මනත මේ රටේ යහපාලනයක්ම මිස යමපාලනයක් වනු හෝ කරවනු බොරුය.

එමෙන්ම සියළු පාට පක්ෂවල සිටිනා පිරිසිඳු දේශපාලකයින් සහ ඒකරාශී කරගන්නට සැලසුම් කර අැති නව්යය මුහුනු සහ කුළුඳුල් නව නායකත්වයක්ද සමගින් 2020 දී මේ රටේ දේශපාලනය ලෝකයටම පරමාදර්ශී වෙමින් මහා ජන බලයක් සමගින් නව්යය දේශපාලන සංස්කෘතියක් බිහි කොට දූෂිත මැර තක්කඩි දේශපාලකයින්ගේ ඉරනමත්... දශක ගනනාවක් විඳි දුක් කරදර පීඩා දුරු කොට මෙරට ජනතාවගේත් මතු පරම්පරාවන්ගේත් දෛවයත් රන් අකුරින් ලියා සෝභිත මාහිමිපානන්ගේ සිහිනය වූ ජාති අාගම් කුල මල භේදයන්ගෙන් තොරව සැමට සාධාරන සමාජයක් බිහිකරලීමේ අවසන් මෙහෙයුම සක්රීය කොට බල ගන්වන බවට නැවත නැවතත් සපත කරමි.

සෝභිතාවතාර විශ්වයේ සිට අවධාරනය කරයි.
2017/04/27

No comments:

Post a Comment