Tuesday, March 7, 2017

නියත මරනය සැපයක් වන්නේ කාටද...

නියත මරනය සැපයක් වන්නේ කාටද...
https://www.facebook.com/Ur.Chandakitthi 
සමාවන්න හිමියනි ඔබ වහන්සේගේ යෝජනාවට මෙවන් අදහසක් පලකලාට....

අපේ රටේ ඉන්න සහ හිටපු සමහර දූෂිත දේශපාලකයින් නම් හිතාගෙන ඉන්නේ ජීවිතය නමැති නවාතැන් පොල යනු ලබන අාත්මයට ප්රයෝජනයට ගන්නට හැකි වන ලෙස අැති තරම් ජනතාවගේ ධනය සොරාගෙන ඒවා වෙනත් රටවල අැති බැංකු ගිණුම්වල සඟවා තබල මරනයට පත්වූ පසු නැවතත් ඉපදිලා අර සඟවපු ධනය අරගෙන සංසාරය පුරාම මේ අාකාරයට දිගින් දිගටම සුරසැප විඳින්නට හැකියී කියල නොවේද...


ඒ නිසානේ මේ සොර දෙටුවන්ගේ සොරකම්වල නිමක් නාෙමැත්තේ. බුදු අප්පේ මෙහෙමත් ජනතා මුදල් සොරකම් කරපු උන්ට යන්න අපායවලුත් අලුතින්ම හදන්න වෙයි විශ්ව පාලන දෙවියන් හට.



හැබැයි යථාර්තය නම් මියගිය පසු නොව ජීවත්ව සිටියදීම මෙවන් පවුවලට වන්දි ගෙවන්නට නොසිදු උවහොත් අපි විශ්වාස කරනා අාගම දහම බොරුය.


මේ අය හිරේ විලංගුවේ නොවැටුනත් ජීවිතයේ ඉතිරි ටික මියෙන තුරාම හූල්ලලා...,හූල්ලලා...,හූල්ලලා...,හූල්ලලා...,

අාතතියෙන් හදවත ගිනිගෙන තමයි මරනයට පත්වන්නට සිදුවන්නේ... මොවුන්ගේ තත්ත්වය දැනටමත් ඒ අවස්ථාවට පාත්ර වෙලයි තියෙන්නේ. ඔය පෙන්නැද්ද දැන් ඒ හොරු සේරම නටන නෙයියාඩගම්වල තරම. ඔලුගෙඩි ටික අැති නිකම් යකාගේ කම්මල වගේ. විඳෝපල්ලා තව විඳෝපල්ලා උඹලට ඒ මරනය දැන්ම දෙන්නේ නැහැ මරුවා. උඹලා සිත්වලින් තව හාෙඳට විඳවන්න ඕනා. තම තමනන්ලා ජනතාවට සිදු කල අපරාධ සිහිපත් කර කර තව විඳවන්න ඕනා. විඳෙව්වා තව හොඳටම මදි. තව ඉස්සරහට මෙහෙම නොවේ විඳවන්න වෙන්නේ. සෝභිතාවතාර අද කිව්වා කියලා ලියල තියා ගනිල්ලා. ඊට වඩා සත්යයක් මේ තුන් ලොව තවත් නෑ.. බොලංනේ...

ඉතින් එවන් වූ මරනයකට පත්වන්නට සිදුවනා අයට තමයි හිමියනි මරනය දුකක් වන්නේ. පස් පවින් වැලකිලා ද්වේශ,ක්රෝද,මෝහ යන්ගෙන් සිත නිදහස්ව යහ පැවැත්මෙන් ජීවිතය ගතකරන්නවුන් හට දිනෙකදි නියත මරනය අති උතුම් වූ සැපයක් මිස වෙන් අන් කිමෙක්ද සංසාර ගමන කෙටි කර ගත හැකි....


සෝභිතාවතාර
2017/03/08
http://sobithawathara.blogspot.com/

No comments:

Post a Comment