Saturday, June 25, 2016

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය යනු විශ්වාසයකි.. අැදහිල්ලකි.. යථාර්තයකි.

පුවතක් - 

යහපාලනයට පෙර රට පාලනය කරන්න..! අසිපත මුවහත පිණිස ගලේ ඇතුල්ලුවා වැඩිය: දැන් එය ගෙවෙන්න පටන් ගෙනය

-නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්නගේ විග්‍රහය
(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.25, ප.ව‍‍‍‍‍‍.2.45) 
දේදුනු විප්ලවයේ කොටස්කාර පාර්ශවයේ ඉහත ප්වෘත්තියට වැඩිමනත් වශයෙනි... 
===============================================
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය යනු විශ්වාසයකි..අැදහිල්ලකි.. යථාර්තයකි.
===============================================
අවුලක් නැත. අපවත් වී වදාල සෝභිත හිමිපානන්ගේ පුරෝගාමීත්වයෙන් බිහිවුනු සාධාරන සමාජයක් බිහිකිරීම සඳහා වන දේදුනු විප්ලවය දියත් වී හමාරය. යලි එය කිසිදා නොනවතීයී...

වර්තමානය වන විට එය අැදහිල්ලක් බවටත්... විශ්වාසයක් බවටත්... යථාර්තයක් බවටත් පත්ව හමාරය.  

විනිවිදභාවය පසක් කරමින් පසුව එම විශ්වාසය තව දුරටත් යාවත්කාලීන කර නිර්පාක්ෂික අැදහිල්ලක් බවට පරිවර්තනය කල සෝභිත මාහිමිපානන් අපවත් වුවද තම සිහිනය තුලින් තවමත් බැහැරව නැත. උන්වහන්සේ සත්පුරවැසියා තම අාතූරයා ලෙස පත්කර ගත්තේද එම කාර්යය භාරය වඩාත් ප්රායෝගිකවද... කාර්යක්ෂමවද සිදු කිරීම උදෙසාය.

එය සැබෑවක් යථාර්තයක් වන තුරු උන් වහන්සේ අවතාරයක්ව විශ්වයේ සැරි සරමින් අපට මාර්ගෝපදේශකත්වයත් ධෛර්යයත් නිරන්තරව ලබා දෙමින් අදෘශ්යමානව වැඩ වසයි.

යහපාලන ලැදි සබුද්ධික තීරක ප්රජාව විසින් මෛත්රී රනිල් සුසංයෝගය වෙත අපේක්ෂා කල වෙනස ඉෂ්ඨ සිද්ධ කිරීම වෙනුවෙන් සංක්රාන්ති සමයක් ලබා දී අැත. මේ ගෙවී යමින් පවතින්නේ ඒ වටිනා කාල පරාසයයි. අසමත් වීමට පෙර ඔවුන් තම වගකීම සියයට 75 ක ප්රතිශතයකටවත් ලඟා කරවිය යුතුමය.

තවත් වසර තුනහමාරකින් මීලඟ ජනාධිපතිවරනය පැවැත්වේ. දේදුනු විප්ලව කරුවන් දේශපාලන අතකොළු හෝ ගැත්තන් නොවේ. සැම විටම ඔවුන් අරමුන දිනවීමේ නොනවතින අරගලය තුල පමනක් නිර්පාක්ෂිකවද සම්මුතිවාදීවද ජීවත් වෙයි. ඒ මන්ද යත් ඔවුන් හට අවශ්ය කරන්නේ තනතුරු තානාන්තර මිල මුදල් මත්පැන් බත්මුල් නොව.. රටේ සියල්ලන්ගේම පොඩි උන්හට (මතු පරපුර වෙනුවෙන්) ගරු කටයුතු ලෙස ජීවත් විය හැකි  පිරිසිඳු රටක් පමනි.

එනිසා මින් මතු යමපල්ලන් දූෂකයින් බලයට පත් කිරීමක් දේදුනු විප්ලවීය නොනවතින අරගලය පවතින තාක් මෙරට සිදු නාෙවනු නියතය.

වර්තමානය වන විට අවබෝධය ලබමින් සිටිනා මහින්ද මායාවේ අන්ධ කඩතුරාවෙන් දෑස් බැඳ සිටි 58 ලක්ෂය තුල සිටිනා සබුද්ධික ජනතාවද.. දිනෙන් දින 62 ලක්ෂයේ පාෙදු අපේක්ෂීය දේදුනු පදනම වෙත ගාල් වෙමින් පවතී. නුදුරු අනාගතයේදී එය මේ රට අාපසු හරවනා සුවිශේෂී මහා බලයක් වනු අැත. හැඟීම්වලට වහල් වී රට වෙනුවෙන් අක්ඥාණවන්ත තීරන ගත් පාට පක්ෂ දේශපාලනය කුණු කූඩයට දැමූ සම්මුතිවාදී දේශපාලනයේ පරම හරය වන්නා වූ ලෝක දේශපාලනයේ නව්යය වූ තාක්ෂනික දිගුවේ අැරඹුම වනු අැත.

එනිසා මෛත්රී/රනිල් සුසංයෝගය මෙම පලමු කඩඉම තුල දේදුනු විප්ලවයේ පරම සත්යය අරමුන කිසියම් ප්රමානයකට හෝ යථාර්තයක් නොකලහොත් ඔවුන් තවදුරටත් එම කටයුත්ත ඉදිරියට ගෙන යාමට සුදුස්සන් නොවනු අැත..!

ඉනික්බිති මේ රටේ අැතිවන්නා වූ දේදුනු විප්ලවයේ 2 න සංග්රාමය තුල ශ්රීලංකා යූඑන්පී යන පාට පක්ෂ දේශපාලනික සංකල්ප සාේදා පාළුවී යනු අැත. හොරු තක්කඩි දූෂක අපරාධ කරුවන් නොමැති නවමු බලවේගයක් සෝභිත හිමිපානන්ගේ විශ්ව බලය තුල නිර්මානය වනු අැත. එය ජයග්රහනය කොට මෙම රට මකා දමා අපුල්ලා අලුතින් යාවත්කාලීන කර හෙට දවසේ බිහිවන දරුවාට පිවිතුරු රටක් බිහි කරනු අැත.

නමුත් දේදුනු විප්ලවය අාරම්භයේදී නොපෙනුනු දුෂ්ඨ මායාවක් නිසා මෛත්රී රනිල් කිසියම් වූ සාධාරන ප්රායෝගික පටැලැවිල්ලක සිරවී සිටිනා බව සබුද්ධික දේදුනු ජනතාව අවබෝධ කොට ගත යුතුය. ඒ අන්කිසිවක් නොව මහින්ද මලපෙරේත දිස්ඨියේ මහා දෝෂයයි.

එවැන්නක් හිටපු ජනාධිපතිවරයෙකුගෙන් කිසිසේත් අපේක්ෂා කල හොහැකි තරම් දීන වෛර,ද්වේශ,ක්රෝධ,මෝහ සියළු පව් කැටිකල පහත් ප්රතිචාරයකි.

ඒ නිසාම මෛත්රී රනිල් සුසංයෝගය වෙනුවෙන් අදාල කර්තව්යය සඳහා අමතර කාලයක් ලබා දීමේ අවශ්යයතාව පවතී. 

මන්ද යත් එම දෙපලට මෙම අසීරු සුද්ධ පවිත්ර කිරීම සිදු කරන්නට සිදුව අැත්තේ හෙනරාජ තෛලය ගත තවරාගෙන අදෘශ්යමානව අායුධ අමෝරා ඔවුන් විනාශ කිරීමට සැදී පැහැදී කපන්න බැරි අත සිඹිමින් සිටිනා දූෂිත මහින්ද ගැත්තෝ යහපාලන රජය තුල ස්ථාන ගතව සිටිනා බැවිනි.

නමුත් මෛත්රී ඒ ද්රෝහීන් හා අකමැත්තෙන් මුත් මිත්රත්වයෙන් පසුවන්නේ යනඑන මං නැතිවී සිටිනා අවස්ථාවාදී මහින්දට සහ ඒ වනචර පිලට ශ්රීලංකා නිදහස් පක්ෂ චන්ද පදනමින් කොටසක්වත් ගලවා ගැනීමට ඉඩ අහුරාලීම සඳහා විය හැක. එනිසා මෙහිදී මෛත්රීගේ හැසීරීම සාධාරනීය කල හැක. නමුත් රනිල් ඒ ද්රෝහීන් හා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මුත් මිත්රත්වයෙන් පසුවන්නේ සැබවින්ම සම්මුතිවාදී යැයි මුවින් පැවසුවද යටි සිතින් තම පක්ෂය අාරක්ෂා කිරීම සහ තම අාසන්නතම අනුගාමිකයින් හට පක්ෂය අාරක්ෂාකර දීම සඳහා ශ්රීලංකා නිදහස් පක්ෂය මහින්ද ලවා දෙකඩ කරවීමේ දෙපිට කාට්ටු චින්තනයක් තුලද යන්න අවබෝධ කර ගැනීමට අප සැමද රනිල්ගේ ලෙච්චවී සම්මුතිවාදය තුල තව ටිකක් තෙම්පරාදු වෙමින් බලා සිටිය යුතුව අැත. මන්ද යත් මේ උන්දාගේ මැස්මොරයිස් වැඩ ඉතා සංකීර්න ස්වරූපයක් ගන්නා නිසාය.

කෙසේ වෙතත් කැමති උවත් අකමැති උවත්... කොතරම් අසීරු උවත් නැතත්... දේදුනු න්යාය පත්රය නිසි ලෙස සම්පූර්න කිරීමට මෙම දෙපල අනිවාර්යයෙන් බැඳී සිටීයි. ඒ මන්ද යත් සෝභිත හිමිපානන්ගේ දේදුනු සැලැස්ම නොවෙන්නට අද මේ දෙපලම මහින්ද මෙන් නිකම්ම නිකන් මන්ත්රීවරුන් පමනක් නිසාය. එම නිසා අපවත් වී වදාල සෝභිත හිමිගේ අවතාරයේ උදහසට පාත්ර නොවී නිතිපතා සහෝදර දේදුනු වාදීන් සහ සෝභිතාවතාර සියළු මාධ්යයන් ඔස්සේ යාවත්කාලීන කරනා අවවාද, උපදෙස් සහ බුද්ධි තොරතුරු නිසිලෙස අධ්යයනය කර මුල් අරමුන කරා රට ගෙන යාමේ නොනවතින මාවතේ යහපාලනවාදී දේදුනු ප්රජාව හා ගමන් කල යුතු වීම මෛත්රී සහ රනිල්ට අනිවාර්යය කොන්දේසියක් වෙයි...

ඒ වගේම ඔවුන්ගේ අනාගතය රැඳී පවතින්නේද මෙම අනිවාර්යය නියමය ඉෂ්ඨ කිරීම හෝ නොකිරීම මතය... එම නිසා විප්ලවීය දේදුනුවාදීන් හට සැකබිය අැති කර ගැනීමට අවශ්යය නැත. සෝභිත හිමිගේ පිරිත් නූල් ගැටය මෙම දෙපලට පාරාවලල්ලක් වී හමාරය. එනිසා මොවුන් වැඩේ නොකර ගෙදර ගියොත් මුන්ගේ අඹුවන් නසී... නොඑසේව මග සිටියොත් මුන් දෙපල මගදිීම නසීයී. තීරනය ඒ දෙපල සතු වේ..!

ස්තුතියී.
යහපාලන ලැදි සබුද්ධික සියළු ප්රජාව සමග සෝභිතාවතාර 

No comments:

Post a Comment