Wednesday, March 8, 2017

තම ණය ගෙවීම සහ ජාතිය ණය කරවීම - මල්ලිලාගේ Facebook පෝස්ට් එකට පොඩි අටුවාටිකාවක්

 තම ණය ගෙවීම සහ  ජාතිය ණය කරවීම 
https://www.facebook.com/priyadarsani.jansen/posts/1609709559043410
වැදූ මවටත් රටටත් අැති ණය තමන්ලා ගෙවා හමාර කලා වගේම මෙම අපූරු සහෝදරයින් ඉතාම වැදගත් කටයුත්තක් ලෙස කල්පනා කොට සිදු නාෙකල යුතුව තිබුනේ රටේ දරුවන්ගේ ජීවිතවල වටිනා අනාගතයට මේසා විශාල ධනස්කන්දයක් කාබාසිනියා කල නාස්තිකාර ණය බරක් උරුම කොට ලෝකයට වසර ගනනාවක ණය කරුවන් නොකර සිටිිමය.

එනිසා ඔබ තුමන්ලා රටට සිදු කල යහපත අභිබවා යන සේ රටේ සහ මතු පරපුරේ අනාගතයට සිදු කල විනාශයේ පාපයෙන් අත් මිදෙන්නට රැස් කර ගත්තා යැයි සිතා සිටිනා පින මදි වේවි බොහෝමත්ම...

තම ජීවිතය පරදුවට තබා දේදුනු විප්ලවයේ නියමු කර්තව්යයට පණදුන් අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් සහ වත්මන් ජනපති නොවෙන්නට මේ වනවිට මේ රට නරකාදියක් වන්නට හොඳටම ඉඩකඩ තිබුනි.

ඒ දුර්දාන්ත දූෂිත රස්තියාදුකාර යමපාලනය පෙරලා ඉඩිඅමින්ලා, පාදඩවංශලා, මර්වියාලා, ෂෝඨාබසිල්නාමුල්ලා අතුගා දමා රටට යහපාලනයේ අරුනළු ගෙන අා ඒ පින උදෙසා වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා මේ වන විටත් වැදූ මවටත් මාතෘ භූමියටත් අැති ණය ගෙවා හමාර වී අැති අතරම සංසාරය පුරාම පවතිනා ණය සියල්ල 2020 වන විටදී පොලිත් සමගම ගෙවා හමාර කොට තව දුරටත් අනීති සාදාගෙන බලයේ ඉන්නට වෙර නොදරා රටට නව ව්යස්ථාවක්ද ජනිත කාෙට සැනසිලි සිතින් විශ්රාම යන සැටි රටටමත් ලෝකයටමත් අර තණ්හාධිපතියන් සියල්ලටමත් දැක බලාගත හැකි වනු අැති බව නියත අනාවැකියකි.

සෝභිතාවතාර
2017/03/09 අළුයම 00.40 ට සටහන් තැබූ වගයි.
http://sobithawathara.blogspot.com/

No comments:

Post a Comment